IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


ඩයලොග් එන්ටප්‍රයිස් Google Workpace සමඟ සහයෝගීතාවක

ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් Google Cloud ආයතනය සමඟ නව සහයෝගීතාවකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කර ගැනීමට මෙන්ම සේවක ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත්  වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමඟ කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ටප්‍රයිස් හි සහායෙන් මෙරට තුළ පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි වාණිජ ව්‍යාපාර සහ මහ පරිමාණ ව්‍යාපාර අලෙවි පිළිබඳ උප සභාපති නවීන් පීරිස් මහතා මෙසේ පැවසීය. 

“නිරන්තරයෙන් වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් උසස්ම තත්ත්වයෙන් යුත් හොඳම ඩිජිටල් සේවා සහ Cloud තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබාදීමේ අපගේ දැක්මට අනුකූලව කටයුතු කරමින්, Google Cloud ආයතනය සමඟ අපි ඇතිකරගත් මේ සහයෝගීතාව හරහා අපේ Cloud උපායමාර්ග වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩි ඵලදායීතාවක් අත්කරදී, නව මානයකට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. Google Workspace සමඟින් ඒකාබද්ධ වූ ඵලදායීතාව ඉහළ නැංවෙන මෙවලම් සහ ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයේ සේවා ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තාක්ෂණය මත පදනම් වූ අනාගත ගමන සාර්ථකත්වයේ ඵල අත්කරගනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි.”

සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වන සේවා සහ ඉතා හොඳින් කළමනාකරණය කරන ලද සේවා ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සිය පහසුකම් හරහා සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමට දායකවී ඇත. Google Workspace සමඟ එක්වූ Gmail, Calender, Drive, Docs, Sheets, Slides සහ Meet වැනි ජනප්‍රිය යෙදුම් හේතුවෙන් වැඩි ක්‍රියාකාරීත්වයක් හරහා එකම අවකාශයක් තුළ සෑම ක්‍රියාවලියක්ම කාර්යක්ෂමව ඉටුකරගැනීමේ හැකියාව ඇත.



අදහස් (0)

ඩයලොග් එන්ටප්‍රයිස් Google Workpace සමඟ සහයෝගීතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 227 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site