IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජොන්ටි රෝඩ්ස්ගෙන් සංචාරක ව්‍යාපාරයට තල්ලුවක්


දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. ඔහු සුපිරි දක්ෂයෙකි. ක්‍රිකට්වලට සමුදීමෙන් පසු රෝඩ්ස්, ලෝකය වටා සංචාරය කරයි. ඒ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සමඟය. තිරසාර සංචාරක ව්‍යාපාර ගැනත්, ඒ ඒ රටවල වැසියන්ගෙන් විදේශිකයන්ට ලැබෙන සත්කාර සම්බන්ධයෙනුත් රෝඩ්ස් නිතරම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ කතා කරයි. 

ජොන්ටි රෝඩ්ස් ඔහුගේ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සර්ෆින් හෙවත් රළ පැඳීමේ වික්‍රමවල යෙදුණු අයුරු ගැන පසුගිය දා ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ සටහනක් තැබුවේය. සර්ෆින් සදහා තමන්ගේ ප්‍රියතම ස්ථානය ලංකාව බවද ඔහු සටහන් කරයි. එම සටහනේ වූයේ ඔහුගේ අත්දැකීම්ය. ඒත් ශ්‍රී ලංකාවේ අපට එය සැබැවින්ම ආඩම්බරයකි. වෙරළ තීරය දිගේ ගමනට රෝඞ්ස් සහ පවුලේ අය තෝරා ගත්තේ ටුක්ටුක් එසේ නැතිනම් ත්‍රීරෝද රියකි.

‘විදේශිකයකුට ආගන්තුක රටකදී, දේශීය ප්‍රජාව සමඟ ගනුදෙනු කරන්න සිදුවන ආකාරය හරිම වැදගත්. පරිසරයේ සුන්දරත්වය විඳ ගනිමින් යන ගමන තවත් සුන්දර වෙන්නේ දේශීය ප්‍රජාව නිසා. හිත හොඳ මිනිසුන් නිසා. තිරසාර සංචාරක කර්මාන්තයකට අවශ්‍යම දේ මෙයයි. ඒක හොඳ ප්‍රතිලාභයක්.’ යැයි රෝඩ්ස්ගේ සටහනේ දැක්වෙයි. 

 



අදහස් (0)

ජොන්ටි රෝඩ්ස්ගෙන් සංචාරක ව්‍යාපාරයට තල්ලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site