(තිළිණි ද සිල්වා)
ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.
සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් ඊට අඳාල සියලු පාර්ශවයන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත්, ඉක්මනින් මෙම සාකච්ඡා අවසන් කර මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.
ඒ අනුව ජනවාරි මාසයේ සිට රට නිල වශයෙන් විවෘත කිරීමට පෙර නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් , සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සෞඛ්‍ය නිර්දේශ අනුව එහි අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරදි කර ගැනීමෙන් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට අපේක්ෂා කරන්නේ යැයිද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
ලොකු දෙයක් අපිට රස්සාවල් නැතුව ඉන්නේ හෝටල් වහලා නිසා
හොද වැඩක් ... ආර්ථිකය පැත්තෙන් බලනකොට .... ඒ වගේම පිටරට අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ගුවන් ටිකට් මිල අඩුකරලා ඔවුන්ටත් රටට එන්න තියෙන අවස්ථාව ලබාදෙන්න. ඒක ඔවුන්ගේ අයිතියක්... මොනතරම් ප්‍රශ්න තිබුණත් ඉන්දියන්, බංග්ලාදේශ්, පිලිපීන, වගේ රටවල් තමන්ගේ මිනිස්සුන්ට දොර ඇරලා තියෙන්නේ එන්න.
අසල්වැසි ඉන්දියානු ජාතිකයන්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර කොරෝනා වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුලත විශාල ලෙස වසංගත තත්වය පැතිරි ඇති බැවින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම තුලින් රට තුල කොරෝනා වසංගත තත්වය පැතිරෙන බවට තිබු මතය තව දුරටත් පදනම් විරහිත කරුණක් බවට පත් ව් ඇත. විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයා රටට සම්පතක් වන අතර රැකියාව අතහැර ලංකාවට එන අයට වඩා නැවත රැකියාවට යාම පිණිස ශ්‍රී ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දීමෙන් ඔහුගේ මානසික සුවය සුරැකේ. රටට ද ලැබෙන ප්‍රතිලාභය වැඩිය. එම නිසා විසා කාලය ඉවර වූ අය, රැකියා නොමැති වූ අය ලංකාවට ගෙනවනවා සේම නැවත රැකියාවට යාම පිණිස ශ්‍රි ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දීමෙන් ඔහුගේ පීඩනය අවම වේ.
අනික ගුවන් තොටුපළ වහගෙන හිටියා කියලා වෙච්ච ලොකු දෙයක් නැහැනේ.. ඇති පදමට ඔය කොරොනා තියෙන්නේ, ඔය දැන් ගෙවල්වලම මිනිස්සු මැරෙන්නේ.. ලොක්කා ටාසන් වගේ ඒ දවස්වල පොෂ් වුණාට කෝ වැඩ, 2025දී ඊළඟ බලාපොරොත්තුව. අන්තිමට පිටරටවල ඉන්න අපේ මිනිස්සු ටික හිරකරලා තිබ්බා විතරයි. ඔවුන්ගේ අසරණකම දන්නේ ඔවුන් විතරයි... ටාසන්ලාට ඕවාගේ දුක දැනෙන් නෑ..
අසල්වැසි ඉන්දියානු ජාතිකයන්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර covid-19 වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුළත විශාල ලෙස වසංගත තත්වය පැතිරි ඇති බැවින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තුළින් රට තුල covid-19 වසංගත තත්වය පැතිරෙන බවට තිබූ මතය තව දුරටත් පදනම් විරහිත කරුණක් බවට පත්ව ඇත. විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයා රටට සම්පතක් වන අතර රැකියාව අතහැර ලංකාවට එන අයට වඩා නැවත රැකියාවට යාම පිණිස ශ්‍රී ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදීමෙන් ඔහුගේ මානසික සුවය සුරැකේ. රටටද ලැබෙන ප්‍රතිලාභය වැඩියි. එමනිසා වීසා කාලය ඉවර වූ අය, රැකියා නොමැති වූ අය ලංකාවට ගෙන්වනවා සේම නැවත රැකියාවට යාම පිණිස ශ්‍රී ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දීමෙන් ඔහුගේ පීඩනය අවම වේ. දුක් විඳ මහන්සි වී රටට ඩොලර් සපයන ශ්‍රමිකයාට තරු පන්තියේ හෝටල් කාමර තුළ ලක්ෂ ගණන් මුදල් ගෙවා නිරෝධායනයට මුදල් නොමැත. එය ජාවාරමකි.
රජයෙන් අවසර නැතුව ලංකාවට එන්න පුළුවනි. රට පටලවලා දැනුම් දීමක් නිකුත් කරා, තවමත් ගුවන් ටිකට් පතක් අපටම මිලදී ගන්න බෑ ඉස්සර වගේ, එ්ත් තානාපති කාර්යාලය එක්ක ගනුදෙණුවකට එකග වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා... අපිට ටිකට් එකක් අරන් දෙන්න, එයාට අපේ විස්තර දෙන්නේ තානාපති කාර්යාලයෙන්, ලංකාවේ ඉන්න හොටෙල් කාරයත් ඇතුළුව මේ තුන් කට්ටුව තමයි ගනුදෙණුව කරන්නේ. තුන් දෙනාටම ලාබයි. ඇයි දවසකට ඉන්න රු 7,500ට අඩුවෙන් හෝටල් කාමර ලංකාවේ ඇත්තේම නැද්ද? තියෙනවා... එ්ත් රජයට කඩේ යන අයට විතරක් මැද පෙරදිග ඉඳලා එන අය හූරාගෙන කන්න ඉඩදීලා අර ඉහත කී තුන් ගොල්ලන් එකතුවෙලා හුරාගෙනම කනවා. අරාබියේ වැසිකිළි හෝදලා, අනුන්ගේ ළමයි බලලා, ගුටි කාලා, රැ එළි වෙනකම් වැඩ කරලා අහිංසක මිනිස්සු හොයන සොච්චම් මුදල හිඟා නොකා කඩා ගන්නවා.