
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ පරිවර්තනීය ගමන කෙරෙහි බෙහෙවින් ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පවතින ඉහළ තරගකාරීත්වය හමුවේ මෙම හෝටලයේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. ලංකාවේ සංචාරක කර්මාන්තයේ ධනාත්මක ගමන් මග සහ එහි සුබවාදී දැක්ම කෙරෙහි ද මෙමගින් මනා දායකත්වයක් සපයයි.
ලංකාවේ හෝටල් කර්මාන්තය තුළ වසර 35කට අධික අත්දැකීමක් සහ ඉතිහාසයක් ඇති කොළඹ හිල්ටන් හෝටලය නවීන මෙන්ම සුඛෝපභෝගී පහසුකම් රැසකින් සමන්විත අතර එහි අමුත්තන්ගේ කාමර සහ සූට්ස් 368ක් තිබේ. එපමණක් නොව වැඩිදියුණු කළ පොදු පහසුකම් රාශියක් මෙන්ම කාමර, අති නවීන භෝජනාගාර, අවන්හල්, රැස්වීම් පහසුකම් අන්තර්ගත වේ. මේ සියලුම පහසුකම් ඔස්සේ හිල්ටන් හෝටල සන්නාමයේ ගෝලීය ප්‍රමිතිවලට අනුව සේවා පිරිනමනු ලැබේ.
2025 වසරේදී සමාගමේ ලාබදායිතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ අරමුණින් උපායමාර්ගික සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක විය. සාර්ථක ණය ප්‍රතිමූල්‍යකරණය ද මීට ඇතුළත් වූ අතර, එමගින් ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු මට්ටමින් අවම කරමින් මූල්‍ය නම්‍යශිලීත්වය ඉහළ නැංවීය. සමාගමේ ලාබදායිතාව මෙන්ම දිගු කාලීන මූල්‍ය තිරසාරභාවය වර්ධනය කෙරෙහි එය ඉතා උපකාරී වේ.
මීට අමතරව මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ තිරසාර ලාබදායිතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිරිවැය ප්‍රශස්ත කිරීමට ද සමාගම කටයුතු කර ඇත. මේ හරහා වැටුප් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙන්ම මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා වැයවන පිරිවැය අවම කරමින් පිරිවැය තත්වය වඩාත් යහපත් පරිදි කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
තරගකාරී වෙළෙඳපොළේ හෝටලයේ ආදායම් තත්වය වර්ධනය කරගනිමින් එහි මෙහෙයුම් කටයුතු වඩාත් තරගකාරී ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් වෙන් කිරීමට සමාගම ක්‍රියා කර තිබේ. ඒ තුළින් කොළඹ හිල්ටන් හෝටලයේ වාණිජ සහ අලෙවිකරන හැකියාව තවදුරටත් ඉහළ නැංවේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිමවේ