IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය සංවර්ධනයට CMA ශ්‍රී ලංකා අයවැය යෝජනා

  • රැකියා විරහිත පුද්ගලයන් 100,000කට පමණ රැකියා උත්පාදනය කළහැකි ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනය සඳහා ඉදිරිපත් කරන අයවැය යෝජනා 
  • ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය මුළු ව්‍යවසායවලින් සියයට  75කින්ද, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 52කින්ද, සේවානියුක්තියෙන් සියයයට 45කින්ද, අපනයනවලින් සියයට  5ක් වූ කුඩා ප්‍රමාණයකින්ද සමන්විත වෙයි
  • ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායවලට විශාල සමාගම් විසින් සහය දීමටත් එවැනි ව්‍යාපෘති සඳහා බැංකු යොමු කිරීමටත් රජ‌යේ සහයෝගය ලබා දිය යුතුයි

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශයට සහය පිණිස සහ විසඳුම් සෙවීමට 2020 අප්‍රේල් සිට රැස්වූ  CMA  ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව වෘත්තීය ආයතන, වාණිජ බැංකු, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සහ කර්මාන්ත‌යේ විශේෂඥයන්ගෙන් සමන්විත වෙයි. මින් සිදුවූ ප්‍රධාන නිර්දේශවලින් එකක් වූයේ 2019 වර්ෂයේ සිට ADB ව්‍යාපෘති යෝජනා අතර අනුමත ව්‍යාපෘතියක්ව තිබූ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ණය සුරැකුම් ආයතනයට පුනර්ජීවයක් ලබාදීමයි. 

මෙය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර මෙම වර්ෂයේ ජූනිවලදී ආරම්භ කරන ලදී. 2021 වර්ෂයේ සිට පැවතෙන එක්සත් ජාතීන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය දින සමුළුව අනුව යමින් 2025 ජූනි 27වෙනි දින වාණිජ බැකු 11ක සහ මූල්‍ය සමාගම් 2ක මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් 250ක සහභාගිත්වයෙන් සහ  බැංකු විසින් නම් කරන ලද හොඳම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ව්‍යාපෘති විනිශ්චය සඳහා තරගයක් සංවිධානය කරමින් නවතම සම්මන්ත්‍රණය පවත්වන ලදී. 

රැකියා විරහිත පුද්ගලයන් 100,000කට පමණ රැකියා උත්පාදනය කළහැකි ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනය සඳහා ඉදිරිපත් කරන අයවැය යෝජනා පහතින් දක්වා ඇත. 

1. ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම ව්‍යවසායකයන්ට සහ ව්‍යාපෘති ඇරඹීමට ප්‍රතිලාභයක් වියයුතුය.

ජාතික ණය සුරැකුම් ආයතනය මෙම වර්ෂයේ ජූනි මස ආරම්භ කරනු දැකීමට අපි සතුටු වූයෙමු. එසේම කාන්තාවන් කෙරේ විශේෂ අවධානය යොමු කරමින් ව්‍යවසායකයන් සහ ව්‍යාපෘති ඇරඹීම සඳහා ණය ප්‍රදානය කිරීමට පියවර ගතයුතුයයි යෝජනා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. 

2. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන ප්‍රවර්ධනය සහ සංවර්ධනය කරනු පිණිස අපනයනාගාර ස්ථාපිත කිරීම.

තවද, කමිටුව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන ප්‍රවර්ධනය කරනු පිණිස අපනයනාගාර ස්ථාපිත කළයුතුයයි නිර්දේශ කිරීමට බලාපොරොත්තු වෙයි. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම අපනයනාගාර සඳහා අවශ්‍ය අනුමතිය දියයුතුයයි අපි යෝජනා කරමු. මෙය අපනයනකරුවන් ‌ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සම්බන්ධවන එ‌මෙන්ම හිතකර පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් සැපයීම සලකා බැලීමට බැංකුවලට හැකිවන ආකාරයේ එකක් වියයුතුය. 

අපනයනාගාර ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදිත සහ සේවා විදේශ වෙළෙඳපොළවල අලෙවිකරනු ලබන අතර එය ප්‍රධාන වශ‌යෙන් දේශීය ගොවිතැන, ධීවර ප්‍රජාව, දේශීය සැපයුම්කරුවන්, නිෂ්පාදකයන්, අපනයන ගම්මාන, තොරතුරු තාක්ෂණ වැනි සේවා සපයන්නන් සහ තාක්ෂණික කුසලතා සපයුම්කරුවන්ට සහයක් වනු ඇත. එසේම ගෝලීය වෙළෙඳපොළෙහි ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග ජාතික අපනයන කෙරේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය වසර 3 සිට 5 දක්වා කාලය තුළ සියයට 5 සිට සියයට 15 දක්වා වර්ධනය කිරීමට සහය වෙයි. අපනයන සංවර්ධන මණ්ඩලය සමග ලියාපදිංචි වීම අපනයනාගර සඳහා නිල පිළිගැනීමක් ලබා දෙන අතර ජාත්‍යන්තර ප්‍රදර්ශන සංවිධානය කිරීමේදී අපනයන සංවර්ධනය මණ්ඩලය ඔවුන්ට සහයෝගය දියයුතුය. මෙයද අපනයන ව්‍යාපාරවලදී බැංකු පහසුකම් ලබා ගැනීම සඳහා ඔවුන්ට සහයක් වනු ඇත.  

3.  ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා නිර්වචනයක්

ප්‍රාග්ධන භාණ්ඩ, අමුද්‍රව්‍ය, වැටුප් ඇතුළුව සැලකියයුතු ලෙස බොහෝ භාණ්ඩවල මිල වැඩිවීම ප්‍රතිඵලය වන මුදලේ ක්ෂය වීම සමග බැඳුණු වර්තමාන නිර්වචනය වෙනස් කිරීමට යෝජනා කරමු. ශ්‍රී ලංකා මහබැංකු වර්ගීකරණයට සමාන රු. මිලියන 1,000 ඉහළ පිරිවැටුම් සීමාව මධ්‍යම පරිමාණ ව්‍යවසායවලටද වැඩි කරන ලෙස අපි යේජනා කරමු.   
4.  අනෙකුත් රටවලට සමානව මෙම අතිශය වැදගත් අංශයට ප්‍රවර්ධනය,  සංවර්ධනය සහ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම අරමුණ ඇතිව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක සංවර්ධන පනතක් සම්පාදනය කිරීමට යෝජනා කරමු.

පනත ශ්‍රී ලංකාව පුරා කුඩා කර්මාන්ත ලියාපදිංචි කිරීම, පාලනය කිරීම සහ ඒවායේ සේවකයන්ද ඇතුළුව ඒවා සඳහා ආරක්ෂාව සැපයීම ඇතුළු සියලු‍ කටයුතු එක් වහලක් යට සිදුවන ආකාරයේ තනි නෛතික රාමුවක් වියයුතුය. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශය නගාසිටුවීම සඳහා විවිධ යෝජනාක්‍රම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලය ඇති ජාතික මණ්ඩලයක් පනත යටතේ ස්ථාපිත වියයුතුය. එහි ප්‍රතිඵලයක් ‌ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශය කාර්මික නිෂ්පාදනවල සහ අපනයනවල ප්‍රධාන දායකයා බවට පත්වනු ඇත.

අවශ්‍යතාවක් ‌ලෙස පනත මගින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශය ජවසම්පන්න සහ ගතික අංශයක් බවට පත්කළයුතු අතර එය පෙරළා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයට ආරක්ෂාව සපයනු ඇත. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන පනත සකස් කිරීමේදී අවශ්‍ය සහයෝගය ලබාදීමට අපටද හැකියාව තිබේ. වාණිජ බැංකු, මූල්‍ය ආයතන සහ ජාතික ණය සුරැකුම් ආයතනයේ සහය ඇතිව රටපුරා නව ව්‍යාපෘති විශාල ගණනක් ස්ථාපිත කිරීමට මෙය ක්ෂණික ප්‍රතිඵලයක් වනු ඇත.

5. ගිණුම්කරණය, මූල්‍ය සහ පිරිවැය කළමනාකරණය, ඩිජිටල්කරණය සහ අලෙවිකරණය සඳහා විද්‍යුත් වාණිජ්‍යයේදී සහය දැක්වීම

තම පිරිවැය තීරණය කිරීමට, විධිමත් ගිණුම් සකස් කිරීමට, ලාබදායි ලෙස කටයුතු කිරීමට සහ ක්‍රමයෙන් කුඩා මට්ටමේ සිට මධ්‍යම පරිමාණ ව්‍යවසාය දක්වා දියුණු වීමට හැකිවන ආකාරයේ විධිමත් පොත්, ගිණුම් සහ පිරිවැය වාර්තා පවත්වා ගැනීම නිර්දේශ කරමු. ගිණුම්කරණයේදී ඩිජිටල්කරණය සහය වන අතර අලෙවිකරණ අංශය විද්‍යුත් වාණිජ්‍යය භාවිතයෙන් පුළුල් කර ගත හැකිය. මූල්‍ය සහ පිරිවැය වාර්තා පවත්වා ගැනීම අනිවාර්ය කළයුතු අතර එය ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයට ණය සැපයීමේදී අමතර ඇපයක් රහිතව අඩු පොලී අනුපාතයකට ණය සැපයීම සඳහා බැංකු අංශයට සහයෝගයක් වනු ඇත. 

6. ව්‍යවසායකත්වය ගොඩනැංවීම

සියලු‍ම මට්ටම්වලින් ව්‍යවසායකත්වය ගොඩනැගීමට සහයෝගය දියයුතුය. මෙමගින් ආචාරශීලී රැකියා නිර්මාණය කිරීම සහ ජීවන තත්වය වැඩිදියුණු කිරීම පහසු වනු ඇත. කුඩා ව්‍යාපාර ව්‍යාපාරික පරිසරය, මුදල්,  තොරතුරු සහ වෙළෙඳපොළ ‌කෙරෙහි අන් කවරදාටත් වඩා රඳා පවතී. රැකියා නිර්මාණය ප්‍රවර්ධනයට සහ නවෝත්පාදනයට විරැකියාවෙන් ව්‍යවසායකත්වයට යන ග්‍රාමීන් සංකල්පය ක්‍රියාත්මක කළ යුතුය.

7. කුඩා ව්‍යාපාර විශාල සමාගම් සමග සම්බන්ධ කිරීම 
මෙය දැනට සමහර විශාල සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් තාක්ෂණය, වෙළෙඳපොළ සහ මූල්‍ය තත්වයේදී ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායවලට සහය ලබා දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල ව්‍යාපාරවල පිරිවැය අඩුවන අතර සමාජයට දැරියහැකි මිලක් සැපයීමටද හැකි වී ඇත. මේ නිසා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායවලට විශාල සමාගම් විසින් සහය දීමටත් එවැනි ව්‍යාපෘති සඳහා බැංකු යොමු කිරීමටත් රජ‌යේ සහයෝගය ලබා දිය යුතුය. 

8. ලොව පුරා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායයන්ට සහය දක්වන එක්සත් ජාතීන්ගේ උදෘතයක් උපුටා දක්වන්නෙමු 

“සාමාන්‍යයෙන් 250කට නොඅඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යොදවන මෙම ව්‍යවසායලොව පුරා බොහෝ ආර්ථිකයන්හි කොඳුනාරටිය බවත් සංවර්ධනය වන රටවල ප්‍රධාන භූමිකාවක නිරතව සිටින බවත් අපි අමතක නොකළ යුත්තෙමු.” ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය මුළු ව්‍යවසායවලින් සියයට  75කින්ද, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 52කින්ද, සේවානියුක්තියෙන් සියයයට 45කින්ද, අපනයනවලින් සියයට  5ක් වූ කුඩා ප්‍රමාණයකින්ද සමන්විත වෙයි. 

9. තිරසාර සංවර්ධනයට සහ ගෝලීය ආර්ථිකයට වන ඔවුන්ගේ දායකත්වය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ජූනි 27 දින ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. CMA  ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව බැංකු සහ ඔවුන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් සමග මෙම සංසිද්ධිය අති සාර්ථක ආකාරයෙන් වාර්ෂිකව  සමරනු ලබයි. 

ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනය උදෙසා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය විසින් ඉටුකරනු ලබන භූමිකාව හඳුනාගැනීම සඳහා සෑම වසරකම ජූනි 27 දින ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය දිනය ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස අපි රජයට නිර්දේශ කරමු. 
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායවලටත් සමාජයටත් ප්‍රතිලාභ ගෙනෙනු පිණිස අපගේ අයවැය යෝජනා 2026 අයවැයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 



අදහස් (0)

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය සංවර්ධනයට CMA ශ්‍රී ලංකා අයවැය යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site