භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ ලීසිං සහ මූල්‍ය සමාගම් අංශය අද වනවිට ශක්තිමත් සාර්ව ආර්ථික මූලධර්ම, ඉහළ යන ණය ඉල්ලුම සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙහෙයවනු ලබන ඉදිරි දැක්මක් සහිත මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ පියවර මගින් ශක්තිමත් කරන ලද වේගවත් වර්ධනයක් අභිමුව සිටින බවද ලංකා රේටින්ග් ආයතනය පවසයි.
2025/26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා අනාවරණය කෙරී ඇති ලීසිං සහ මූල්‍ය සමාගම් අංශයේ කාර්යසාධන දත්ත වාර්තා අනුව එම ආයතනය මෙම කරුණු සඳහන් කරයි. එහිදී ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සහ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය මගින් අඛණ්ඩ වත්කම් වර්ධනය, වැඩිදියුණු කළ ලාභදායීතාව සහ වත්කම් ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මෙම අංශය තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් එම ආයතනය පවසයි.
ඒ අනුව එම අංශය සිය ප්‍රාග්ධනීකරණය තවදුරටත් ශක්තිමත් කරගැනිමට සමත්ව සිටින බව පෙන්වාදෙන ලංකා රේටින්ග් ආයතනය, 2025/26 පළමු කාර්තුවේදී බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු නියාමන ප්‍රාග්ධනය (ප්‍රාග්ධන පදනම) ආසන්න වශයෙන් රුපියල් බිලියන 433 ක් බව පවසයි. මෙය සියයට 22 ක පමණ ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් (CAR) සඳහා සහාය වෙයි.
“2025/26 පළමු කාර්තුවේදී මෙම අංශයේ වත්කම් රුපියල් බිලියන 2,279.7 දක්වා අගයකට ළගා වුණා. එය 2023/24 මූල්‍ය වර්ෂයේ සිට 2024/25 මූල්‍ය වර්ෂය දක්වා සියයට 7.8 ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයකින් (CAGR) සිදු වූ වර්ධනයක්. ඒ වගේම 2025/26 පළමු කාර්තුව අවසානයේ දළ අක්‍රීය ණය (NPL) අනුපාතයත් 2023/24 මූල්‍ය වර්ෂයේ පැවැති සියයට 13.6ට සාපේක්ෂව සියයට 8.3 ක් දක්වා තියුණු ලෙස වැඩිදියුණු වුණා.“ ලංකා රේටින්ග් ආයතනය පවසයි.
මේ අතර 2024/25 මූල්‍ය වර්ෂයේදී මෙම අංශය වාර්තා කළ බදු ගෙවීමෙන් පසු ලාබය (PAT) රුපියල් බිලියන 69.4 ක් වූ අතර, 2025/26 පළමු කාර්තුවේදී එය රුපියල් බිලියන 18.0 ක් ලෙස සටහන්ව තිබේ. එසේම මෙම ලීසිං සහ මූල්‍ය සමාගම් අංශයේ මුළු වගකීම්ද වසරින් වසර සියයට 29.1 කින් ඉහළ ගොස් ඇති අතර, ශක්තිමත් තැන්පතු ගලා ඒම් හේතුවෙන් ණය ගැනීම් සියයට 75.9 කින් ඉහළ යාමක් සිදුව තිබේ.
“ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බැංකු නොවන මූල්‍ය සමාගම් සඳහා වන ප්‍රධාන සැලැස්මට අනුව, 2027 වන විට ස්වාධීන මෙහෙයුම් සඳහා මෙම ලීසිං සහ මූල්‍ය සමාගම් අවම ස්ථායිතා ලකුණු 60ක් ලබා ගැනීම අවශ්‍යයි. එහිදී සමාගම් ඒකාබද්ධ කිරීම් හරහා මෙම අංශයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් දිරිමත් කරාවි.“ ලංකා රේටින්ග් ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කල්බදු- මූල්‍ය සමාගම් වේගවත් වර්ධනයක උපායමාර්ගික පරිවර්තනයකටත් සැරසේ