( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) සිදුකෙරිණි.
ව්‍යවසායකයන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙම 'ජාතික ව්‍යවසාය සංසදය' පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය. ව්‍යවසායකයින් මුහුණ දී ඇති ගැටලු විසදීමට මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකරමින් ඔවුන් දිරිමත් කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිණිස මෙම සංසදය පිහිටුවීය.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ, ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ ගැටලු සදහා පිළිතුරු ලබාදීමට අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, පෞද්ගලික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
ව්‍යවසායකයන්ට ඒ මොහොතේම තමන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු අතර ගැටළුවට අදාළ පාර්ශව විසින් ඒ මොහොතේම පිළිතුරු ලබාදීම ද සිදුවිය. ඉදිරියේදීත් මාස දෙකකට වරක් මුණගැසී ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.
ජාතික ව්‍යවසාය සංසදය නමින් වෙබ් අඩවියක් එළි දැක්වීම ද මෙහිදී ඇමතිවරයා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ්ක ගුණසිංහ, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ව්‍යවසායකයෝ රැසක් ද එක්වූහ.




2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
921
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවයි
Wimale Wednesday, 04 March 2020 10:05 AM
අනුවණයෙක් උගතුන්ව දක්කනවා..
JayaThursday, 05 March 2020 04:59 AM
පාට කණ්නාඩි වලින් ඇස් අන්ධ කරගෙන, ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය එළි දක්වනවා.