IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ණයකර සඳහා ඉල්ලුමක් ඇතිවිය හැකි ලකුණු

ඊයේ ගනුදෙනු අවසානයේ දී (මැයි 08) ලැයිස්තුගත සමාගම් දහ තුනක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉහළම මිලට ළඟා වූ අතර සමාගම් තුනක පමණක් කොටස් මිල සති පනස් දෙකක කාලයේ අවම අගයට ප්‍රවේශ වී තිබුණි. දිනයේ ආරම්භයේ සිට ප්‍රමාණවත් වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි. 

ලංකා බැංකුව රු.මිලියන සියයක සහ රු. මිලියන පනහක වශයෙන් ණයකර දෙකක් නිකුත් කිරීම සඳහා සූදානම් වන අතර අවම වශයෙන් සියයට 11.25 ක පොලියක් පිරිනැමේ මෙම ණයකර සඳහා ඉල්ලුම අනුව රුපියල් බිලියන පහක් දක්වා ණයකරය තවත් වටයකින් නිකත් කරනු ඇති බව දැක්වේ.  ෆස්ට් කැපිටල් මිලියන තුන්දහසක ණයකරයක් නිකුත් කර ඇත. මර්චන්ට් බෑංක් ඔෆ් ශ්‍රී ලංකා තවත් ණයකරයක් නිකුත් කර ඇති අතර එය රු. මිලියන පන්සියයකි. ඉල්ලුම අනුව  රු.බිලියනයක් දක්වා වැඩිකරනු ඇත. මෙම පැති සඳහා ආයෝජන යොමුවුවහොත් දෛනික ගනුදෙනු සීමාවීමට ඉඩ තිබේ.

සියළු කොටස් මිල දර්ශකය ඒකක 15,925.92 ක් ව අතර එය දර්ශක 84.32 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,655.15 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 21.01 ක වර්ධනයක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 14,414 ක් වාර්තා වූ අතර සමාගම් 158 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 53 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,674.56 කි. 

රීල් රු. මිලියන 170 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 87 ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 57 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 55 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 51 ක්,  මෙල්ස්ට්‍රාක්‍රොප් රු. මිලියන 50 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 42 ක්, එල්.වී.එල් එනර්ජි රු. මිලියන 37 ක්, ග්‍රේන් එලිවේටර්ස් රු. මිලියන  32 ක්, ලයන් බෲවරි රු. මිලියන 31 ක් සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 29 ක් සහ වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 25 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම්  අතර තිබුණි. 



අදහස් (0)

ණයකර සඳහා ඉල්ලුමක් ඇතිවිය හැකි ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site