IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට

නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ  යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත.
 
මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දෙන ‘‘සියුම් ම ආර්ථික හැකිළීම’’ මෙය යැයි ද පැවසේ.
 
ලෝක ආර්ථිකය මෙලෙස කඩා වැටීමෙන් ලොවපුරා මිලියන 34.3කට ආසන්න ජනතාවක් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම පිරිසගෙන් වැඩිදෙනකු ජීවත් වන්නේ අප්‍රිකානු මහද්වීපයේ බව ද පැවසේ.
 
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වසරේ දී හා ලබන වසරේ දී ගෝලීය ආර්ථිකයේ නිමැවුම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.5කින් කපාහරිනු ඇතැයි ද පැවසේ. එම මුදල ලෝක ආර්ථිකය වසර හතරක් මුළුල්ලේ එක්රැස් කරගත ආර්ථික ප්‍රතිලාභවලට සමාන වේ.
 
මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 2.5ක සාමාන්‍ය අගයකින් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වසරේ ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය.
 
අල්ජසීරා 


(055)



අදහස් (0)

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 643 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 833 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site