IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කලාපීය සහ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අලු‍ත් කිරීමට රජයේ අවධානය

භානුක අමරසිංහ

ශ්‍රී ලංකාව කලාපීයව සහ ද්විපාර්ශ්වික ලෙස අත්සන් තබා තිබෙන වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් නැවත විමසීමට සහ අලු‍ත් කිරීමට අවශ්‍ය බව වත්මන් රජයේ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඉන්දියාවේ PHDCCI මගින් සංවිධානය කළ ව්‍යාපාරික සැසියකට සහභාගි වන අතරතුරදී ඉන්දියානු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

“අපිට කලාපීය රාජ්‍ය සමගින් ඇති කරගත්ත වෙළෙඳ ගිවිසුම් කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා අත්සන් කෙරුණේ දැනට වසර කිහිපයකට කලින්, නමුත් දැන් ගෝලීය තත්වය ක්‍රමයෙන් වෙනස් වෙලා. ඒ නිසා චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි අපගේ හවුල්කාරී රාජ්‍ය සමගින් කලාපීයව සහ ද්විපාර්ශ්විකව ඇති කරගෙන තිබෙන මේ වෙළෙඳ ගිවිසුම් පිළිබඳව නැවත විමසා බැලීමට සහ ඒවා අලු‍ත් කිරීමට අපට අවශ්‍යයි.“ අමාත්‍යවරයා පවසා තිබේ.

එසේම සිය රජය දැනටමත් තායිලන්තය සහ සිංගප්පූරුව සමගින් වෙළෙඳ ගිවිසුම් අත්සන් තබා තිබෙන බවත්, ඒ අනුව වෙනත් රටවලින්ද ඒ සඳහා වන උනන්දුවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“මේ ගිවිසුම් මගින් දෙපාර්ශ්වය වෙතම එක සමාන වාසි අත්විය යුතුයි. ඒ සඳහා වඩාත් පරෙස්සමෙන් සැලකිල්ලක් දැක්වීමක් සහ එකඟතාවකට පැමිණීමක් අවශ්‍ය වෙනවා.’’ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගෙන තිබෙන වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, එහිදී පවතින වෙළෙඳ හිඟය මඟහැරවීම සඳහා කටයුතු යොදන බව පවසා තිබේ. ඒ අනුව දැනට පවතින වෙළෙඳ ගිවිසුමේ පවතින නියෝග උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිදුකරන අපනයන ඉහළ දැමීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“අපගේ අපනයන පහසුකම් තවදුරටත් දියුණු කරමින් ඇගලු‍ම්, රෙදිපිළි, තේ සහ අනෙකුත් නිෂ්පාදන වැඩි වශයෙන් ඉන්දියානු වෙළෙඳ පොළට අපනයනය කිරීම සඳහා සැලසුම් අප සතුව තිබෙනවා.’’ අමාත්‍යවරයා පවසා තිබේ.



අදහස් (0)

කලාපීය සහ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අලු‍ත් කිරීමට රජයේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site