IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොහොමද BUSINESS: විශේෂ වෙනසක් නෑ: අවශ්‍ය බිස්නස් එක කෙරෙනවා

ටොයෝටා ජෙනුවින් වාහන අමතර කොටස් අලෙවියේ නියුතු ෆායාස් මහතාගේ එන්.ආර්.එස්. මෝටර්ස් පංචිකාවත්තේ 214B යන ස්ථානයේ පිහිටා තිබේ. මෙම වෙළෙඳ සැල මෝටර්  රථ අමතර කොටස් මිලදී ගන්නා සැමටම හුරුපුරුදු ස්ථානයකි. දැනට මෙම ව්‍යාපාරය ෆයාස් මහතා ගොඩනංවා අවුරුදු 25ක්  ගතවී තිබේ. ඒ කාලය තුළ ඔහු මේ ක්ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් ප්‍රමාණය අතිවිශාලය. මේ දවස්වල බිස්නස් කොසේදැයි අපි  මොහොමඩ් ෆයාස් මහතාගෙන් විමසුවෙමු. 

Q: මේ  දවස්වල කොහොමද බිස්නස්?
මේ දවස්වල කියලා විශේෂයක් නැහැ. දෙයියන්ගේ පිහිටෙන් අපට අවශ්‍ය බිස්නස්  එක වෙනවා. එදිනෙදා අවශ්‍ය ආකාරයට බිස්නස් එක යනවා. එක දවසක් බිස්නස් එක අඩු වුණොත් අනිත් දවසේ ඒක සම්පූර්ණ වෙන්නත් එක්ක වාසි බිස්නස් එකක් ලැබෙනවා. සමහර දවස්වල උදේට අඩු වුණොත් හැන්දෑවට හරි ඒක සම්පූර්ණ වෙනවා. මම ව්‍යාපාර පටන් ගත්තු මුල් කාලයට වඩා වර්ධනය වීමක් තමයි වුණේ.


Q:  බිස්නස් වැඩිවෙන්න හේතුව මොකක්ද?
ඇත්තටම කියනවා නම් මම බොරු නැතුව කාටවත් වංචා කරන්නේ නැතුව බිස්නස් එක හරියට කළා. එහෙම වුණොත් දෙයියෝ වුණත් අපි දිහා බලනවා. මගේ සාර්ථකත්වය එතන. මම වැඩ කරන අයට කියන්නේ හොර බොරු තැතුව වැඩ කරන්න කියලා. මං ඒ අයට කියන්නේ මගේ දිහා බලලා හැදෙන්න කියලා. ඉස්සර මං ළඟ සේවකයෝ හතර දෙනෙක් හිටියා. දැන් සේවකයෝ දෙන්නෙක් ඉන්නවා.
අමිල චින්තක ගමගේ
ඡායාරූපය: ඉසුරු පෙරේරා 



අදහස් (0)

කොහොමද BUSINESS: විශේෂ වෙනසක් නෑ: අවශ්‍ය බිස්නස් එක කෙරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site