ව්‍යාපාර ලෝකයේ සුප්‍රකට වෘත්තීයවේදිනියක වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය OrphanCare වැඩසටහනේ භාරකාරිනියක ලෙස පත්කර තිබේ. වෙනස් කොට වෙනම සැලකීම පිටුදකිමින් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තියෙන් පන්නරය ලද OrphanCare ස්වාධීන භාරය, කිසිදු ජාති, ආගම් හෝ වර්ණ භේදයකින් තොරව සියලුම දරුවන්ට එහි ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සලසමින් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ මෙරට මවුපිය රැකවරණය අහිමි දරුවන් සිය වයස අවුරුදු 18 සම්පූර්ණ වී තමන් හැදී වැඩුණ ළමා නිවාසවල රැකවරණයෙන් නික්ම ගොස් වැඩිහිටියන් ලෙස සමාජගත වන අවස්ථාවේදී ඔවුන්ට සවිමත් අත්වැලක් ලබාදීම අරමුණු කරගෙනය.
එලෙස OrphanCare වැඩසටහනේ ඉදිරි ගමන ශක්තිමත් කරමින් එහි භාරකාර මණ්ඩලයට එක්වූ කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ හා සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන 5- Hour International Corporation හි ප්‍රධාන විධායක නිලාධරිනිය ලෙස කටයුතු කරයි. 2020 වසරේදී Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වීම් ලැබීමත් සමග ඇය මෙරට ලැයිස්තුගත සමූහය ව්‍යාපාරයක සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූ අතර, 2024 මාර්තු මාසය වනතුරු ඇය එම තනතුරෙහි කටයුතු කළාය. මේ වනවිට ලංකා වාණිජ මණ්ඩලයෙහිද සාමාජිකාවක වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මීට පෙර ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය, සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය යන ආයතනවලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ.
කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මියට අමතරවOrphanCare වැඩසටහනේ භාරකාර මණ්ඩලය සභාපති රුස්ලි හුසේන් (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), භාණ්ඩාගාරික ජස්රි මැග්ඩන් ඉස්මායිල් (AAT හි හිටපු සභාපති), හර්ෂ අමරසේකර (ජනාධිපති නීතීඥ), කේ. ආර්. රවීන්ද්‍රන් (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), ශරද් අමලියන් (MASS Holdingsසම-නිර්මාතෘ), දේශබන්දු තිලක් ද සොයිසා (Helpage Sri Lanka සභාපති), ඔස්මාන් කාසිම් (අමානා බැංකුවේ නිර්මාතෘ සහ හිටපු සභාපති), තයිබ් අක්බරලි (Akbar Brohters හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ) සහ මොහොමඩ් අස්මීර් (අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කස්තුරි චෙල්ලරාජා විල්සන් OrphanCare භාරකාර මණ්ඩලයට එක්වේ