කොරෝනා වයිරසය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය අද (2) අනතුරු ඇඟවීය.
ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය හරි අඩකින් 2.4%ක් දක්වා අඩු වනු ඇතැයි ද එම සංවිධානය පුරෝකථනය කළේය. එය 2008-09 වසරවල ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වූ අඩුම අනුපාතයයි.
එම තත්ත්වය පුරෝකථනය කර ඇත්තේ මේ වසරේදී වයිරසයේ බලපෑම අඩු වනු ඇතැයි යන අපේක්ෂාව යටතේ ය. එහෙත් මේ වසරේදී වයිරසය ව්‍යාප්ත වෙමින් සිදුවන බලපෑම ඉහළ නැංවුවහොත් ආර්ථිකයට සිදුවන බලපෑම තවත් ඉහළ යනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.
මේ වනවිටත් මේ වසරේ පළමු කාර්තාවේදී ගෝලීය ආර්ථිකය තරමක අවදානම් තත්ත්වයක පත්ව ඇතැයි ලෝකයේ ප්‍රධාන ආර්ථිකවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරමින් එම සංවිධානය සඳහන් කළේය.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. දෙසැම්බර් මාසයේදී කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. ඒ වනවිට චීනයේ ආර්ථිකය සියයට 4.9කින් වර්ධනය වන ඇතැයි අපේක්ෂා කර තිබුණු අතර එහෙත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළ අගයට වඩා 0.8%කින් චීනයේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට සිදුවිය.
‘‘චීනයේ නිපැයුම සීමාවෙලා. එය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපාවි’’ යැයි එම සංවිධානය සඳහන් කළේය.
ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සාමාජික රටවල් 36කින් සමන්විත අන්තර්රාජ්‍ය සංවිධානයකි. ලෝක වෙළෙඳාම සහ ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීමේ අරමුණින් 1961 වසරේදී මෙම සංවිධානය ස්ථාපනය කරන ලදි.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’ගෝලීය ආර්ථිකයේ වර්ධනයට කොරෝනා විශාල බලපෑමක්’