මාතර, කඹුරුගමුව, තල් අරඹ වෙරළ තීරයේ මීටර් 850ක පමණ කොටසක් පිරිසුදු කිරීමේ කාර්යය තම දෑතට ගනිමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය සමාජ සුබ සාධන සහ පරිසර තිරසාරත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙහෙවරේ තවත් එක් සංධිස්ථානයක් සිනිටුහන් කිරීමට පසුගියදා කටයුතු කළේය.
ශ්‍රී ලංකාව වටා වෙරළ තීරයේ පිරිසුදුකම රැක ගනිමින් ආකර්ෂණීය වෙරළ තීරයක් පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙළට අනුව පුත්තලම සිට හම්බන්තොට දක්වා වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙය හැඳින්විය හැකිය.
ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මාතර මෙහෙයුම් කාර්යාලය ආසන්නයේ මෙම වැඩසටහන දියත් කෙරුණු අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය විසින් එම කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.
දේශීය සහ විදේශීය සංචාරකයන්ට පිරිසුදු වෙරළ තීරයක් දායද කරමින් වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවූ මෙම වැඩසටහනට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කණ්ඩායම සමග ස්වේච්ඡාවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක්ද සහභාගී වී සිටීම විශේෂ කරුණක් විය.
පරිසර ආරක්ෂණයට ඇති කැපවීම තවදුරටත් තහවුරු කරමින් 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන අංශයේ ජනාධිපති පරිසර සම්මානයෙන් (කුසලතා) ඬේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පිදුම් ලැබුවේය. එසේම 2019 Top 50 Professional & Career Women Awards – Ninth Edition (Sri Lanka & Maldives) සම්මාන උළෙලේදී පෞද්ගලික අංශයේ හොඳම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනට හිමි රන් සම්මානය හිමි කර ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට හැකි විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩේවිඩ් පීරිස් සමූහය ජාතික වෙරළ පිරිසුදු කිරීමට එක්වෙයි