IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඩයලොග් වෙතින් ලක්ෂයකට නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව

පාසල් සිසු දරු දැරියන්ට අවශ්‍ය වන අන්තර්ජාල පහසුකම් සඳහා වන ඩේටා කාඩ්පත් අද වනවිට ඔවුන්ගේ අධ්‍යාපනයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති තත්ත්වයක් තුළ දැනුම සොයා යාමේ කාර්යයේ නිරත ලාංකීය දූ දරුවන් වෙත දිරිය ලබා දෙමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආයතනය දිවයිනේ දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් ‘නැණදිරි’ ඩේටා ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉදිරිපත් වී ඇත. දිවයින පුරා පිහිටි තෝරාගත් පාසල්වල ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන දරුවන් ලක්ෂයක් වෙනුවෙන් නොමිලේ ඩේටා ප්‍රදානය කිරීම මෙම ශිෂ්‍යත්වය මගින් සිදුවේ. මෙහිදී එම සිසුන්ගේ ඉගෙනුම් සහ අධ්‍යාපන කාර්යයන් සඳහා මාසිකව 10GB ඩේටා ප්‍රමාණයක් සෑම ශිෂ්‍යත්ව ලාභියකු වෙතම හිමිවන අතර, මෙම ශිෂ්‍යත්වය මාස 3ක් දක්වා අඛණ්ඩව ලබාදීමට සැලසුම් කර ඇත.

මේ යටතේ ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත නැණදිරි ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඩයලොග් ආයතනයේ මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුවිය.

“වසංගතයට අපේ දරුවන්ගේ අධ්‍යාපනය සහ සංවර්ධනය අහිමි කිරීමට ඉඩදිය නොහැකියි.” යනුවෙන් අවධාරණය කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. “මේ වගේ දුෂ්කර කාල වකවානුවක දෙම්පියන් ආර්ථික බරින් නිදහස් කරමින් සිය පාසල් දරු දැරියන්ගේ මාර්ගගත අධ්‍යාපන කාර්යයන් සාර්ථක ආකාරයෙන් කරගෙන යාම සඳහා ඩයලොග් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යොමුවීම ඉදිරිගාමී පියවරක් වෙනවා මම එම ආයතනවලට මගේ ස්තූතිය මේ මොහොතේ පුදකර සිටිනවා.”

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. “රටේ පවත්නා වත්මන් තත්ත්වය සමග අපේ මූලික අරමුණක් වුණේ දිවයින පුරා ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දරුවන් වෙත අඛණ්ඩව ඔවුන්ගේ අධ්‍යාපන කාර්යයන් කරගෙන යාම සඳහා අවස්ථාව සලසාදීමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට වගේම එයට විසඳුමක් වශයෙන් “නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම සතුටට කරුණක්. මෙයින් වසංගත තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සිදුවූ පාඩුව අවම කිරීමත්, ඔවුන් දැනුමින් විශිෂ්ටත්වයට පත්වීමට සහාය දැක්වීමටත් ආයතනයක් විදිහට අපි කැපවී සිටින බව මම මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.”

ඩයලොග් ආයතනය මගින් නැණස වැඩසටහන යටතේ නැණස TV නාලිකා, නැණස සුහුරු පාසල් ව්‍යාපෘතිය, Nenasa App සහ ගාස්තු රහිත නැණස 1916 දුරස්ථ අධ්‍යාපන සේවාව යනාදී වශයෙන් විවිධ අධ්‍යාපනික සේවා රාශියක් ක්‍රියාත්මක කරයි. Dialog Television සමග දරුවන්ට අධ්‍යාපන කටයුතු නිවසේ සිටම අඛණ්ඩව කරගෙන යාමට මහඟු අත්වැලක් සපයන අතර, 3 ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා විෂය නිර්දේශයට අනුව සියලුම විෂයන් සහිත නැණස සිංහල, නැණස දමිළ සහ ගුරු TV යන අධ්‍යාපනික නාලිකා කිසිඳු ගාස්තුවකින් තොරව නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.

 



අදහස් (2)

ඩයලොග් වෙතින් ලක්ෂයකට නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව

බද්රානි Friday, 30 July 2021 01:07 PM

ජනතාවගේ මුදල් අසාධාරණ ලෙස සූරා කමින් අධික ලාභයක් ලබන මේ නීතිගත මාෆියා ආයතනයෙන් සිසුන්ට සෙතක් කරයි කියලා කවුරුන් හෝ හිතනවද? අනේ මගේ බල්ලාටවත් එපා උඹලා පිනට දෙන ඩේටා..

:       0       3

සදමාලි Saturday, 21 August 2021 12:35 PM

මා උගන්වන පාසලටද මෙය ලබා ගැනීමට අවස්ථාවක් තිබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 290 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site