IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


කර්මාන්ත සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් සංචාරක ක්ෂේත‍්‍රයට මෝටර් රථ ණය යෝජනා ක්‍රමයක්

NDB බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය සහ වර්ධනයට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත සංචාරක ක්ෂේත‍්‍රයේ වාහන වෙනුවෙන් නව ණය යෝජනා ක්‍්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම නවතම හඳුන්වාදීම හරහා ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන අත්‍යවශ්‍ය කර්මාන්ත ක්ෂේත‍්‍ර ශක්තිමත් කිරීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම අවධාරණය කෙරේ.
මෙම යෝජනා ක්‍රමයෙන් නවතම හෝ ප‍්‍රතිසංස්කරණය කර මෙරටට ගෙන්වන ලද ලියාපදිංචි නොකළ බස් රථ සඳහා මූල්‍ය පහසුකම් සපයන අතර, සංචාරක ක්ෂේත‍්‍රයේ විවිධ අංශවල සේවා සපයන්නන්ට, හෝටල් ෂටල් සේවාවලට සහ අනෙකුත් ප‍්‍රවාහන සැපයුම්කරුවන්ට ඔවුන්ගේ ප‍්‍රවාහන පහසුකම් තවත් පුළුල් කිරීමට සහ නවීකරණය කිරීමට හැකියාව ලැබේ. රුපියල් මිලියන 25 ක් දක්වා ලබා ගත හැකි මෙම ණය පහසුකම්, වාර්ෂිකව සියයට 7 ක ඉහළ තරගකාරී පොලී අනුපාතයක් සහ වසර හතක් දක්වා දීර්ඝ වන ආපසු ගෙවීමේ කාල සීමාවක් සමගින් මෙම පහසුකම ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන ව්‍යාපාර සඳහා සහාය ලබා දෙයි.
මෙම යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය මූලික අවශ්‍යතාව වන්නේ විධිමත් ලෙස ලියාපදිංචි සංචාරක ව්‍යවසායක් හෝ ව්‍යාපාරයක් තිබීමයි. එමගින් සංචාරක ක්ෂේත‍්‍රය පුරා පුළුල් පරාසයක පැතිර ඇති සියලු‍ දෙනා වෙනුවෙන්ම මෙම මූල්‍ය පහසුකම සඳහා අවස්ථාව හිමි කරදෙයි. එසේම මෙහිදී ණය සඳහා ඉල්ලූම් කරන ආයතනවල පවතින ණය නැවත මූල්‍යකරණය කිරීමට වඩා ව්‍යාපාර වර්ධනය කේන්ද‍්‍ර කරගත් ආයෝජන සඳහා විශේෂයෙන් නිර්මාණය කර මෙම වැඩසටහන හරහා එක් ණය පහසුකමකට ඉල්ලූම් කළ හැක. සැලසුම් සහගත මුදල් ප‍්‍රවාහයක්, ණය ආපසු ගෙවීමේ හැකියාව සහ කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා පැහැදිලි දායකත්වයක් සහිත ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට මෙම පහසුකම සඳහා අයදුම්කර හැක. 
හොඳින් සැලසුම් කර ඇති ණය අනුමත කිරීමේ රාමුවකට අනුකූලව, ණය ගැණුම්කරුවන් සඳහා මූලික සුදුසුකම් සහතික කරගැනීමට කර්මාන්ත අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ NEDA, SEDA ඒකක සහ IDB නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ කලාපීය ආයතන හරහා සම්බන්ධීකරණය කෙරේ. මෙම ණය යෝජනා ක්‍රමය ආර්ථිකය ප‍්‍රකෘති තත්වයට ගෙන ඒමේ සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වන ජාතික අරමුණු සමඟ පෙළගැසී ඇති බව සහතික කරයි.
මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙමින් NDB බැංකුවේ ලීසිං අංශයේ ප‍්‍රධානී, සහකාර උපසභාපති දිලූම් අමරසිංහ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘රැකියා උත්පාදනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීම සහ අපේ රටේ සුන්දරත්වය මුළු ලොවටම පෙන්නුම් කරන සංචාරක ව්‍යාපාරය සැමවිටම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ අතිශය වැදගත් ක්ෂේත‍්‍රයකි. මෙම විශේෂිත මෝටර් රථ මූල්‍ය යෝජනා ක්‍රමය සමගින්, ඉතා සහනදායී සුදුසුකම් සපිරිය හැකි කොන්දේසි යටතේ විශ්වාසදායක, නවීන ප‍්‍රවාහන විසඳුම් සමගින් සංචාරක ක්ෂේත‍්‍රයේ නියැලෙන්නන්ට ඔවුන්ගේ සේවා තවත් ශක්තිමත් කිරීමට NDB බැංකුව පිටුබලය ලබා දෙයි. ඒ හරහා කර්මාන්තය යළි නඟා සිටුවීමට සහාය වීමට සහ ජාතියේ පුළුල් ආර්ථික පුනර්ජීවනයට දායක වීමට අපි බලාපොරොත්තු වෙමු,’ 
සංචාරක අංශයේ වාහන ණය යෝජනා ක්‍රමය වැනි මුලපිරීම් හරහා, NDB බැංකුව ජාතික ආර්ථික සංවර්ධනයේ ප‍්‍රධානතම හවුල්කරුවකු ලෙස තම භූමිකාව නැවත තහවුරු කරයි.



අදහස් (0)

කර්මාන්ත සවිබල ගැන්වීමට NDB බැංකුවෙන් සංචාරක ක්ෂේත‍්‍රයට මෝටර් රථ ණය යෝජනා ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site