IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක්

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අනපේක්ෂිත තත්ත්ව සලකා බලමින් පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සහන රැසක් පිරිනැමීමට එච්.එස්.බී.සී. බැංකුව තීරණය කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ගනුදෙනුකාර පාරිභෝගිකයන්ට මෙම සහන ලබාදෙන බවත් වසංගත රෝගය ව්‍යාප්තියට එරෙහිව ගන්නා ප්‍රජා කටයුතුවලට සහ සෞඛ්‍ය අංශවලට සහාය දක්වන බවත් එම බැංකුව කියයි.

ගෙවීම් ස්ථානයන් වෙත ළඟාවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන, සියලුම කාඩ්පත් හිමියන් සඳහා මාර්තු මසට ගෙවීම් නියමිත දින ඊළඟකාඩ්පත් ප්‍රකාශනය ලැබීමට නියමිත දින දක්වා දීර්ඝ කිරීම, ප්‍රමාද ගාස්තු අය නොකිරීම, කාඩ්පතින් කරන රුපියල් 10,000 වැඩි සියලුම වෛද්‍ය වියදම් සඳහා, මාස 06ක් දක්වා පොලී ආපසු ගෙවීම, බැංකුව නැවත දැනුම්දෙන තෙක් චෙක්පත් අගරුවීම් ගාස්තු අය නොකිරීම, ශ්‍රී ලංකා රුපියල් කාල තැන්පතු කල්පිරීමේ දිනට පෙර ආපසු ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම, ගනුදෙනුකරුවන් හට එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සඳහා වේගවත් ප්‍රවේශයක් සහ වැඩි පහසුවක් සැලැසීම, එච්.එස්.බී.සී. අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ (දුරකතනය හරහා) පහසුකම් සැලැසීමේදී ලියාපදිංචි ගාස්තු අය නොකිරීම, ඩිජිටල් බැංකුකරණ හා බැංකු සේවා සඳහා මුදල් අය නොකිරීම, ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීමේ පහසුකම නොමිලේ සැපයීම යනාදී පියවර ගැනීමට බැංකුව තීරණය කර ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ආපසු ගෙවීම් මාස 03ක් අත්හිටුවීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාතික සම්බන්ධයෙන් මාස 06 තෙක් සියයට 50ක් දක්වා සහන සැලසීම, පෞද්ගලික ණය ආපසු ගෙවීම් මාස 06ක් දක්වා කාලයක් තාවකාලිකව නවතා දැමීමට ද එම බැංකුව පියවර ගෙන ඇත.

· ශ්‍රී ලංකා රජය යෝජනා කරන සහ ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් තවදුරටත් ලැබෙන විධි නියෝග පරිදි සියලු සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පූර්ණ වශයෙන් බැඳී සිටින බව ද බැංකුව දැනුම් දෙයි.

පවත්නා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය හෝ මූල්‍යමය වශයෙන් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් සිටීනම් 011-5 388 100 ඔස්සේ බැංකුවේ ‘කොවිඩ්-19’ සහන කණ්ඩායම අමතන ලෙසද [email protected] ඊමේල් යොමු කරන ලෙස ද එච්.එස්.බී.සී. බැංකුව සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

055



අදහස් (1)

ගනුදෙනුකරුවන් වෙනුවෙන් එච්.එස්.බී.සී. බැංකුවෙන් සහන රැසක්

nimal Thursday, 30 April 2020 02:44 PM

මෙ බැංකුව කිව්වොත් කියන්නේ බොරුමයි.. මෙහෙම කීවට මෙයාලා ලස්සනට හොරෙන් මෙ සියලුම සල්ලි අපෙන් ගන්නවා... තත්වෙ තියාගන්න ඔන නිසා බොරු ප‍්‍රචාරය කරනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site