බුල්නෑව ප්‍රදීප් රණතුංග
දිවයිනේ දෙවැනි විශාලතම ආර්ථික මධ්‍යස්ථානය සේ පිළිගැනෙන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය කඩිනමින් පිළියම් සෙවිය යුතු ගැටලු ගණනාවකින් පීඩාවට පත්ව තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළි, කැසිකිළි පද්ධතිය අවදානම්සහගත ලෙස අබලන් වී ඇත. පානීය හෝ සනීපාරක්ෂක කටයුතු සඳහා කිසිදු ජල පහසුකමක් ද එහි නොමැත. එමෙන්ම, ගොවීන් රැගෙන එන එළවළු, පලතුරු තොග අලෙවියට පෙර රැස්කර තැබීමට නිසි ගොඩනැගිලි පහසුකමක් නොතිබීම මෙහි කලක් තිස්සේ පවතින දැවෙන ගැටලුවකි. විදුලිය බිඳ වැටීමක දී පරිශ්‍රය වෙත ජෙනරේටරයක් මගින් විදුලිය සැපයීමට පහසුකම් සලසා දී ඇතත් මෙතෙක් එම පහසුකම වෙළෙඳ කුටි වෙත ලබාදී නොමැති බවද සදහන්වේ.
එළවළු, පලතුරු, කුළුබඩු ආදිය රැගෙන දෛනිකව පැමිණෙන වාහන ගාල් කිරීමට නිසි පහසුකමක් නොතිබීම, අප ජලය ගලායන කාණු පද්ධතිය විධිමත් නොවීම, දිනපතා දහස් ගණනින් පැමිණෙන ව්‍යාපාරික සහ ගොවි ප්‍රජාවට ගනුදෙනු සිදුවන තෙක් රැඳී සිටීමට කිසිදු ගොඩනැගිලි පහසුකමක් නොතිබීම ආදි ගැටලු ද ආර්ථික මධ්‍යස්ථානයේ සාර්ථක ඉදිරි ගමන අඩාළ කිරීමට හේතුවී තිබේ.
මෙරට පුම්‍රඛතම ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව කලක පටන් මෙම ගැටලු පැවතුණද මෙතෙක් ඒ සඳහා නිසි විසඳුම් දීමට කිසිවකු ඉදිරිපත් නොවීම ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ගොවීන්ගේ දැඩි අසහනය වඩවන්නකි. දෛනිකව ව්‍යාපාරිකයෝ සහ ගොවියෝ හාරදහස ඉක්මවා ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙති. අලුයම හතරේ සිට රාත්‍රී නවය පමණ වන තෙක් ආර්ථික මධ්‍යස්ථානය තුළ ගනුදෙනු සිදුකෙරෙන බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති. මෙම පසුබිම තුළ පවතින ගැටලු එහි දින චර්යාව පැහැදිලි අර්බුදයකට ඇද දමයි.
සුනිල් සෙනෙවිරත්න |
ටී.එම්. සංජය කුමාර |
සුනිල් දිසානායක |
බී.ඒ. නුවන් |
නිශාන්ත බංඩාර |
වසර ගණනාවකට පෙරාතුව මෙහි ඉදිකොට ඇති වැසිකිළි, කැසිකිළි පද්ධතියේ අභ්‍යන්තර නළ පුපුරා උතුරා යෑම හේතුවෙන් දැඩි සෞඛ්‍ය අවදානමක් මතුවී ඇත.
මෙම අවදානම පිළිබඳව ව්‍යාපාරිකයකු වන ටී.එම්. සංජය කුමාර මහතා මෙසේ පැවසුවේය.
“ඇත්තම කිව්වොත් මේ වැසිකිළිය හින්දා වහින කාලෙට මෙතැන එකම අපායක් වෙනවා. උතුරනවා ඉවරයක් නෑ. මෙතැන මිනිස්සු කන, බොන එලවළු, පලතුරු වගේ දේවල් විකුණන තැනක්. දවසකට ගොවියෝ, වෙළෙන්දෝ එලවළු, පලතුරු කිලෝ ලක්ෂ දෙකක් දෙකහමාරක් අරගෙන එන තැනක්. එහෙම බලන කොට මෙතැන අංක එකට තියෙන්න ඕන දේ පිරිසුදුකම. දුර ඉඳලා එන මිනිස්සු මෙතැන හරිහමන් වැසිකිළියක් නැතිවුණහම මොනතරම් අසරණ වෙනවද. මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. ආර්ථික මධ්‍යස්ථානේ වටේට ජීවත් වෙන මිනිස්සුන්ටත් මේක ලොකු ප්‍රශ්නයක්. තවත් පරක්කු නොකර මේකට ඉක්මන් විසදුමක් දෙන්න කියලා අපි ඉල්ලන්නේ.”
දඹුල්ල “නොනිදන නගරය” බවට පමුණුවමින් දිවයින තුළ ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කාර්යය ඇරැඹෙන්නේ මෙම එළවළු සහ පලතුරු මිල උච්ඡාවචනය වීමේ ක්‍රියාවලිය තුළ ගොවියා, ව්‍යාපාරිකයා මෙන්ම පාරිභෝගිකයා ද සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිවය. නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය, කන්දේහන්දිය, කිලිනොච්චිය, වව්නියාව ආදි ආර්ථික මධ්‍යස්ථාන කෘෂිකාර්මික ප්‍රදේශ කේන්ද්‍රීයවත්, මීගොඩ, වැළිසර, නාරාහේන්පිට, රත්මලාන, වාරියපොළ, කුරුඳුවත්ත, පිළියන්දල යනාදී මධ්‍යස්ථාන නගර කේන්ද්‍රීයවත් ස්ථාපිත වන්නේ ඒ අනුවය.
දෛනිකව එකතු වන එළවළු, පලතුරු අලෙවියට පෙරාතුව නිසි ලෙස රැස්කර තැබීමට පියස්සක් නොතිබීමෙන් දෛනික අපතේ යෑම කිලෝ දහස් ගණනක් දක්වා ඉහළ නැග තිබේ. අනුරාධපුරයේ මැදවව්විය, හොරොව්පතාන, කැකිරාව, ගලෙන්බිදුනුවැව ආදි ප්‍රදේශවල වැවෙන එළවළු, පලතුරු තොග දෛනිකව මෙහි ගෙන ඒම සිදුවේ. මහවැලි එච් කලාපයේ තඹුත්තේගම, එප්පාවල, නොච්චියාගම, ගල්නෑව ආදි ප්‍රදේශවලින්ද එළවළු, පලතුරු දෛනිකව මෙහි ගෙන එයි. ඉන් ඔබ්බට රාජංගනය, කටියාව ආදි ගොවි ජනපදවල වැවෙන එළවළු, පලතුරු ගෙන එන්නේ ද තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙතය.
ඉන් බැහැරව නුවරඑළිය, පුත්තලම, ගල්ගමුව ආදි ප්‍රදේශවලින් ද එළවළු, පලතුරු තොග මෙහි ගෙනඒම දෛනික සම්ප්‍රදායයි. උතුරේ යාපනය, කිලිනොච්චිය, වැලිඔය, වව්නියාව ආදි ප්‍රදේශවලින් ද ගොවියෝ සහ ව්‍යාපාරිකයෝ මෙහි පැමිණෙති. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පමණ ගොවි සහ ව්‍යපාරික ප්‍රජාව මෙහි එන බව සඳහන්ය.
ආර්ථික මධ්‍යස්ථානයේ තොග ව්‍යාපාරිකයකු වන නිශාන්ත බංඩාර මහතා මෙසේ කරුණු පැහැදිලි කළේය
“ගොවියෝ ගේන අස්වැන්න වැස්සට තෙමිලා, අව්වට වේලුණහම වෙන්නේ ප්‍රමිතිය පහළ වැටෙන එක. මිල අඩුවෙන එක. අවසානේ කිලෝ දාස් ගාණක් අහක දාන්න වෙනවා. ගේන එළවළු, පලතුරු ටික විකුණගන්න කලින් තියාගන්න හරිහමන් විදිහට ගොඩනැගිලි පහසුකමක් තියෙනවා නම් මේ විනාශය සිද්ධ වෙන්නේ නෑ. තැලිච්ච පොඩි වෙච්ච එළවළු ඉක්මනින්ම සවුත්තු වෙනවා. අවසානේ විකුණ ගන්න බැරිව අහක යනවා. මෙතැනට හරිහමන් විදිහට පියැස්සක් හදලා දුන්නා නම් මේ ගැටලුව ඉවරයි.”
2005 වර්ෂයේ සැප්තැම්බර් මස 13 වැනිදාවක තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කොට ඇත්තේ වෙළෙද කුටි 56 කින් සමන්විත වන අන්දමිනි. වත්මනෙහි එම වෙළෙද කුටි 12ක් සහල් ඇතුළු අනෙකුත් කුළුබඩු වෙළෙදාම සඳහා භාවිත කෙරෙන අතර සෙසු වෙළෙද කුටි 44 හි එළවළු, පලතුරු වෙළෙදාම සිදුවේ. කළමනාකරණ භාරයක් මගින් එහි පාලන කටයුතු සිදුවේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම කළමනාකරණ භාරයේ සභාපතිවරයාය. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා එහි ලේකම්වරයා ලෙස පත්වේ. තඹුත්තේගම කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරීවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ද එහි සාමාජිකයන් ලෙස පත්කෙරේ.
එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා මෙහි සෙසු සාමාජිකයන් ලෙස පත්වේ. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ කළමානාකාරවරයා හා විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පත් කෙරෙන නියෝජිතයකු ද මෙම කළමනාකරණ භාරයේ සාමාජිකයන් ලෙස පත් කෙරේ. කවරකු සිටියද මෙහි දෛනික පැවැත්මට එල්ල වී ඇති අයහපත් බලපෑම අවම කිරීමට මේ කිසිවකු සමත් නොවීම අවාසනාවකි.
ගොවියකු වන බී.ඒ. නුවන් මහතා මෙහි පවතින තවත් ගැටලුවක් පිළිබදව මෙසේ කරුණු කීවේය.
“මනුස්සයකුට හදිසියකට මුණ අතපය ටිකක් හෝදගන්න වතුර පහසුකමක් නෑ. මිනිස්සු වතුර බොන්නේ සල්ලි දීලා කඩෙන් අරන්. ගොඩක් දුර ඉඳලා සමහරු මෙතැනට එන්නේ. ඒ මිනිස්සු මේ හින්දා අසරණ වෙනවා. මෙතැන ලොකු වතුර ටැංකියක් හදලා තියෙනවා. ඒත් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නෑ. මට මතක විදිහට 2019 අවුරුද්දේ විතර ඉදලා මෙතැන වතුර පහසුකමක් නෑ.
එළවළු, පලතුරු තොග රැගෙන එන වාහන ගාල්කර තැබීමට නිසි පහසුකමක් නොවීම ද මෙහි පවතින දැවෙන ගැටලුවකි. මිලියන ගණනක් වැයකොට සති පොළ සඳහා නගරයේ ජයමාවතට යාබදව ඉදිකළ ගොඩනැගිලි වසර කිහිපයක් තිස්සේ වල්වැදී විනාශ වෙමින් තිබේ. ගොවියන්ට සිය ගනුදෙනු සිදුවන තෙක් අව්වෙන්, වැස්සෙන් බේරි ඉන්නට කවර හෝ පහසුකමක්ද මෙහි නොමැත.
දෛනිකව මෙහි යන එන ව්‍යාපාරිකයකු වන සුනිල් දිසානායක මහතා ඒ පිළිබඳව පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.
“දවසකට මෙතැන දාස් ගාණක් ගොවියෝ, වෙළොන්දෝ එකතු වෙනවා. ඒත් මිනිස්සුන්ට ඕනම කරන කිසි පහසුකමක් මෙතැන නෑ. බඩු අරන් එන වාහනයක් නවත්ත ගන්න හරි හමන් තැනක් නෑ. ඔහේ පාරවල් අයිනේ, අහුමුලු අස්සේ තමයි වාහන නවත්තන්නේ. ඇතුළට යනකොට පුදුම තදබදයක් තියෙන්නේ. මෙතැනට රථගාලක් හදලා දෙන්න කියලා මිනිස්සු කාලයක් තිස්සේ ඉල්ලන්නේ. ඒත් කිසි දෙයක් කෙරුණේ නෑ. වැඩිය ඕන නෑ වැස්ස වෙලාවට මෙතැනට ගොවියන්ට, වෙළෙන්දන්ට නොතෙමී ඉන්න තැනක් නෑ. සමහර වෙලාවට ගිනි ගහන අව්වේ මිනිස්සු පිච්චෙනවා. පුදුම දහදුකක් විදින්නේ. මේ ආණ්ඩුවෙන් හරි මේ දේවල් ගැන බලලා සහනයක් සලසනවා නම් ලොකු දෙයක්.”
අපතේ යෑම, වර්ග කිරීම, ප්‍රවාහනය, නඩත්තු වියදම්, සේවක වැටප්, දීමනා ආදිය හේතු කොටගෙන තොග මිලට සාපේක්ෂව එළවළු සිල්ලර මිල යම් පමණකින් ඉහළට යෑම සාධාරණීකරණය කළ හැකිව තිබේ. එහෙත් නිකරුණේ අස්වැන්න විනාශ වීම මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන අරඹයා මතුවන මෙවැනි අර්බුද හමුවේ ද ඉහළ යන එළවළු මිලට කර ගැසීමට සිදුවනුයේ පාරිභෝගික ජනයාටය. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙද සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසුවේ එම අපේක්ෂාව පිළිබදවය.
“මෙතැනට දවසකට ගොවියෝ, ව්‍යාපාරිකයෝ තුන් හාරදාහක් රටේ හැමතැනකම ඉදලා එනවා. ඉතිං ඒ අයට පහසුකම් තියෙන්න ඕන. ආර්ථික මධ්‍යස්ථානය පටන් ගත්ත කාලේ මීට අවුරුදු විස්සකට විතර කලින් තිබ්බ තත්වේ නෙමෙයි දැන් තියෙන්නේ. එදා එළවළු කිලෝ පහළොස්දාහක් විතර තමයි මෙතැනට ආවේ. දැන් කිලෝ ලක්ෂ දෙක හමාරක් විතර එනවා. ඉතිං අලුතෙන් පහසුකම් හැදෙන්න ඕන. අපි මේ ගැන වෙළෙද ඇමතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමා මෙතැන අලුතෙන්ම වැසිකිළි පද්ධතියක්, රථ ගාලක් හදනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. තව කඩ අලුතින් හදන්න යෝජනා කරලා තියෙනවා. ඉතිං අපි ඇමතිතුමා කිව්ව දේවල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
උතුරා යන වැසිකිළි පද්ධතියට ඇති විසදුම කුමක්දැයි අප තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් කුමාර මහතා වෙතින් විමසීමක් කළෙමු. එවිට ඔහු පැවසුවේ වෙළෙද අමාත්‍යාංශය මගින් ආර්ථික මධ්‍යස්ථානය තුළ නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති බවය. ඉදිරියේ දී එහි ඉදිකිරීම් ආරම්භ කෙරෙනු ඇති බව හෙතෙම පැවසුවේය.
අපද්‍රව්‍ය අයාලේ ගලා යන අන්දම
අයාලේ ගොඩ ගසා ඇති එළවළු, පලතුරු
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගැටලු ගොඩගැසුණු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය