විමුක්ති එස් රුද්‍රිගු
යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනයට සමාන බ්‍රිතාන්‍යයේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ ක්‍රමවේදය මෙරටටද ලැබී තිබුණත් බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වූ ආකාරයට ශ්‍රී ලංකාව ඉන් ප්‍රයෝජන නොගන්නා බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වෙළෙඳ අධ්‍යක්ෂිකා මාරා වෝටර්ස් මෙනවිය ඊයේ (19) පැවැති සමුළුවකදී ප්‍රකාශ කළාය.
මෙම වෙළෙඳ ක්‍රමවේදයෙන් ශ්‍රී ලංකාවට ලබාදී වසර කීපයක් ගතවී ඇති බවත් ශ්‍රී ලංකාව ඉන් සියයට 100 ක් ප්‍රයෝජනය නොගන්නා බවත් ඇය පැවැසුවාය.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න ආහාරවලට ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා මෙරට අපනයනකරුවන්ට සහාය දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් වෝටර්ස් මෙනවිය පැවැසුවාය. බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන් ආනයනය කිරීම සඳහා නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී එයට වෙළෙඳපොළ තුළ තිබෙන පිළිගැනීම, එහි ගුණාත්මකභාවය සහ නිෂ්පාදකයාගේ ධාරිතාව පිළිබඳව සැළකිලිමත් වන බවද ඇය ප්‍රකාශ කළාය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා ”ස්කේල් අප්” නමින් ලංකා වාණිජ මණ්ඩලය ප්‍රථම වරට සංවිධානය කරන ලද සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකත්ව සමුළුව ඊයේ (19) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් මාරා වෝටර්ස් මෙනවිය මෙම අදහස් පළ කළේය.
එහිදී අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන අතිරේක අධ්‍යක්ෂක ජනරාල් අනෝමා ප්‍රේමතිලක මහත්මිය ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17ක් බවත් අපනයන ආදායමට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් දායකත්වය ලබාදී ඇත්තේ සියයට 10 ක ප්‍රතිශයතක් පමණක් බවත් ය.
අපනයන ආදායමට වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ මහා පරිමාණ සමාගම් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 90 ක් බවත් ඇය පැවැසුවාය. 2030 වසර වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන ආදායමට ලබාදෙන දායකත්වය සියයට 30 දක්වා වැඩි කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කර තිබෙන බවත් ඒ සඳහා දැනටමත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වන බවත් ප්‍රේමතිලක මහත්මිය ප්‍රකාශ කළාය.
නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන ඉන් එක් වැඩසටහනක් බවත් ඒ යටතේ සමාගම් 3000 ක් පමණක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි සිටින බවත් ඇය සඳහන් කළාය. ඉන් පසුගිය වසර කීපය තුළදී අපනයකරුවන් 100 ක් පමණ සාර්ථකව බිහි කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයට හැකියාව ලැබුණු බවද ඇය පැවැසුවාය.
ලෝක බැංකුව සමග එකතුවී මෙම වසරේ සිට නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නව මුලපිරීමක් ආරම්භ කරන බවත් ඒ යටතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින සමාගම් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීමට අදියර 3 ක් යටතේ පුහුණු කෙරෙනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. කණ්ඩායම් 2 ක් තෝරාගෙන පුහුණුව ආරම්භ කර ඇති බවත් පුහුණු කාලය වසර තුනක් බවත් ප්‍රේමතිලක මහත්මිය පැවැසුවාය.
එහිදී අදහස් දක්වමින් මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ 2018 වසරින් පසු කාලය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉතාමත් අපහසු කාලයක් වූ බවත් 2022 වසරේදී සාමාන්‍ය පොලී අනුපාතය සියයට 29.7 ක් වූ බවත් මෙරට වාණිජ බැංකු ඔවුන්ට ප්‍රමුඛ ණය දෙන්නන්ට ණය ලබාදී තිබුනේ සියයට 30 පොලී අනුපාතයක් යටතේ බවත්ය.
රජය එම කාලයේදී බැංකුවලින් ණය ලබාගෙන තිබුණේ සියයට 33 ක පොලී අනුපාතයක් යටතේ බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එම කාලයේදී බැංකුවලින් ණය ලබාගෙන තිබුණේ සියයට 24 ත් 32ත් අතර පොලී අනුපාතයකට බවත් ආචාර්යවරයා පැවැසුවේය. මේ වනවිට එම පොලී අනුපාතය සියයට 8ත් 16ත් අතර ප්‍රතිශතයකට පහළ ගොස් තිබෙන බවත් එය තවත් අඩුකර ගැනීමට මහ බැංකුව සාකච්ඡා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජි.එස්. පීවලට සමාන බ්‍රිතාන්‍ය වෙළඳ ක්‍රමයෙන් ලංකාව ප්‍රයෝජන ගන්නේ නැහැ