IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය

මහාචාර්ය බ්‍රෙන්ට් නිව්මන් එවඩ්ම් ඊගල්


ඇමරිකාව වෙත භාණ්ඩ අපනයනය කරන සියලුම අපනයනකරුවන් වෙත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති කුරුරු තීරු බදු ගණන් හේතුවෙන් ප්‍රධාන වශයෙන් ඇඟලුම් හා රබර් නිෂ්පාදන අපනයනය කරන දුප්පත් රටවලට දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම රටවල ලැයිස්තුව දීර්ඝ එකක් වුව ප්‍රධාන වශයෙන් ඊට ගොදුරු වූ ආසියානු රටවල් වනුයේ බංග්ලාදේශය ශ්‍රී ලංකාව මියන්මාරය, වියට්නාමය හා කාම්බෝජයයි. ට්‍රම්ප් මෙම රටවලට ඉතා ඉහළ අනුපූරක තීරු බදු අනුපාතයන් පනවා ඇත්තේ එම රටවල ඇ. එක්සත් ජනපදය සමග වෙෙළඳ අතිරික්තයක් පවත්වාගෙන යන නිසාවෙනි. එසේ පනවා ඇති තීරුබදු දින 90කට අත්හිටුවා තිබෙන නමුදු ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිශෝධන හේතුවෙන් පැන නැගි අවිනිශ්චිත බව එයින් ඉවත්වී නොමැත. 

ඇඟලුම් මිලදී ගන්නන් පළමුවෙන්ම මෙම ඉහළ තීරුබදු අවශෝෂණය කර ගන්නා ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා තිබිණි. ඒවා දැරිය නොහැකි තරම් ඉහළ බදු නිසා ඔවුහු එම ඉල්ලීම පිළි නොගත්හ. ඉන් පසු ඇණවුම් අවලංගු කොට හෝ අලුතෙන් ඇණවුම් කිරීම මිලදී ගන්නන් විසින් කල් දමා ඇත්තේ මෙම පවතින තත්වය වඩාත් නිරවුල් වෙන තුරුය. ශ්‍රී ලංකාවේ ඇමරිකාවට අපනයනය කළ ඇඟලුම් මෙන්ම රබර් නිෂ්පාදන ද විශාල ප්‍රමාණවලින් මෙම මිලදී ගැනුම් අත්හිටුවීමට ලක්ව තිබේ. ට්‍රම්ගේ මෙම ඉවක් බවක් නැති තීරුබදු ප්‍රතිශෝධන වලින් ගෝලීය වෙෙළඳපොළ පුරා දැඩි අවිනිශ්චිත තත්වයක් නිර්මාණය කර තිබෙන අතර එයින් වෙෙළඳපොළ නියෝජිතයන් ඊළඟට කුමක් සිවුවේදෝයි ලතවෙමින් බලා සිටින තත්වයට ඇද දමා තිබේ. ඒ අතර හඬක් නැගීමේ හැකියාව නැති කුඩා රටවල් නිහඬව බලා සිටින අතරතුර ඇමරිකාවට විශාල වශයෙන් භාණ්ඩ අපනයනය කරනු ලබන චීනය, කැනඩාව සහ යුරෝපා සංගමය, ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව සටන් වැදීමේ විකල්පය තෝරාගෙන ඇත්තේ එකටෙක කිරීමක් ලෙස දැරිය නොහැකි තීරු බදු ගාස්තු ඔවුන් ද පනවමිනි. මෙම තත්වය නිමා නොවන තීරුබදු යුද්ධයකට මග පාදා තිබේ. 

 හමුදා මෙහෙයුම්වලට  මග පාදන තීරුබදු යුද්ධ 

ආර්ථික විශ්ලේෂක හා ප්‍රසිද්ධ විචාරක ධනනාත් ප්‍රනාන්දු නොබෝදා පැවැති වෙබ් සමුළුවක දී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ඔටෝ ටී මැලරි (Otto T. Mallery) විසින් කළ ප්‍රකාශයක් උපුටා දැක්වූවේය. යුද මෙහෙයුම්වල දී ජාත්‍යන්තර දේශ සීමා හරහා සොල්දාදුවන් ගමන් නොකරන විට සාම මෙහෙයුම් ඔස්සේ භාණ්ඩ එම දේශ සීමා හරහා යා යුතුය යන්න එම කියමනයි. 

ජාතීන් අතර අන්‍යොන්‍ය උපකාරය උදෙසා වූ ආර්ථික එකඟතාවත් තිබිය යුතු බවට තර්ක කොට ඇති මැලරි ඔහුගේ පොතේ වෙෙළඳාමෙන් විලංගු හෙලන්නට හැකියාව නැතිනම් අහසින් බෝම්බ හෙලීම  වැළැක්විය නොහැක්කකි යනුවෙන් ද දක්වා ඇත. මැලරිට පෙරාතුව 18 වැනි සියවසේ ප්‍රංශයේ ආර්ථ ශාස්ත්‍රඥයකු හා රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ෆ්‍රෙඩ්රික් බැස්ටියට් ද එම වර්ගයේ නිදහස් වෙෙළඳාමේ ඇති ඵල ප්‍රයෝජනය ගැන කියා තිබේ. නිදහසේ වෙෙළඳාම පවතින වතාවරණයක ප්‍රබල යුද හමුදා සහ නාවික හමුදා රඳවා තැබීමෙන් පලක් වේදැයි බැස්ටියැට් ප්‍රශ්න කර තිබේ. එයින් ගම්‍ය වනුයේ රටවල් අතර යුද්ධ පැන නගින්නේ නිදහස් වෙෙළඳාමට බාධා කළ විටදීය යන්නයි.  යම් අයෙක් කර්මාන්ත ආරක්ෂා කර ගැනීම උදෙසා භාණ්ඩ නිදහසේ ගලා යාමට බාධා කිරීම වගුරු හා මඩ වගුරුවලට ඔහු සමාන කොට තිබේ. භාණ්ඩ නිදහසේ ගලායාම අවහිර කළ විට රටවල් තව තවත් දරිද්‍රතාවට පත්වෙන අතර දරුණු ආර්ථික හා සමාජ කැලඹීම්වලට එම දරිද්‍රතාව මග පාදන නිසා එම තත්වය හේතුවෙන් දේශ සීමා හරහා යන්නට යුද හමුදාවන්ට බල කෙරේ. 

අරමුණු දෙකක් වෙත ඒ නිසා යොමුවීම සිදුවේ. එකක් වන්නේ බාහිර (විදේශීය) සතරකු වෙත දේශීය ජනතාවගේ කෝපාග්නිය ඇවිළවීමට යොමු වීමයි. අනෙක යුද්ධයට සම්බන්ධ වන වියදම් වලින් ආර්ථික අවපාතය ජනිත වීමයි. 1940 ගණන්වල දෙවැනි ලෝක මහා යුද්ධයේ නිමග්න වූ රටවල්වල මේ සඳහා සාක්ෂි සොයාගත හැකිය. 1929 දී කොටස් වෙෙළඳපොළ බිඳ වැටීමට හේතුව මහා අවපාතයේ ජනතිවූ තත්වය 1930 දී ස්මුට් හැව්ලේ තීරුබදු පනත (Smoot Hawley Tariff Act)  ක්‍රියාත්මක කිරීම ඔස්සේ ඇ.එක්සත් ජනපදය සියයට 40 සිට සියයට 60 දක්වා සියයට 20කින් තීරු බදු නැංවීම නිසා අන්ත නරක අතට හැරිණ. 1930 හඳුන්වා දුන් එම තීරුබදුවලට වඩා 2025 ට්‍රම්ප්ගේ තීරුබදු නියම කිරීම් බොහෝ කුරිරුය. එම නිසා වර්තමාන තීරුබදු යුද්ධය බලවත් ජාතීන් අතර ලෝකය පුරා පැතිර යන හමුදාමය ගැටුමක් බවට පත්වීමේ හැකියාව වැළැක්වීම අතිශය උගහටය. 

 පළමු පරාක්‍රමබාහු  රජුගේ යුද ව්‍යාපාරය 

නිදහස් වෙළෙඳාමට අවහිරතා ඇති කළ විට දේශී සීමා හරහා යුද හමුදා ගමන් කිරීමට සිදුවීමේ උදාහරණයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙන් ද සොයාගත හැකිය. පුරාණ ශ්‍රී ලංකාවේ ජීවි සිටි අලි ඇතුන් අනෙකුත් රටවලට නිරියාත කිරීම සිදු වූයේ එයින් අගනා විදේශ විනිමය  උපයා ගත හැකි වූ නිසාය. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට ඉහළ ඉල්ලුමක් පැවතියේ ඉන්දියාවේ රට අභ්‍යන්තරයේ සිටි අලි ඇතුන්ට වැඩා උන් පහසුවෙන් යුද්ධය ඇතුළු කාර්යන්ට හැඩගස්වා ගත හැකිවූ නිසාය. මෙරට අලි ඇතුන් ඉන්දියාව, මියන්මාරය යන රටවලට අමතරව ඊජිප්තුව වැනි ඈත දුරු රටවලට ද අපනයනය කිරීම සිදු වූයේය. කි.ව. 12 වැනි සියවසේ දී රජකළ පළමු පරාක්‍රමබාහු රජ දවස වර්තමාන මියන්මාරය නම් වූ රාමඤ්ඤ දේශයෙන් අලි ඇතුන් මිලදී ගත් බව මහ වංශයේ දෙවැනි කොටස වූ චූල වංශයේ සඳහන්ය. එම අලි ඇතුන් ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ බවට අනුමාන බවට අනුමාන කෙරේ. 

කෙසේ වුවද පළමු පරාක්‍රම රජුට රාමඤ්ඤ දේශයේ රජ වූ අරිමද්දන රජ සමග වෙළෙඳ මත භේදයකට මුහුණ දෙන්නට සිදු වූයේය. ශ්‍රී ලංකාවෙන් ඔහුගේ රාජ සභාවට ගිය යම් කෙනෙකුගේ උපදෙස් පිට අරිමද්දන රජු අලින්ගේ මිල රිදී කාසි 30 සිට රිදි කාසි 1000 හෝ 2000 දක්වා ඒක පාර්ශ්විකව වැඩි කළේය. මෙම අපනයන තීරු බද්ද රාමඤ්ඤ දේශයෙන් අලි ඇතුන් මිලදී ගැනීමේ අවම සිල්ලර මිලක් නියම කිරීම හා සමාන වූයේය. එවිට රාමඤ්ඤ දේශයෙන් අලි ඇතුන් මිලදී ගැනීම අතිශය වියදම්කාරි වූයේය. වෙනත් රටවලට එම සතුන් ප්‍රති අපනයන කිරීමේ පළමු පරාක්‍රමබාහුගේ තරඟකාරී හැකියාව එයින් පහත වැටණි. රාමඤ්ඤ දේශයේ රජ ඒකපාර්ශ්විකව තීරුබදු පැනවීමෙන් සන්නද්ධ වීම නිසා උරණ වූ පළමු පරාක්‍රමබාහු එරට ආක්‍රමණය කිරීම සඳහා හමුදා පිටත් කොට යවා අරිමද්දන රජු යුද්ධයෙන් පරදවා ලාබ අලි ඇතුන් මිලදී ගැනීමේ ඔහුගේ මූලාශ්‍රය නැවත ස්ථාපනය කර ගත්තේය. 

 වෙළෙඳ බාධක සංවේ දී ගැටලුවකි 

රටින් පිටතට යන හෝ රට තුළට එන භාණ්ඩ සඳහා තීරුබදු හෝ වෙනත් වෙෙළඳ බාධක පැනවීමෙන් රටවල් අතර යුද්ධයකින් පවා නිමා වෙන තරමේ සංවේ දී ගැටලු ඇතිවේ. දෙවැනි ලෝක මහ යුද්ධයේ දී ජපානය විසින් අග්නිදිග ආසියානු රටවල් ආක්‍රමණය කරනු ලැබුවේ ඕලන්දය සහ බ්‍රිතාන්‍ය වැනි යටත් විජිත පාලනය කළ රටවල් පාලනය යටතේ පැවැති තෙල් සහ රබර් වෙෙළඳාමේ ප්‍රවේශය ඇති කරගනු සඳහාය. භාණ්ඩවලට නිදහසේ දේශ සීමා හරහා යන්නට ඉඩ නොදුන්විට දේශසීමා හරහා සොල්දුදාවා යන ගමන වැළැක්විය නොහැකි වන බව එයින් පැහැදිලිය. 

දෙවැනි ලෝක මහ යුද්ධය ’උදෙසා වැය කරන ලැබූ අතිමහත් වියදමක් එයින් ජනිත වූ ජරාපත් ආර්ථික තත්වයත් ගෙන එන ලද්දේ යම් තරමකින් තීරු බදු සහ වෙෙළඳ බාධක විසිනි. 1944 ලෝක මහ යුද්ධය නිමාවීමෙන් අනතුරුව දශක ගණනාවක් යන තුරුම ඒනිසා හටගත් අහිතකර තත්වයත් ගෝලීය දේශපාලනයට මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයට ද දැඩිව බලපෑවේය. වර්තමානයේ තීරුබදු යුද්ධයට අර අදින  බලවතුන්ට එය කදිම අනතුරු ඇඟවීමකි. 

අනුපුරක තීරු බදු යනු යෝධ අයිස් බර්ගයක (කුට්ටියක) දෑසට පෙනෙන මුදුන පමණකි. 

ට්‍රම්ප්ගේ නියෝගය ශ්‍රී ලංකාවට බලපාන්නේ සියයට 44ක තීරු බද්දක් පැනවීමකට පමණක්ය යන පටු අදහස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තුළත් ඔහුගේ කැබිනට්ටුවත් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුනුත් ප්‍රතිපත්ති සම්පාදකයන් ආදීනුත් දරන බව පෙනී යයි. එම නිසා ඔවුන්ගේ කාලයත් ශක්තියත් වෑයමත් බදු ව්‍යුහය මත පැන වූ සියයට 44ක විශ්වීය බද්ධ එක්සත් ජනපද පරිපාලනය ලවා වෙනස් කරවීමේ තනි අරමුණට උදෙසා වැය කරනු ලැබීය. ට්‍රම්ප් විසින් ඇමරිකාව වෙත කරන රටේ ප්‍රධාන අපනයන උදෙසා ඇතිකළ කම්පනය සැනකින් ලිහා ගැනීමේ කාර්යයකට එය උපකාරී වන නමුදු එයින් රට මුහුණපාන ගැටලුව මධ්‍යම කාලයේ දී පලදෙනු ලබන ඊටත් වඩා දැවැන්ත ගැටලුවක් වන්නට ඉඩ තිබේ. 

පළමු අවස්ථාවේදීම ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය විසින් ඇ.එ. ජනපදයේ උද්ධමනය වේගවත් කොට ඇමරිකානු ජනතාවගේ සැබෑ ක්‍රය ශක්තිය (භාණ්ඩ මුදලට මිලදී ගැනීමේ හැකියාව) පහත හෙළා ඇත. දෙවැනි වටයක දී එයින් ඇමරිකාවනුගේ මිලදී ගැනීමේ හැකියාව අඩුකොට ඇමරිකානු ආර්ථිකය මන්දගාමී වර්ධනයකට ඇද දමනු ඇත. නැතහොත් පසු බෑමකට ලක් කරනු ඇත. ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු එත්සත් ජනපදය වෙත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කොට නිර්යාත කෙරෙන පාරිභෝගික භාණ්ඩ ඇ.එ. ජනපද රටවැසියන්ගේ පහත වැටුණු ක්‍රය ශක්තිය නිසා මිලදී ගැනීම අඩු වීම හේතුවෙන් මෙරටේ ආපනයනය අරමුණුවලට දරුණු ලෙස පහරවදිනු ඇත. එහෙත් ගෝලීය ප්‍රජාව මුහුණ දෙන ඊටත් වඩා විශාල ගැටලුව වන්නේ එක්සත් ජනපද ආනයනයන් උදෙසා එකටෙක කිරීමක් ලෙස චීනය සහ කැනඩාව සහ  මෙක්සිකෝ යන අනෙක් රටවලින් ද හවුලේ බලගැන්වී යුරෝපා සංගමය යන ලොව ප්‍රධාන ආර්ථික බලවතුන් විසින් පනවන ලද තීරු බද්දයි. ඇ.එ. ජනපදය ඇතුළුව මෙම රටවල් සමූහය ගෝලීය ද.ජා. නිෂ්පාදනයට සියයට 54ක පමණ දායකත්වයක් දරනු ලබයි. මෙම එකටෙක කිරීමේ බදු පැනවීම නිසා ඔවුන්ගේ ආර්ථිකයක් ද හැකිලී යනු ඇත. ඒ අතරතුර ශ්‍රී ලංකාවේ අපනයන වෙෙළඳපොළට දෙවැනි වටයේ දී එහි අපනයන අංශය හරහා මහත් දොම්නසකට මුහුණ දීමට සිදුවේ. ඒ අතර වාරයේ ඒ සඳහා රට සූදානම් විය යුතුය.

 තීරබදු සංශෝධනයට  අදාළ දෝෂ දෙකක් 

ට්‍රම්ප්ගේ තීරුබදු සංශෝධන සැලසුම සම්බන්ධයෙන් ගැටලු දෙකක් මා හට ඇත. එකක් ඇ.එ. ජනපදය තමන්ගේ වෙෙළඳ හවුල්කරුවන් සමග පවතින වෙෙළඳ හිඟය පිළිබඳ වැරදි අර්ථකථනයට සම්බන්ධ වූවකි. අනෙක එහි ත්‍රිව්‍රතාව ගණනය කිරීම සඳහා ඔහු භාවිත කොට තිබෙන අදාල නොවන හා නොමග යන සුළු සුත්‍රය සම්බන්ධයෙනි. එම සුත්‍රය සකසා ඇත්තේ ඇමරිකානු පුරවැසියන්ගෙන් ඇ.එ.ජ. සමග පවතින වෙෙළඳ අතිරික්කය නිසා වෙනත් රටවල් විසින් කොල්ල කන්නේය යන  චෝදනාව නගමිනි. 

බොහෝ රටවල් ඉහළ තීරුබදු ඔස්සේ ඇ.එ. ජනපදයේ ජනතාව කොතෙක් දුරට කොල්ල කනු ලබන්නේ ද යන්න දක්වන දර්ශකය වන්නේ එම රටවල් ඇමරිකාව සමග පවත්වාගෙන යන වෙළෙඳ අතිරික්කය බව ට්‍රම්ප් පවසා ඇත. මා මින් පෙර ලිපියකිනුත් පෙන්වා දුන් පරිදි 1971 පටන් ඇ.එ. ජනපදය ලෝකයේ සෙසු රටවල නිල නොවන බැංකු කරුවාගේ කාර්ය ඉටු කරනු ලබයි. සැබෑ භාණ්ඩවලට  ඩොලර් යනුවෙන් හඳුන්වන නොවටිනා කඩදාසි කැබැල්ල හුවමාරු කිරීමෙන් එම ආධිපත්‍ය පත්වා ගැනීමට සමත්වී තිබේ. එම ඩොලරය ඇ.එ. ජනපදය වෙත නැවත හරවා එවනු ලැබුවහොත් එම ඩොලරය දරන්නාට එම ඩොලරයේ වටිනාකමට සෑහෙන භාණ්ඩ හා සේවා ලබා දීමට පොරොන්දුවක් ඉන් දෙනු ලබයි. එය සංචිත මුදලක් ලෙස ලෝකය පුරා සංසරණය වෙද්දී එම ඩොලර් දරන්නාට ලෝකයේ සෙසු රටවලින් එම ඩොලරයේ වටිනාකමට සැබෑ භාණ්ඩ හා සේවා ඉල්ලා සිටිය හැකිය. 

ඇමරිකා එක්සත් ජනපදයේ දේශීය වශයෙන් සිදුවන ‘උද්ධමනය හේතුකොට ගෙන ඩොලරයේ දේශීය වටිනාකම පහත වැටීම හේතුවෙන් එක් අතකින් ද අනෙක් අතට ඇ.එ. ජනපද ආණ්ඩුව නිසා ඩොලරය කෙරේ පවතින විශ්වාසය කඩවීම හේතුකොට ගෙන ඩොලරයේ ජාත්‍යන්තර වටිනාකම පහත වැටීම නිසාද මෙම පොරොන්දු දෙකම ඛණ්ඩය වනු ඇත. 

ඇ.එ. ජනපදයේ 1982-4 කාලයේ 100 හි පැවැති පාරිභෝගික මිල දර්ශනය 2025 මාර්තු මාසයේ දී 313 දක්වා ඉහළ නැගුණි. එයින් අදහස් වන්නේ 1982දී ඩොලරයට සාපේක්ෂව අද දින අගය වන්නේ ශත .32ක්  බවයි. ඩොලරයේ ජාත්‍යන්තර වටිනාකම මිනිය යුත්තේ රත්‍රන් ආශ්‍රයෙනි. මන්දයත් ඩොලර්වලට විකල්පයක්  ලෙස හොඳම වත්කම වන්නේ රත්‍රන් බැවිනි. 

1982 දී හොඳම වර්ගයේ රත්‍රන් අවුන්සයක් ලෝක වෙෙළඳපොළේ අලෙවි වූයේ ඩොලර් 376කටයි. එම ප්‍රමාණයේම රාත්‍රන්වල වටිකාකම 2025 මාර්තුවේ දී ඩොලර් 3238 දක්වා  තියුණු  ලෙස ඉහළ ගොස් තිබේ. එයින් ගම්‍ය වනුයේ එම ඩොලරයේ වටිනාකම ජාත්‍යන්තරව 1982 හි සිට ශත .12 දක්වා පහත වැටී ඇති බවය. එම නිසා 1982 දී ඩොලර​ය අත්පත් කර ගන්නා විදේශිකයකු ඩොලරයේ සැබෑ භාණ්ඩ හා සේවා වටිනාකම අද දවසේ නොවටිනා කඩදාසියක් අත දරා ඉන්නා තරමට පිරිහී තිබේ. එම නිසා අනෙකුත් රටවල් සමග වෙෙළඳ හිඟයක් තිබීම ඇ.එ. ජනපද වැසියන් විසින් එකී රටවල ජනයා ද වැසියන් විසින් එකී රටවල ජනයා කොල්ල කෑමට භාජන කිරීමකි. එම නිසා එම රටවල ජනයාට දඬුවම් කිරීමට වඩා කළ යුත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඔවුන්ට වන්දි ගෙවීමකි. 

 අදාළ නොවන සුත්‍රයක් භාවිත කිරීම 

ඇ.එ. ජනපදය  සමග ​වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගන්නා රටවල් කෙතෙක් දුරට ඇමරිකාව කොල්ල කන්නේ ද යන්න ගණනය කිරීම උදෙසා ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පුරෝහිතයන් විසින් භාවිත කරනු ලබන්නේ  එම අරමුණට නොගැලපෙන සුත්‍රයකි. එයින් සරලව කියනුයේ කොල්ලකනු ලබන ප්‍රමාණය ඇමරිකාව අනෙක් රටවල සමග පවත්වා ගන්නා වෙෙළඳ හිඟයට සමානුපතික වන්නේ එම රටවලින් අ.එ.ජ. ආනයනය කරන ප්‍රමාණය නිසාය යන්නයි. එහිදී ඇ.එ.ජ. එම රටවලින්  ආනයනය කිරීමේ දී ඇමෙරිකාවේ ඒ වනවිට ඉල්ලුමේ නම්‍යතාව එසේ  එ.ජ. වෙෙළඳපොළේ මිල හැඩගැස්වීම 1 ලෙස උපකල්පනය කරමිනි. 

මෙම ප්‍රතිපළය ලැබීමට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකවරයා පොදු ආනයනය නම්‍යතාව 4 ලෙසත් මිල හැසුරුම් සාධකය 0.25 ලෙසත් භාවිත කොට තිබේ. මෙම අංකම ඇඟලුම් අත්‍යවශ්‍ය භාණ්ඩ චිප්ස් සහ ​ඖෂධ උදෙසාත් අහස් යාත්‍රාවැනි යුධෝපකරණ වැනි අභිමතානු කුල අයිතම සඳහන් එකම ආකාරයන් භාවිත කර තිබේ. ඇ.එ.ජ. සමග වෙෙළඳ අතිරිත්තයක් පවත්වා ගන්නා රටවලට මෙම සුත්‍රය යොදාගත් විට එය නියත ලෙසම අසාර්ථක වේ. එසේ වන්නේ වෙෙළඳ හිඟය සෘණ අගයක් නිසාත් එය සෘණාත්මක අනයනය නම්‍යතාවෙන් බෙදු විට ප්‍රතිඵලය ධන අගයක් වන නිසාත්ය. එහෙත් එය වෙෙළඳ අතිරික්තයක් පවත්වා ගන්නා එක්සත් රාජධානිය සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව හෝ නෙදර්ලන්තයට  යොදාගත් විට ප්‍රතිඵලය ලැබෙන්නේ සෘණ අගයකිනි. එහි අරුත ඇ.එ. ජනපදය ඔවුන්ගෙන් කොල්ල කන ප්‍රමාණයට එම රටවලට වන්දි ගෙවිය යුතු බවකි. 

 සුත්‍රය සම්බන්ධයෙන්  එහි සම කර්තෘ හබ කිරීම 

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයා විසින් භාවිත කළ සුත්‍රයේත් සම කර්තෘ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආර්ථිකය හා ව්‍යාපාර අංශයේ මහාචාර්ය බ්‍රෙන්ට් නිව්මන් එවඩ්ම් ඊගල් මෑතක දී CNN සේවාවේ එරික් බෘනට් සමග පැවැති සංවාදයේ දී ඒ සම්බන්ධයෙන් මතභේ ද ඉදිරිපත්කොට තිබේ. නිව්මන් කියා සිටියේ ප්‍රතිපත්ති සම්පාදකයා සුත්‍රයේ අරමුණ සහ අදහස එහි සංදර්භයෙන් ඉවත ගෙන ඇති බවයි. එම සුත්‍රයේ අරමුණ වන්නේ රටවල් දෙකක තීරුබදු අනුපාතයේ වෙනස සියයට 3 සිට 4 ක් පමණ වූ විට රටට නියමිත තීරුබදු  අනුපාතය වෙෙළඳ ශේෂයේ පරතරයට අනුව තීරණය කරන ආකාරය සඳහා ගැනීමයි. එය රටවල් උදෙසා මහා පරිමාණයෙන් භාවිත කිරීමට නිර්මාණය කළ සුත්‍රයක් නොවේ. උදාහරණයකට බෘනට් විසින් කළ විමසුමක දී ඔහු සහතිකකොට කියා සිටියේ එය ශ්‍රී ලංකාව වැනි බොහෝ ඇඟලුම් අපනයනය කරන මුත් ඇමරිකාවට බොහෝ සෙයින් ටර්බයින අපනයනය නොකරන රටවලට භාවිත කිරීම පිණිස නොවුවක් බවයි. 

ඔහු කියන පරිදි එය ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ උදෙසා කිසිදු තීරු බදු අය කිරීමක් නොකළ විට තනිකර වැරදි යන්නකි. එවිට ශ්‍රේණි පරතරය ඉවත් කළ නොහැකි වන්නේය. සැබෑ මිල ඇසුරුම් සාධකය ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකයන් භාවිත කළ පරිදි 0.25 නොවන බවද ඔහු සහතික කොට කියා සිටියේය. එම සාධකය 0.95 විය යුතු බව ඔහු කියයි. මෙම සාධකය යොදා ගන්නා විට ඒ ඒ රටවලින් ඇ.එ.ජ. වෙත ආනයනය කරන දෑ වැඩි කළ යුත්තේ ට්‍රම්ප්ගේ උපදේශකයන් වැඩි කළ පරිදි 1න් නොව 3.8කිනි. මෙම තත්වය යටතේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති උපදේශකවරුන් ඉවහල් කරගත් මුළු ගණනය කිරීමම බිඳ වැටේ. උදාහරණයකට ශ්‍රී ලාංකිකයෝ ඇමරිකාවනුවන් වෙතින් කොල්ලකන්නේ යයි කියන අනුපාතය සියයට 88 සිට සියයට 23 දක්වා පහත වැටේ. 

ට්‍රම්ප් මේ වනවිට මෙම අනුපුරක තීරු බදු දින 90කට අත්හිටුවා තිබේ. මෙකී දින 90න් පසු ඔහුගේ පැත්තෙන් බැලු විට මෙය මුළුමනින්ම ඉල්ලා අස්කර ගැනීම නුවණට හුරුවේ. 

ට්‍රම්ප්ගේ මත භේදාත්මක අනුපුරක තීරුබදු සුත්‍රය

                                

2025 අප්‍රේල් 21 Daily FT හි පළවු 
Trump (dis) Order Hargh Tariffs Rates Based on Wrong Philosophy and Wrong formula ලිපියේ පරිවර්තනය 
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 65 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 36 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site