IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩයලොග් ආසිආටා GSMA සහාය තාක්ෂණික වැඩ සටහන සමග එක්වෙයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආබාධ සහිත පුද්ගලයන්ට ජංගම දුරකථන සන්නිවේදන පහසුකම් භාවිතයට වැඩි අවස්ථාවක් විවර කර, ඔවුන්ව සමාජීය හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමේ අවස්ථා ඉහළ නැංවීම වෙනුවෙන් GSMA ආයතනය (ජංගම සන්නිවේදන සේවා සමාගම් හි ගෝලීය වාණිජ සංගමය) සමඟ එක්ව තිබේ.

මෙරට සියලු‍ම පුරවැසියන්ට ස්වාධීනව ජීවත් වීමට මෙන්ම ජීවිතයේ සෑම කටයුත්තක් සඳහාම දායක කරගත හැකි අයුරින් තාක්ෂණය හා සම්බන්ධවීම මෙවැනි යුගයක වැදගත් දෙයක් බවට පත්ව තිබේ. එම අවශ්‍යතාව හා සැසඳෙන සේ නවෝත්පාදන හරහා ප්‍රවේශවීම මෙන්ම රටේ සමාජ ආරක්ෂාව නැංවෙන පරිදි උපකාරක තාක්ෂණ හා සේවා උසස් කිරීමට ඩයලොග් සමාගම නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබයි.

මේ අතරින් වඩාත් කැපී පෙනෙන සේවා ලෙස රත්මලාන Audiology මධ්‍යස්ථානය (RAC) හා යාපනය කථන චිකිත්සක මධ්‍යස්ථානය (Jaffna Speech Therapy Centre) පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැක.  මෙම ආයතන මගින් අඩු ආදායම්ලාභින්ට මෙන්ම ශ්‍රව්‍යාබාධිත පාසල් දරු දැරියන්ට ශ්‍රවණ හා කථන ගැටලු වෙනුවෙන් නොමිලේ සේවා සලසනු ලබයි. මෙවැනිම තවත් ව්‍යාපෘතියක් වන 'Petralex' පාරිභෝගිකයාගේ සාමාන්‍ය රැහැන් සහිත හෝ Bluetooth Headset උපකරණ සිය අවශ්‍යතාව අනුව ශ්‍රවණ ආධාරකයක් ලෙස භාවිතා කිරීමට හැකිවන පරිදි වැඩිදියුණු කරන යෙදුමකි.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳ මෙසේ පැවැසීය. 

ඩිජිටල් පහසුකම් අන්තර්ගත මේ මූලධර්ම හා සමග අපි සම්බන්ධ වන්නේ හේතු කිහිපයක් නිසායි.  අපගේ මූලික සේවාවලට අනුකූල වෙමින් ශ්‍රවණය, දෘෂ්ටිය හා කථනය පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. එසේම ආබාධිත පුද්ගලයන්ට ඩිජිටල් සන්නිවේදන පහසුකම් ලබාදීම පමණක් නොව, ඔවුන් ඩිජිටල්මය වශයෙන් සක්‍රීය පුද්ගලයන් බවට පත්කිරීම සම්බන්ධයෙන් අප විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා. අප GSMA ආයතනය සමඟ වසර ගණනාවක් මුළුල්ලේ අන්තර්ගතයන් ඉලක්කකොට ගත් ව්‍යාපෘති හා සම්බන්ධ වෙමින් කටයුතු කර තිබෙන අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකත්වය හා ඒකරාශීවීමේ බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. එම නිසා සමාජයේ සිටින ආබාධිත පුද්ගලයන් සමඟ වඩා හොඳ සම්බන්ධතාවක් ඇතිකර ගන්නට මෙම මූලධර්ම හා ඒ පසුපස සිටින සමාගමක් වශයෙන් GSMA ආයතනය, අපට මඟ පෙන්වන බව අපගේ විශ්වාසයයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ඩයලොග් ආසිආටා GSMA සහාය තාක්ෂණික වැඩ සටහන සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site