IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජොනතන් අලස් වැලිබල් වන් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජොනතන් අලස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව පෙබරවාරි 14 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. 

වසර 37කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අලස් මහතා, මීට පෙර හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය. 

එසේම හැටන් නැෂනල් බැංකුව වෙත සම්බන්ධවීමට පෙර ඒ මහතා අබුඩාබි ජාතික බැංකුව, රියාද්හි සෞදි බ්‍රිතාන්‍ය බැංකුව, මැදපෙරදිග බ්‍රිතාන්‍ය බැංකුව සහ ඩුබායි සහ කොළඹ HSBC බැංකුව යන බැංකුවල සේවය කර තිබේ. 

ශ්‍රී ලංකා බැංකු සංගමයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, 2014-16 කාලසීමාවේදී එහි සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. 2018 සිට 2021 දක්වා වසර තුනක කාලයක් ඔහු ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාද විය. 

වර්තමානයේදී ජොනතන් අලස් මහතා හේලීස් පීඑල්සී, ඇලු‍මෙක්ස් පීඑල්සී සහ සිංගර් පීඑල්සී සමාගම්හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. එසේම ඔහු යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ, සිලෝන් බෙවරේජර්ස් හෝල්ඩිංගස් පීඑල්සී සහ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී යන සමාගම්හිද අධ්‍යක්ෂ මණඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.



අදහස් (0)

ජොනතන් අලස් වැලිබල් වන් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site