ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් රුපියල් මිලියන 70.2 ක් වටිනා තාක්ෂණික සහ සේවා ප්‍රදානයක්
නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව සහ ප්‍රවේශතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එහි ලේඛන ඩිජිටල්කරණය කිරීම රටේ බුද්ධිමය දේපළ පරිපාලනය සහ බලාත්මක කිරීම උදෙසා අත්‍යවශ්‍ය පියවරක් බවට හඳුනාගනු ලැබ ඇත. මාර්ගගත ලියාපදිංචි කිරීමේ පහසුකම්, ඉලෙක්ට්‍රොනික ගොනු කිරීමේ හා වාර්තා තබා ගැනීමේ පද්ධති, අධිලේඛනගත වාර්තා ඩිජිටල්කරණය සහ එබඳු ඩිජිටල්කරණ වැඩසටහන් යටතේ මාර්ගගත සන්නිවේදන වේදිකා හඳුන්වා දීම මඟින් වඩා විශ්වසනීය, වඩා වේගවත් සහ පරිශීලක හිතකාමී බුද්ධිමය දේපළ සේවා සැලසීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට පහසු වනු ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 70.2 ක් වටිනා තාක්ෂණික සහ සේවා ප්‍රදානයක් ලබා දීමට ලෝක බුද්ධිමය දේපළ සංවිධානය එකඟ වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාතික බුද්ධිමය දේපළ ලේඛන ඩිජිටල්කරණ ව්‍යාපෘතියක්