මාස් හෝල්ඩින්ග්ස් සමාගසම සහ කොළඹ රාජකීය විදුහල් ශිෂ්‍ය සංගමය එක්ව පිළිකා වාට්ටුවක් ඉදිකිරීම සඳහා වන ‘ට්‍රේල් 2016‘වැඩසටහනට සහයෝගය දීමට තීරණය කර ඇතැයි ‘කලර්ස් ඔස් කරේජ්‘ භාරයේ අධ්‍යක්ෂ සරින්ද උනම්බුව මහතා පැවසීය.
ට්‍රේල් වැඩසටහන ඔක්තෝබර් 6 වැනිදා ආරම්භ වීමට නියමිතය. 2011 දී ඇරැඹි ට්‍රේල් වැඩසටහන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පාගමනක් සංවිධානය කළ අතර එයින් ඇමරිකා ඩොලර් මිලියන 2.6ක් එක්රැස් කරගැනීමට සමත්වූ බවද කියති. ඒ අනුව 2014 ජනවාරියේ දී තෙලිප්පලේ ට්‍රේල් පිළිකා රෝහල විවෘත කැරිණි. මෙවර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ඒකකයක් ඉදිකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
එහි සන්නාම තානාපති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද අද පැවැති මාධ්‍ය හමුවට එක්විය. මාස් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ අජේ අමලීන්, රාජකීය විදුහල් ශිෂ්‍ය සංගමයේ මහේන් පෙරේරා, අතුල මුණසිංහ, මිතිල මෙන්ඩිස්, මංජු ආරියරත්න ආදීහුද එක්ව සිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.