IMG-LOGO

ගුවන් බසයේ මංගල ගමනට එස්.එම්.එස්

ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ගුවනින් දැකීමට කැමතිම නගරය එස්.එම්.එස් කර දිවයින වටා සිරි නරඹමින් ගුවන් සවාරියක් යාමට වාසනාවන්තයින් 20 දෙනෙකුට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන්  ඇනවුම් කර ඇති ඒ 330-300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු ගුවන් යානාව  පිළිගැනීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන ලබන 31 වෙනි දින මෙම ගුවන් ගමන සැලසුම් කොට ඇත.

අදාල  වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රචාරය වන බවත් එය සවන් දීමෙන් පසු යවනු ලබන එස්.එම්.එස් වලින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.  

මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් මේ වන විට ප්‍රචාරය වීම ආරම්භ කර ඇති අතර  එයට සවන් දී එස්.එම්.එස්  යොමු කිරීම සඳහා මේ මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇත.

මෙම එස්.එම්.එස් අතුරින්  ජයග්‍රහණය හිමි කර ගන්නා වාසනාවන්තයින්ගේ නම් මේ මස 27 වෙනි දින නිවේදනය කරනු ඇත.

 



අදහස් (0)

ගුවන් බසයේ මංගල ගමනට එස්.එම්.එස්

ප්‍රනීත් Monday, 27 October 2014 07:49 PM

ඔක්කොමත් හරි, අපේ ගුවන් සේවිකාවන් ලංකාවේ අයට සළකන්නේ හරියට අපි එයාලගේ සල්ලි වලින් යනවා වගේ. කිසිම ගරුකිරීමක් නැහැ. සුද්දෙක් ආවා නම් බලන්න ඕනෑ දත් 32ම එළියට අරගෙන හිනාවෙන හැටි . අපේ ගුවන් සේවය පාඩු ලබන්න එක හේතුවක් තමා ගුවන් සේවිකාවන්ගේ හැසිරීම (නි)

:       0       0

ජොනතන් Monday, 27 October 2014 06:02 AM

අනේද හා, ඉස්සරනං ගුවන් සේවිකා තනතුරට ගත්තේ පංච කල්‍යනියෝ. දැන් ඉන්න අයව නං දැක්කම සසර එපා වෙනවා. අඩි 33,000 අරන් ගිහින් ප්ලේන් එකේ දොර ඇරලා එලියට විසි කරන්න හිතෙනවා. (බ)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Friday, 24 October 2014 01:08 PM

මම නම් නිකන් දුන්නත් යන්නේ නැහැ (නදී)

:       0       0

චරිත් අධිකාරි Saturday, 25 October 2014 04:56 AM

බොහොම සතුටු වෙන්න පුලුවන් පුවතක්. අනේ ඒත් අලුත් ගුවන් යානා සීයක් ගෙනාවත් වැඩක් නැහැ. ගුවන් සේවයේ ඉන්න වයසක ගුවන් සේවිකාවන් ටිකයි ආච්චිල ටිකයි විශ්‍රාම යවන්නේ නැතුව. සමහර ගුවන් සේවිකාවන් මගීන්ට සලකන්නෙ හරියට අපි සල්ලි නොදී නිකං යනව වගේ. (නදී)

:       0       0

සුපුන් Thursday, 30 October 2014 06:26 AM

ගුවන් සේවිකාවන් මඟීන්ට හරි ආකාරයෙන් සළකනවා නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හොඳයි. මම ජීවිතේ දැකලා තියෙන කැතම ගුවන් සේවිකාවන් ඉන්නේ මේ ගුවන් සේවයේ. කැත වුණාට උඩඟුකම නම් ඉහටත් උඩින්. (නි)

:       0       0

සුපුන් Thursday, 30 October 2014 06:27 AM

ගුවන් සේවිකාවන් මගීන්ට හරි ආකාරයෙන් සලකනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය හොඳයි. (නදී)

:       0       0

බණ්ඩාරවෙල කලීල් Sunday, 26 October 2014 07:15 AM

චිත්‍රෙග් කථාව සම්පූර්ණ ඇත්ත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site