IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කලාපොළ 2025 ඇරැඹී...


ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ ඊයේ (16) දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන්පාත්) හි පැවැත්විණි. 32 වැනි වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයක් ආකර්ෂණය දිනා ගැනීමට සමත්විය.

 1993 වසරේදී ජෝර්ජ් කිට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා එහි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ අනුග්‍රහය ලබා දෙයි.

 කලා පොළ, සෑම ක්ෂේත්‍රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටුන් ශිල්පීන් ඇතුළු විවිධ අංශවලට අයත් කලා ශිල්පීන්ට, කලා  ප්‍රජාව සහ නිර්මාණ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධවීමට පුළුවන් වේදිකාවක් සපයයි. මෙරට නිර්මාණාත්මක ආර්ථිකය සහ සමාජ සහජීවනය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා වෙළඳපොළක් මෙන්ම එකිනෙකාගේ දැනුම හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලබාදෙයි.

දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි 390කට වැඩි දේශීය කලාකරුවන්​ගෙන් මෙවර කලා පොළ වර්ණවත් විය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ඇන්ඩෲ පැට්‍රික් මහතා, කලා පොළ, 2025 නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර කලාකරුවන් හා අදහස්  හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ කලා කුටි නැරඹීම ද සිදු කළේය. 

Children's Art Corner තරුණ කලාකරුවගේ වැඩමුළුවක්, සජීවී සිතුවම් සැසියක් කලා කථිකාවතක් සහ විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංගයකින් ද  කලා පොළ විචිත්‍රවත් විය. 


ඡායාරූප | ඉසුරු පෙරේරා


 



අදහස් (0)

කලාපොළ 2025 ඇරැඹී...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site