IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඩයලොග් ඩ්‍රෝන තාක්ෂණයෙන් නව අවුරුදු උදාව සමරයි

ඩයලොග් ආසිආටා පීඑල්සී, 2025 නව වසරට එළඹෙන අසිරිමත් මොහොත කොළඹ ගාලු‍ මුවදොර පිටියේදී සමරනු ලැබුවේ ඩ්‍රෝන සංදර්ශනයකින් සනිටුහන් තබමිනි. ඩ්‍රෝන යානා 400 කින් කොළඹ අහස් කුස ඒකාලෝකමත් කරමින් මෙම සංදර්ශනය පවත්වනු ලැබිණි. කිලෝමීටර් 5 ක් තරම් දුර ප්‍රමාණයක් ඇතුළත දැකගත හැකි වූ මෙම ආලෝක සංදර්ශනය, නව අවුරුදු උදාව ඩ්‍රෝන තාක්ෂණයෙන් සනිටුහන් තබන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාව බවද එම සමාගම සඳහන් කරයි. 
‘අනාගතය අදයි‘ යන ඩයලොග් සන්නාම පොරොන්දුව සැබෑවක් කරමින් තාක්ෂණික නවෝත්පාදන අත්දැකීම් ශ්‍රී ලාංකික ජනාතාවට පිරිනැමීමේ කැපවීම විදහා දක්වන ලද මෙම ඩ්‍රෝන සංදර්ශනය, ඒ මොහොතේ ගාලු‍ මුවදොරට එක්රැස්ව සිටි ජනතාවට අමතරව, මිලියන 12කට අධික ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් හා සමාජ මාධ්‍ය ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලස්වා තිබිණි. නව අවුරුදු උදාව තාක්ෂණයේ මහිමයෙන් සනිටුහන් තැබූ මෙම අසිරිමත් අවස්ථාව ජනතාවගේ නොමද ආකර්ෂණයට පාත්‍ර වූවා පමණක් නොව, දෙස් විදෙස් මාධ්‍ය රැසක මෙන්ම සමාජ මාධ්‍යවලද අවධානය දිනා ගනිමින් ඒ පිළිබඳ වාර්තා පළකර තිබුණි. 
මෙම අසිරිමත් අවුරුදු සැමරුම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙසේ අදහස් දැක්වීය. “ඩයලොග් හි අපි, නිරතුරුවම උත්සාහ දරන්නේ අනාගත තාක්ෂණය කේන්ද්‍ර කරගත් නවතම අත්දැකීම් ශ්‍රී ලාංකිකයන්ට පිරිනැමීමටයි. 31 වැනිදා රාත්‍රියේ පැවැත්වූ ඩ්‍රෝන සංදර්ශනය, අපගේ එම කැපවීම විදහා දැක්වීමට සමත් වුණු අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නව අවුරුදු උදාව මෙවැනි ඩ්‍රෝන සංදර්ශනයක් ඔස්සේ සැමරීමේ පුරෝගාමියා ලෙසින් අපගේ අරමුණ වුණේ, අපගේ ජනතාවට එකමුතුකමෙන් හා ප්‍රීතියෙන් යුතුව 2025 නව අවුරුද්ද සැමරිය හැකි අවස්ථාවක් නිර්මාණය කිරිමයි.”
ශ්‍රී ලාංකියා ඩිජිටල් නවෝත්පාදනයේ හා විනෝදාස්වාදයේ පුරෝගාමියා වන ඩයලො‌ග්, ඉංජිනේරු තාක්ෂණයේ නිවැරදිභාවය කලාත්මක නිර්මාණකරණය හා මුසු කරමින් ඉදිරිපත් කළ මෙම ඩ්‍රෝන සංදර්ශනය, ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ රැඳන අසිරිමත් තාක්ෂණික මහිමයකි. එපමණක් නොව, එය ශ්‍රී ලාංකික ජීවිත හා ව්‍යාපාර සරුසාර කරමින් බලගැන්වීම සඳහා නවතම තාක්ෂණය යොදාගැනීමේ ඩයලොග් කැපවීම මල්ඵල ගන්වන ලද අවස්ථාවක්ද වේ. 



අදහස් (0)

ඩයලොග් ඩ්‍රෝන තාක්ෂණයෙන් නව අවුරුදු උදාව සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 581 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1012 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site