IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්න වසර පහක්වත් ගතවේවි’

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් කඩා වැටුණු ගෝලීය ආර්ථිකය නවැත යථා තත්ත්වයට පත්වීමට තවත් වසර පහක් පමණ ගතවනු ඇතැයි ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන කාමන් රයින්හාට් අද (17) ප්‍රකාශ කළාය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය විය. ‘කොවිඩ්-19’ යන නිල නාමයෙන් හඳුන්වන නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්විය.

‘‘ලොක්ඩවුන් ඇතුළු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ සීමා ලිහිල් කළ පසු ආර්ථිකයේ යම් පිබිදීමක් ඇති වේවි. එහෙත් ආර්ථිකය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වෙන්න තවත් වසර පහක් වත් ගතවේවි’’ යැයි මැඩ්රිඩ් නුවර පැවැති සමුළුවකට දුරස්ථව සම්බන්ධ වෙමින් රයින්හාට් කීවාය.

‘කොවිඩ්-19’ වසංගතයෙන් ඇති වූ ආර්ථික පසුබෑම කාලයක් යනතුරු ඇතැම් රටවල පවතිනු ඇති බව ද ඇය පැවැසුවාය. එමෙන්ම පොහොසත් රටවල සිටින දුප්පත් ජනතාවටත් පොහොසත් රටවලට සාපේක්ෂව දුප්පත් රටවලටත් ගෝලීය වසංගතයෙන් වැඩි බලපෑමක් වනු ඇතැයි කී ඇය අසමානාත්මතාව ඉහළ යනු ඇතැයි ද ප්‍රකාශ කළාය.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ඇති කළ අර්බුදය හේතුවෙන් වසර විස්සකට පසු පළමු වතාවට ගෝලීය දරිද්‍රතා අනුපාත ඉහළ යනු ඇතැයි ද ඇය තවදුරටත් කීවාය..

රොයිටර්

055



අදහස් (0)

‘ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්න වසර පහක්වත් ගතවේවි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site