
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි.
මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග කළ අතර මේ වන විට එය යළි අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වී තිබුණි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉල්ලීම මත නැවතත් මෙම මධ්‍යස්ථාන යුගලය අලුත්වැඩියා කිරීමට ඉදිරිපත් වුණු ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබ සාධක අංශය විසින් මුදල් වැය කර එහි තීන්ත ආලේප කිරීම, දැවමය අලුත්වැඩියාව, ගෘහ භාණ්ඩ, තිර රෙදි, විදුලි වැඩි දියුණු කිරීම්, රූපවාහිණී යන්ත්‍ර ලබාදීම ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවක් සිදු කරන ලදී. මෙම වැඩි දියුණු කිරීම්වලින් රට වෙනුවෙන් තම ජීවිත කැප කළ රණවිරුවන්ට සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමට අරමුණු කෙරේ.
ප්‍රතිසංස්කරණය කරන ලද මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී - මෙහෙයුම් කෝසල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා හමුදාවට නිල වශයෙන් බාර දෙන ලදී. එම අවස්ථාවට අභිමංසල අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ලියනගේ ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සුබසාධන කමිටුවේ සාමාජිකයන් වන ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය අංශ භාර කළමනාකරු - වාහන විකුණුම් සම්පත් වීරකෝන්, අභ්‍යන්තර සහ බාහිර සන්නිවේදන ප්‍රධානී දසුන් එදිරිසිංහ, ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් කළමනාකරු - අය කර ගැනීම් දුමින්ද ඒකනායක, අලෙවි විධායක නිර්මාණ ඩයස් යන මහත්වරු සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී - මෙහෙයුම් කෝසල රත්නායක මහතා මෙසේ පැවසූවේය. ”යුද්ධය අවසන් වී කෙටි කලකට පසු අපගේ රණවිරුවන්ගේ පරිහරණය උදෙසා අපි මේ මධ්‍යස්ථාන දෙක පරිත්‍යාග කිරීම සිදු කළා. රණවිරුවන්ට අපගේ ගෞරවය දැක්වීමේ සංකේතයක් ලෙස අපි එම කර්ය සිදු කළ අතර ඉන් වසර 14කට පසුවත් අපි එම මධ්‍යස්ථාන රැකබලා ගැනීම සිදු කරනවා. මෙම මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ලැබීම අපිට ආඩම්බරයක්.”


2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවට අතහිත