IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩිජිටල්කරණයෙන් සියලු‍ම ගනුදෙනු විගණනය කරන්න පුළුවන්

යොහාන් භාසුර


ශ්‍රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු‍ ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහැකි බවත් එම ඩිජිටල්කරණය ඔස්සේම සියලු‍ම ගනුදෙනුවල විගණනයක් කිරීමේ හැකියාව ද ලැබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසීය.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඉන්දික ද සොයිසා මහතා එසේ පැවසීය.

කිව්.ආර්. කේතයක් හරහා සියලු‍ම ගෙවීම් කිරීම මේ වන විට සංචාරක කලාපවල ආරම්භ කර ඇති බව කී ඉන්දික ද සොයිසා මහතා ගාලු‍ කොටුව හෝ පින්නවල වැනි ප්‍රදේශක සංචාරය කළ හොත් ඒ ආකාරයට ගෙවීම් කළ හැකි බව ද සඳහන් කළේය.  

මෙරට ඩිජිටල්කරණ දැනට පවතින ස්ථානයේ සිට රටපුරා ව්‍යාප්ත කිරීම කරන ආකාරය පිළිබඳව මේ වන විට සැලසුම් සකස්කරමින් සිටින බව කී ඉන්දික ද සොයිසා පැවසුවේ හැකි ඉක්මනින් ඩිජිටල් ගෙවීම් රටපුරා ව්‍යාපෘත කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය කර්මාන්තයක් හැටියට සියලු‍ම දෙනා බදු ගෙවියයුතු යැයි මතයේ සිටින බවත් කෙසේ වෙතත් එම ගෙවන බදුවලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට ප්‍රතිලාභයක් ලැබිය යුතු බවත් ඒ මහතා පැවසීය.

එම බදු මුදල්වලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට හොඳ පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කරන බවත් එවැනි පරිසරයක් නිර්මාණය වුවහොත් රටහැර යන පිරිස ද අඩුවනු ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා කීය. 



අදහස් (0)

ඩිජිටල්කරණයෙන් සියලු‍ම ගනුදෙනු විගණනය කරන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site