IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ට්‍රෙන්ටෙක් වෙතින් බල ගැන්වුණු ජාතික වායු තත්ව වෙබ් යෙදුම එළිදකී

ශ්‍රී ලංකාවේ වායු තත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. 
එම ජාතික වායු තත්ව යෙදුම සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය වාහන වායු විමෝචන භාරකාර අරමුදල සපයා ඇති අතර එම යෙදුම සංවර්ධනය කර බල ගන්වන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන ට්‍රෙන්ටෙක් පෞද්ගලික සමාගම විසිනි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩී. එස්. සී. වැලිවත්ත, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. එස්. පී. කපිල රාජපක්‍ෂ, ට්‍රෙන්ටෙක් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉමාල් පෙරේරා, අධ්‍යක්‍ෂ ගිහාන් විජේසිංහ ඇතුළුව ආයතනයේ ඉංජිනේරුවරුවෝ සහ පරිසර නියමු කණ්ඩායම නියෝජනය කරමින් පරිසර නියමු සිසු දරුවෝ සහභාගී වූහ. මෙම අවස්ථාවට පාර්ශ්වකාර ආයතන නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වූ අතර වැඩසටහනේ හරවත් බව ඔප නංවමින් විද්වත් දේශන දෙකක්ද පැවැත්විණි. මෙම වෙබ් අඩවිය වෙත www.aq.cea.lk වෙබ් ලිපිනය ඔස්සේ ළඟා විය හැකිය.

 



අදහස් (0)

ට්‍රෙන්ටෙක් වෙතින් බල ගැන්වුණු ජාතික වායු තත්ව වෙබ් යෙදුම එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site