
දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී.
උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මගින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්මවලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ කැපවීම මේ තුළින් තවදුරටත් ශක්තිමත් කෙරේ. මෙම නව සායනය විශේෂිත මෞත්‍ර විද්‍යා ප්‍රතිකාර වෙනුවෙන්ම ස්ථාපිත කර ඇති අතර, රෝගියාගේ සුවපහසුව, කාර්යක්ෂමතාව සහ නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි.
රෝගීන් සඳහා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ස්ථාපිත කළ මෙම සායනය අති නවීන පහසුකම්වලින් සමන්විත වේ. එය රෝගීන් පරීක්ෂා කිරීමේ කාමර 5කින් සහ අංගසම්පූර්ණ ප්‍රතිකාර අංශයකින් සමන්විත වන අතර, ක්‍රමවත්ව උපදේශන ලබාගැනීමටත්, ප්‍රතිකාර සුමට කිරීමටත් එමගින් ඉඩ සැලසේ. තවද ඉතාමත් නිවැරදිව රෝග විනිශ්චය කිරීම සහ ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයද මෙම සායනය සතු වන අතර, එමඟින් නිරවද්‍ය හා ඵලදායී සත්කාර ලබා ගත හැකිය.
රෝගීන්ට වන බලපෑම අවම කරමින් මුත්‍ර මාර්ගයේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කෙරෙන සිස්ට්‍රස්කොපි ඇතුළු පුළුල් පරාසයක පහසුකම් රැසක් මෙහිදී ලබාගත හැක. මීට අමතරව, විශේෂඥ අධීක්ෂණය යටතේ ස්ටෙන්ට් ආරක්ෂිතව සහ ඵලදායී ලෙස ඉවත් කිරීම සහ උසස් කැතීටරීකරණ ශිල්පීය ක්‍රම භාවිතයෙන් කැතීටර් නිවැරදිව සහ පහසුවෙන් ස්ථානගත කිරීමද මෙම සායනය මගින් සිදු කෙරේ.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩර්ඩන්ස් රෝහල විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි