IMG-LOGO

2025 මාර්තු මස 27 වන බ්‍රහස්පතින්දා


ගමේ කුඩා ව්‍යවසායිකාවන්ට අත දෙන්න ක්ලාස්කොම් නොර්විජියානු සමග එක්වෙයි

ගම්බද කාන්තා ව්‍යවසායිකාවන් සංවර්ධනය කරන වැඩසටහනක් SLASSCOM Women Technopreneurs Forum සංවිධානය සහ නොර්විජියානු තානාපති කාර්යාලය සමග එක්ව දියත් කර තිබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන කිරීමේ අරමුණින් ගම්බද ප්‍රජාවගේ ව්‍යාපාර හා තාක්ෂණික දැනුම වර්ධනය කරමින් ප්‍රාදේශීය මට්ටමේ කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ව්‍යාපාරයේ ඊළඟ අදියර දක්වා යෑමට සහයවීම මෙමගින් සිදුකෙරේ.

ඒ වෙනුවෙන් ප්‍රවීණත්වයෙන් යුතු ව්‍යාපාර සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා ඔවුන් කුසලතා සහ නිපුණතා වලින් බලගැන්වීම, අරමුදල් වෙත ළඟාවීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම,ඩිජිටල් අවකාශයන් වෙත ප්‍රවේශ වෙමින් එම අවස්ථා භාවිතා කිරීමට ඔවුන්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම ද මෙමඟින් සපුරාලනු ඇත.

මෙම වැඩසටහන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් දියත් කෙරෙන අතර ඊට සහභාගිවන්නන්ගේ ජාලයක් පවත්වා ගනිමින් දැනුම,තොරතුරු සහ අවබෝධය බෙදාගැනීම සඳහා පදනමක් ද නිර්මාණය කෙරෙනු ඇත.

මූලික අදියර කිහිපයක් හරහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන SLASSCOM සහයෝගීතා හවුල්කරුවන් හරහා දේශීය කාන්තා ව්‍යවසායිකාවන්ගේ අවධානය ලබා ගනිමින් දියත් කිරීමට අපේක්ෂිතයි. එහි දෙවන අදියරේදී, W-Tech Forum විසින් තෝරාගත් කලාපීය ප්‍රමුඛයින් දිවයින පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායිකාවන් සමඟ සම්බන්ධ කිරීමට පියවර ගනු ඇත.

මෙම ක්‍රියාදාමය, ඒ පිළිබඳව  දැනුවත් කිරීම නිමිත්තෙන් වූ  භාෂා තුනෙන්ම යුතු සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙලකින් සහ වැඩසටහනට සහභාගිවන්නන්ගේ අතිරේක සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීමේ වැඩසටහනකින් ද සමන්විතයි. ඊළඟ අදියරට උපදේශන වැඩසටහනක් සහ සහභාගිවන්නන්ගේ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවක් ද ඇතුළත්. ඊට සමාන්තරව, ඔවුන්ගේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කිරීම,ආයෝජකයින් සමඟ සම්බන්ධ වීම සහ එම දායකත්වය පිළිබඳ දැනුවත් කරමින්  අවබෝධයක් ලබා දීම ද මෙහිදී සිදුවේ.

අවසාන අදියරේදී,සිය ව්‍යාපාරය වර්ධනය කරගැනීමට වැඩසටහනට සහභාගිවන්නන්ට ජාලගත අවස්ථා ලබා දෙනු ඇත. වැඩසටහනට සහභාගිවන්නන්ගේ ප්‍රගතිය ඇගයීම තුළින්, එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සලසා දෙන අතර ඒ අනුව ඊළඟ වසරේ වැඩසටහන ද සාර්ථකව සකසා ගැනීමේ හැකියාව ලැබේ.

ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් SLASSCOM Women Technopreneurs Forum ප්‍රධානී ආචාර්ය හර්ෂනී පෙරේරා මහත්මිය, SLASSCOM විසින් කොළඹින් පිට පළාත්වල ලබා ඇති ජයග්‍රහණ ගණනාවක් උපුටා දක්වමින් W-Tech Forum ව්‍යාප්තිය දිවයිනේ ග්‍රාමීය සහ නාගරීකරණය නොවන ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමේ වැදගත්කම සඳහන් කළාය.

වැඩසටහනට නායකත්වය දෙමින් Connectors Net ආයතනයේ නිරුබා පුෂ්පරාජා සහ MIT ආයතනය නියෝජනය කරමින් පූර්ණිකා වික්‍රමසූරිය යන මහත්මීන් කියා සිටියේ

 “මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව ඉතා ආඩම්බර වන අතර W-Tech Forum සහාය ඇතිව මෙය මෙහෙයවීමට ලැබීම සතුටට කරුණක් බවයි. දැනට මෙය වසරක ගමනක් වුවත් තව බොහෝ දුරක් ගමන් කල යුතුව ඇති බව ද මෙහිදී අවධාරණය විය.

“ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපාරික විප්ලවයට නායකත්වය දීම සඳහා කාන්තා පරපුර දිරිමත් කිරීමට බලාපොරොත්තු වන අතරම, ඔවුන්ට මඟ පෙන්වීම සහ උපකාර කිරීම සිය අපේක්ෂාව බව ද W-Tech Forum මණ්ඩලයේ නියෝජිත 99x හි ෂෙහානි සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) දේශීය තොරතුරු තාක්ෂණ/ BPM අංශයේ මෑත කාලීන කඩිනම් වර්ධනයක් සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කල ආයතනයක් වන අතර, ඒ සෑම අවස්ථාවකදීම සිය විවිධ සංසද හරහා කරන ලද සාමූහික උත්සාහයන් ගණනාවක් තුළින් ක්ෂේත්‍රයේ විශේෂිත අංශ සහ එම අවශ්‍යතා සඳහා කැප වී ක්‍රියා කර ඇත.

යාවත්කාලීන අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කිරීමේ සිට, වෘත්තීය සංවර්ධන වැඩසටහන් ප්‍රචලිත කිරීම, කුසලතා මුල් කරගත් රැකියා අවස්ථා සැපයීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රතිපත්ති ආශ්‍රිත සංවර්ධන ක්‍රියාකාරකම් දක්වා පවා, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ජාතික තලයේ වාණිජ මණ්ඩලය ලෙස SLASSCOM ස්ථාපිත වී ඇත.

2025 වන විට ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයන ආදායම් උපයන්නා බවට පත්වීමේ හැකියාව සහිතව SLASSCOM රටේ ‘පරිකල්පන ආර්ථිකය තුළ: ශ්‍රී ලංකා කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගත නියමුවා’ ලෙස ස්ථානගතව සිටියි.

SLASSCOM දේශීය ආර්ථිකයට ඉහළ වාණිජමය වාසි ගෙන ඒම සඳහා සිය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, සාම්ප්‍රදායික ආයතනික සහ සංස්කෘතික භාවිතයන්ට අභියෝග කිරීමටත්, පුද්ගලයන්ට සමාන අවස්ථා ලබා දීමට සහ වෙනස් කොට සැලකීම් සහ නොසලකාහැරීම් වලින් තොර වැඩකරන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට ද කැපවී සිටීයි.

Women Technopreneurs Forum (W-Tech Forum) බිහිවූයේ ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික පරිසර පද්ධතිය හරහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට, බහුතර හෝ සමාන කොටස් හිමිකමක් ඇති කාන්තා තාක්‍ෂණික ව්‍යවසායිකාවන්, දිරිගන්වමින් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සහාය වෙමින් ඒවා ප්‍රවර්ධනය සහ වර්ධනය කිරීම සඳහා පෙරමුණ ගැනීමේ මූලික අරමුණින්. ශ්‍රී ලංකාව තුළට අතිරේක අපනයන ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් ඇති කරමින් කාන්තාවන්ගේ දියුණුව සැකසීමට සහ ඔවුන් ඒ සඳහා සුදානම් කිරීමට ද ඔවුන් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පද්ධතිය මුහුණ දී සිටින ප්‍රධාන බාධකයක් වන්නේ අදාල ව්‍යාපාර සහ තාක්ෂණික අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ දුෂ්කරතාවන්ය.කාන්තාවන් ව්‍යාපාර කටයුතු සඳහා නැඹුරු වීම සහ තාක්ෂණ භාවිතයෙන් දුරස් කරවීමට රටේ සංස්කෘතික පසුබිම ඉවහල් වීමේ නැඹුරුවක් ද දක්නට ඇත.ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය හරහා වඩාත් සමෘද්ධිමත් සහ එක හා සමාන ජාතියක් බවට පත්වීමේ ගමන සාක්ෂාත්  කරගැනීම සඳහා W-Tech Forum මෙවැනි ගැටළු වලට අභියෝග කරමින් සහ ඉහළ සාර්ථකත්වයක් සමඟ කටයුතු කිරීමට නිරන්තරයෙන් පෙළගැසී සිටියි.



අදහස් (0)

ගමේ කුඩා ව්‍යවසායිකාවන්ට අත දෙන්න ක්ලාස්කොම් නොර්විජියානු සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා
2025 මාර්තු මස 27 600 1

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක


දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා
2025 මාර්තු මස 27 105 0

පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ


අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට
2025 මාර්තු මස 27 339 1

පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර


‘කුෂ්‘ සමඟ විදෙස් යුවළක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 27 592 0

රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය


පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම 22 වැනිදා සිට
2025 මාර්තු මස 27 56 0

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.


වෑන් රිය පෙරැළී 8ක් රෝහලට
2025 මාර්තු මස 27 307 1

ඇඹිලිපිටිය සිට බලන්ගොඩ හරහා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (27) පස්වරුවේ හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 454 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 675 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1358 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site