IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොහොමද BUSINESS: ගෙදරකට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නවත් මිනිස්සුන්ට සල්ලි නෑ

වෙනදට වඩා අපේ බිස්නස් අඩු වෙලා තියෙන්නේ. හේතුව මොකක්ද කියල හරියටම හිතා ගන්න බෑ. පසුගිය දවස්වලනම් පාසල් නිවාඩුවත් වෙළෙදාම අඩු වෙන්න බලපෑවා. හැබයි දැන් ආයේ පාසල් ආරම්භ කරල තියන නිසා ටික ටික බිස්නස් සාමාන්‍ය තත්වයට පත්වෙයි කියලා හිතනවා.

5 වැනි හරස් වීදීයේ ව්‍යාපාරික  - ආර්.පී. සිරි මුරුගයියා

 

පිටකොටුවේ වීදී අතර එකී මෙකී නොකී සෑම දේම අලෙවි වේ. කොයි කවුරුත් තොග මෙන්ම සිල්ලර බඩු මිලදී ගැනීමට පිටකොටුවට ළඟා වන්නේ ඒ නිසාය. ඕනෑම වෙලාවක සෙනඟින් පිරී ඉතිරී පවතින 5 වැනි හරස් වීදිය ප්‍රසිද්ධ වන්නේ හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිසය. 5 වැනි හරස් වීදියේ මේ දිනවල වෙළෙදාමේ තත්වය පිළිබදව සොයා බැලීමට 5 වැනි හරස් වීදියට ගියෙමු. එහිදී ලොරි රථ සහ කරත්තකරුවන්ගේ අඩුවක් නොවූ නමුත් වෙනදා මෙන් සෙනගින් පීරි ගොස් නොතිබිණි. යම් තරමක උදාසීන බවක් දැකගත හැකි විය. තොග වෙළෙඳසැල් ආශ්‍රිතව වෙනදට දකින්නට ලැබෙන කඩිමුඩිය නැත. 5 වැනි හරස් වීදීයේ ආර්.පී. සිරි මුරුගයියා මහතාගේ වෙළෙදසැලට අපි ගොඩ වූයෙමු. 


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
වෙනදට වඩා අපේ බිස්නස් අඩු වෙලා තියෙන්නේ. හේතුව මොකක්ද කියල හරියටම හිතා ගන්න බෑ. පසුගිය දවස්වලනම් පාසල් නිවාඩුවත් වෙළෙදාම අඩු වෙන්න බලපෑවා. හැබයි දැන් ආයේ පාසල් ආරම්භ කරල තියන නිසා ටික ටික බිස්නස් සාමාන්‍ය තත්වයට පත්වෙයි කියලා හිතනවා. මේ අවුරුද්දේ නම් උත්සව සමය කියලත් වෙළෙදාම වැඩි වීමක් වුණේ නෑ. හාල්, අල, පරිප්පු, ලූනු, පිටි, සීනී වගේ හැමෝටම අත්‍යාවශ්‍ය භාණ්ඩ අපි අලෙවි කරන නිසා හැමෝම හිතන්නේ අපිට බිස්නස්වල ලොකු අඩුවක් වෙන්නේ නෑ කියලා. ඒ වුණාට අනෙත් ක්ෂේත්‍ර වගේ තමයි මේ දවස් වල නම් ලොකු වෙළෙදාමක් නෑ.


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
උත්සව සමයත් පහු වුණ නිසා පාරිභෝගිකයන්ට කොහොමත් වියදම වැඩියි. ඉතිං මිනිස්සු ළඟ සල්ලි නෑ. ඒක තමයි බිස්නස් අඩු වෙන්න බලපාන ප්‍රධානම හේතුව. අපි විකුණන්නේ ගෙදරකට ඕනම අත්‍යවශ්‍ය භාණ්ඩ. ඒත් ඒවා මිලදී ගන්නවත් මිනිස්සුන්ට සල්ලි නෑ. ගණන් අහලා යනවා විතරයි ගන්නේ නෑ. ගණන් බලලා බලලා අඩුම තැනින් තමයි ගන්නේ. ඉස්සර රුපියල් 1000 කින් ගන්න බඩු ටිකෙන් භාගයයි අද රුපියල් 1000 ට ගන්න පුළුවන්. ඇත්තටම රුපියල් 1000 කින් ගෙදරකට ඕන කරන බඩුටික ගන්නත් අමාරුයි. ඒවා තමයි බිස්නස් අඩු වෙන්න බලපාන්නේ.
 
ශෂිකා අබේරත්න

 



අදහස් (0)

කොහොමද BUSINESS: ගෙදරකට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නවත් මිනිස්සුන්ට සල්ලි නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site