(ඩයනා උදයංගනී)
ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමේදී එම ගුවන් ගමනට වැය වන වියදම අනුව ඔවුන්ගෙන් මුදලක් අය කෙරන බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ක‍්‍රියාත්මක කරන ලද ගුවන් ගමන වෙනුවෙන් මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කර ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වී ඇතත් එසේ වැඩි මුදලක් අය කිරීමට සිදුව ඇත්තේ මුළු පිරිවැය අඩු මගීන් සංඛ්‍යාවක් අතර බෙදී යාම හේතුවෙන් බවද එම ගුවන් සමාගමේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට අද (26) පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරනුයේ අදාළ සිසුන් සහ ඔවුන්ගේ දෙමාව්පියන් රජයෙන් කළ ඉල්ලීමක් අනුව වන අතර ඒ වෙනුවෙන් වැයවන පිරිවැය සම්බන්ධයෙන් එම දෙමාපියන් දැනුවත් කර කැමැත්ත ලබාගෙන තිබෙන බව ද එම ප‍්‍රකාශකයා සදහන් කළේය. මෙම සිසුන් නොමිලයේ ගෙන්වන බවට රජය හෝ ගුවන් සමාගම ප‍්‍රකාශ කර නැතැයිද ඔහු ප‍්‍රකාශ කළේය.
ඒ අනුව සිදුවන මෙම ගුවන් මෙහෙයුම්වලදී එක් අයෙකු සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස වැඩි වන බව ද ඔහු පැවසීය. ඉකුත් දින කීපයේදී ඉන්දියාවේ සිට පැමිණි සිසුන් එම ගමනට අදාළ මුදල් ගෙවා තිබෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එම ප‍්‍රකාශකයා කීවේය.
බොහෝ රටවල ගුවන්තොටුපල වසා දමා සහ ගුවන් මෙහෙයුම් නවත්වා ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ රජය, රජයේ දෙපාර්තමේන්තු, ගුවන්තොටුපල, ගුවන් සේවා සමාගම, සන්නද්ධ හමුදා, සෞඛ්‍ය අංශ සහ විදේශ අමාත්‍යාංශය එක්ව ජාත්‍යන්තර අනුමැතිය ලබාගනිමින් මෙම විශේෂ ගුවන් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කරන විට, ගොඩබෑම, ගුවන් යානා නැවැත්වීම, භූමිය හැසිරවීම යනාදී මෙහෙයුම් පිරිවැය, සැපයුම්කරුවන් සමඟ සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ එය දැරීමට සිදුවීම ආදිය නිසා වෙනත් ගුවන් ගමන්වලට සාපේක්ෂව මෙම ගුවන් ගමන් වෙනුවෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බව ද ඔහු කීවේය.
බොහෝ ගුවන්තොටුපලවල් වසා දමා තිබීම නිසා ආපසු පැමිණීමේ දී ආහාර සැපයීමේ සේවා සහ බලාපොරොත්තු නොවූ ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා ගොඩබිම් සේවා සංවිධානය කිරීම වෙනුවෙන් කොළඹ සිට ඉන්ධන පවා රැගෙන යාමට සිදුවන අතර මෙම ගුවන් ගමන් සදහා අධික පිරිවැයක් දැරීමට වන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.
කොවිඞ්-19 තත්ත්වය යටතේ සිදුවන ගමන්වලදී කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂණ උපකරණ භාවිතා කිරීම, ගැඹුරු පිරිසිදු කිරීම, මතුපිට මීදුම ඉවත් කිරීම් සහ ගුවන් යානා විෂබීජ හරණය ආදිය සිදුකළ යුතු බැවින් වියදම් තවදුරටත් ඉහළ යන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපේ රටේ මිනිස්සු ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. එහේ හිරවෙලා ඉන්නකොට කෑගහනවා ගෙන්න ගන්න කියලා. ගෙනාවට පස්සෙ සල්ලි ගෙවපු රිසිට් එක එෆ්බී දානවා. පිටරට ඉගෙන ගන්න යන්නෙ ඒ වියදම දරාගන්න පුලුවන් ළමයි. ඒ නිසා මේ වෙලාවේ රජය සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාව කරන සේවයට අපි හැමෝම උදව් කරගෙන... මේ කරදරෙන් බේරෙන්න හදනවා මිසක් තවත් වැඩකට නැති දේවල් කියලා ඒ මිනිස්සුත් කලකිරවන්න එපා.
මේ වගේ වෙලාවක මෙහෙම කට්ටිය ගෙනාපු එක ලොකු දෙයක්... අගය කොට සලකමි.
ලංකාවට ගේනකම්ම ඇඬුවා.. අන්තිමට රිස්ක් එකකුත් අරගෙන ගිහින් ගෙනාවාම ඒකෙ ගාන වැඩියි කියලා කියනවා.. මොන දේ කළත් කිසිම හොඳක් දකින්නේ නැති කුහක මිනිස්සු.. නිරෝධායනයට ගෙනියන්න හදනකොට මැරෙන්න දඟලුවා.. සති තුනක් විතර හොඳට කාලා එනවා.. අඩුම ගානේ රුපියල් 10000 ඒ වෙනුවෙන් ගෙවන්න්න බැරි රටක ඉඳන් ඇවිත් තියෙන්නේ...
එතකොට මට කවුරු හරි පැහැදිලි කරලා කියනවද ඇයි චීනෙන් මුලින්ම කට්ටිය අරගෙන එනකට ටිකට් වලටවත් සල්ලි ගන්නේ නැතුව නිකන් එක්ක අවේ මොකද කියලා... මොන පදනමක් මතද එහෙම කලේ? දැන් වැඩියෙන් ගන්නේ මොකටද එතකොට?
කතාව බොහොම සාධාරණයි. ලංකාවට ගෙන්න ගන්න කියලා ඉල්ලීම් කරන හැමෝම මෙය තේරුම් ගත යුතුයි. රටේ පවතින තත්වය උඩ මෙහි වියදමත් රජයට දැරීමට අපහසු බව අප තේරුම් ගත යුතුයි. මමත් ඉන්නේ විදේශයක.... මේ රටෙත් කොරෝනා රෝගීන් දිනපතා වැඩිවෙනවා. අපි ආවත් අපිත් මෙයට එකඟ විය යුතුයි.
ගාස්තු අයකළ යුතුයි..!! එයාලා සාමාන්‍ය තත්වයක් යටතේ එනවිට ගාස්තු ගෙවලනේ එන්නේ...!!!
මැදපෙරදිග රටවල් කැමැත්තෙන් ඉන්නවා නොමිලේ අපේ ශ්‍රමිකයන් ලංකාවට රැගෙන යාමට.. ඒත් ලංකා රජයෙන් තවම කැමැත්ත දෙන්නේ නැහැ..
කලින් අපි කිව්ව කතාව ඇත්ත එහෙනම්... ලංකාවේ මේ වැඩේ ගැන ප්‍රචාරය කෙරෙන්නේ හරියට මේ ඇතිවෙලා තියෙන වසංගත තත්වය නිසා මේවා ආණ්ඩුවේ වියදමෙන් කෙරෙන සමාජ සත්කාර හැටියටයි. මුල් වතාවට ඇමතිවරයෙකුගේ පුතෙක් හිටියා... බීජින් වල හිටිය කණ්ඩායම අරගෙන ආවේ නම් නොමිලයේ කියලයි ප්‍රචාරය වුනේ. දැන් තමයි බිල් කඩන්න හිතිලා තියෙන්නේ. ඉස්සර සුරතල් බලුපැටියෙක් ගෙනෙන්නත් ගුවන්යානා යවපු අයනේ ඉතින්...
ණය ආධාර හමු වුනේ මේ වගේ දේවල් වලට යොදවන්නත් එක්ක තමයි. සාධාරණ ගානක් ගත්තට කමක් නෑ. ප්‍රශ්නෙ මේවට යොදවන්නේ නැතිව ණය ටික හොරකම් කරන එකයි...
අපි ලමයි යවල තියෙන්නේ සල්ලි තියෙන නිසා නෙවෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අපේ ලමයින්ට ශිෂ්‍යත්ව දුන්න නිසා. නැතුව ලමයි රට යවන්න පුළුවන් සල්ලි කාරයෝ නෙවෙයි අපි. ඔය කියන විදියට අපෙන් කවුරුත් කවදාවත් ඇහුවේ නෑ මේ මහ විසාල මුදල් ගෙවලා ගේන්න පුලුවන්ද කියල.... ඕවා කරේ සල්ලිකාර හත් අට දෙනෙක් එක්ක සෙට් වෙලා. අපි ලමයින්ට සල්ලි දීලා දැං දහ අතට ණය වෙලා. ඕකට ආණ්ඩුවේ එක ලොක්කෙක් සම්බන්ධයි. අපි ජනාධිපති කාර්යාලයෙන් ඇහුවා එතන අය ඔය ගැන දන්නේ නෑ. අපි ශිෂ්‍යත්ව තියෙන ලමයින්ට සහනයක් ඉල්ලුවා. ඒ නිලධාරියා අපිට බැන්නා. සල්ලි කාර පොරක් ඒ නිලධාරියාගෙ යාලුවා. සල්ලිකාර දෙමවුපියෝ හත් අට දෙනෙක් නිසා ගොඩක් දුප්පත් දෙමව්පියන් අසරණ වුණා.
අයියෝ අපි හිතුවෙ ශවෙන්ද‍්‍ර සිල්වා, රණතුංග, බන්දුල කියන විදිහට මෙ දරුවෝ නොමිලේ ගෙනාවා කියලනේ...
කඩුල්ලේ තරම දැනගෙන වැට පනිනු.. තමන්ගේ තරම දැනගෙන වැඩ කරනු...
මේ වෙලාවේදී ආණ්ඩුව කරන්නේ සේවයක්. වෙනත් ලාබ ක්‍රමයක් තියෙනවා නම් ඇයි ආණ්ඩුවට බැන බැන ඉන්නේ. ලංකාවේ හොද උපාධි වලට යන්න ලකුණු මදි උන නිසා පිටරටින් දොස්තර ඉංජිනේරු උපාධි ගේන්න ගියා මිසක් දුප්පත් කම නිසා රට ගියා නොවේ නේ.
ඇමැතිලාගේ දරුවන්ව ගෙන්න ගත්තෙත් ඔය කියන විදිහටමද....? මේවා ගැන පරීක්ෂණයක් අපි ඉල්ලනවා... ලැහැස්තිවෙලා ඉන්න...
වීරවංශගේ පුතාගෙන් කියක් අයකලාද....? අපි මේ ගනුදෙනු ඔක්කොම හොයනවා.
සල්ලිවල අගයක් දැන් නැහැ... අපිට අපේ ළමයි ටික ගෙන්වලා දෙන එක ගැන හරිම සන්තෝසයි... සල්ලි කොච්චර ගත්තත් කමක් නැහැ. අපිට අපේ දරුවන් ලොකුයි සල්ලි වලට වඩා... මේ කරන ක්‍රියාවට ජනාධිපති තුමාට සහ රජයට අපි ණයගැතියි...
ඇත්තටම මෙහෙම කුහක ජාතියක්. එන්න බැරි අය ඉන්න. මේ රටේ අහිංසක දුප්පත් මනුස්සයෝ ලක්ශ ගානක් ඉන්නවා... මේ වෙලාවෙ සේවය අවශ්‍ය. ඕන ගානක් දෙන්නම් ගෙන්නගන්න කියලා අඩඅඩා වීඩියෝ දාලා ගෙන්න ගත්තම ඔහොම හැසිරෙන්න එපා. අනිත් රටවල් ගෙන්නගන්න තියා වයසක ජනතාවද අතඇරලා තියෙන වෙලාවක ගෙන්වා ගැනීමම කොයිතරම් දෙයක්ද? නැත්තන් කොහොම එන්නද? අපි කවුරුත් ඒ ඒ අවස්තවට අනුව බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙන්න ඕනා. කුහක වෙන්න එපා. රටේ මිනිස්සුන්ට සේවය කරන්න තියන ටික ඉවරයි ඔබලා කියන විදියට කරොත්. 70000කට වඩා එන්න කැමතිය් කියලා තියනවා. එතකොට හිතන්න යන වියදම ....
නයිට් බස්එකේ ටිකට් නැතුව යනවා වගේ ගුවන් යානාවල යන්න බැහැ.
ගුවන් ප්‍රවේශ පත්‍රයේ වියදම අදාල පාර්ශවය ගෙවිය යුතුයි. ඒ වුනාට විශාල මුදලක් අයකර ගැනීම අනුමත කරන්න බැහැ..
මේව අවස්ථාවේ දී විශාල පිරිවැයක් දරන නිසා ගුවන් ගමන් ගාස්තු වැඩිලු ඒක කමක් නෑ කියමුකෝ. සාමාන්‍යයෙන් ඩුබායි ඉදලා කොළඹට අපේ ගුවන් සේවයේ ගාස්තුව මෙන් තුන් ගුණයකටත් වැඩි එම කාලයම වැය වෙන සීෂෙල්ස් හි වික්ටෝරියා සිට කොළඹට ගුවන් ගමන් ගාස්තුව. මෙම මාර්ගයේ යාම් ඒම් සදහා විශාල මගීන් පිරිසක් සිටිනවා. සිෂෙල්ස්, ඉන්දියානු, ලාංකිකයින්. නමුත් ශ්‍රී ලාංකන් ගුවන්සේවයේ එම ගාස්තුව හෝ ඊට සමාන ගාස්තුවක් ගෙවා වික්ටෝරියා - ඩුබායි - කොළඹ ට පැමිණිය හැක.
මේ වෙලාවේ මෙහෙම කරන එක ලොකු දෙයක් නෙවෙයිද?. හැමෝම චෝදනා කරනවා, නමක් නැහැ ඔපෙන් විදියට චෝදන කලහම කව්රුත් මුකුත් කරන්නේ නැහැනේ.... නිව්ස් එකක් විතරයි මුකුත් දන්නැති තොත්ත බබල වගේ.... මේ ෆ්ලයිට් එකක් යනකොට නිකන් යන්නේ කාගෝ මුකුත් නැතිව. එතකොට වියදම වැඩියි. තව ටික දවසක් ගියහම බලන්න මේ අය අයෙත් යන්න ඕනේ කියන්නේ නැද්ද කියල, ඒ වගේම මේ අය එන්නේ රටට ආදරේට නොවයි කියල නම් පැහැදිලියි....
ලංකා ගුවන් සේවය ගිලන් රථ සේවයක් නොවේ. පිටරට වල හිරවෙලා ඉන්න තමන්ගේ දරුවෝ ගෙන්නගන්න එක දෙමව්පියන්ගේ වග කීමකි. තමන්ගේ දරුවෝ පිටරට ඇරය වගේම ආපසු ගෙන්න ගැනීමත් ඔවුන්ගේ වගකීමය. එය රජයේ හෝ රටේ ගුවන් සේවයේ වග කීමක් නොවේ. එහෙත් ඔවුන් ඉදිරිපත්වීම අපි අගය කල යුතුය. තමන්ගේ දරුවන් පිටරට යවන්නට පෙර ලංකා රජයෙන් හෝ ලංකා ගුවන් සේවයෙන් අවසරගෙන නැතුව ඇතැයි මම සිතමි. තම දරුවා පිනට ගෙන්න ගන්නත් හිතනවානම් එය වැරදිය. ඇත්තටම ඒ දෙමව්පියන් ලංකා ගුවන් යාන කුලියට ගෙන ඒවාට සම්පුර්ණ වියදම ගෙවිය යුතුය. මේ කොරෝන විනාශය නිසා කොපමණ පිරිසක් කන්න නැතුව ඉන්නවද.? අපේ දරුවන් ආපසු මව්බිමට ගෙන්නවා ගැනීම ගැන කතා දෙකක් නැත. ඔවුන් ආපසු ගෙන්න ගත යුතුය. එහෙත් යමෙක් ඒ දරුවන් පිනට ගෙන්න ගන්න හෝ අඩු ගාණනකට ගෙන්න ගන්න කවුරුහරි බලාපොරොත්තු වෙනවනම් එයද හිරි නැත. ලංකා ගුවන් සේවයට සහ රජයටද මගේ ප්‍රණාමය. ලංකා ගුවන් සේවය ගත් මාර්ගය හරියටම හරි. කාලකන්නි දේශපාලුවෝ කා දමපු ගුවන් සේවය යථා තත්වයට ගන්නට ඔවුන්ට සුභ පැතුම්...!!!