IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩොලරය 192 ට නගී

හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (30) 192 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (30) 192.50 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192.50 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.40ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 27 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත සඳහන් කරයි.

එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.7කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.4කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත. 

එසේ වුවත් යූරෝ මුදල් ඒකකකයට සාපේක්ෂව 2.8 % කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.2 %කින් ද අවප්‍රමාණය වී ඇත. 



අදහස් (9)

ඩොලරය 192 ට නගී

Dilan Monday, 30 March 2020 07:49 AM

?

:       1       4

Looka Monday, 30 March 2020 07:55 AM

බන්දුලට සතුටු ඇති කියලා හිතෙනවා.

:       2       93

SamanMonday, 30 March 2020 09:36 AM

කවුරු වුණත් දේශපාලන අන්ධ බාලයෙක්...

:       56       1

ass charyaTuesday, 31 March 2020 05:25 AM

පහුගිය ආණ්ඩුව කාලේ ඔහෙත් හොද අද බාලයෙක් තමයි.

:       0       0

ලුම්බිණි Monday, 30 March 2020 08:30 AM

දැන් කවුරුවත් රුපියල් ගැන කතා කරන්නේ නැහැ නේද? සියලුම දේශපාලකයන් අතුරුදහන් වෙලා.

:       2       132

kusalMonday, 30 March 2020 01:26 PM

හැම බෝක්කුවකම වැලි , කතාකොරගන්න බැරිතරමටම වැලි ..!

:       0       18

අසංග උඩහගේ Monday, 30 March 2020 08:36 AM

ඇමරිකානු ඩොලරයක හුවමාරු වටිනාකම ලෙස වෙනස් විය යුතුය..

:       7       4

lanka Monday, 30 March 2020 12:23 PM

ජාතික ප්‍රේමය ඉදිරියට දාලා මිනිස්සුන්ව පාලනය නොකර විදේශගත ලාංකිකයන්ව තරහ කරගත්තොත් ඕක කියට නැගලා නවතීද දන්නේ නැහැ .

:       0       55

mahinda Thursday, 02 April 2020 04:13 AM

පාස්කු ප්‍රහාරය කාලෙත් ඔහොම වුනා ඔස්තාර්ලා කිව්වේ ආණ්ඩුව මොටද මෙහෙම වෙනවනම් කියලා අද ඒ ඔස්තාර්ලා කොරෝන එත් පොදු මහජනයාට තේරෙනව රටේ ආර්ථිකය ගැන ඔය කිසි දෙයක් හරියට කරගන්න බැරි හුඟ දෙනෙක් ආචාර්ය ,මහාචාර්ය ල තමයි දෙපැත්තේම කුස්සියේ වැඩ කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site