කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) රැස්වී මෙම තීරණ ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කර ඇත.
ඒ අනුව එම අනුපාතික සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයන් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූලව ස්වයංක්‍රීයව ගැලපීම සඳහා ඉඩ හැරීමට ද මහ බැංකුව තීරණය කර ඇත.
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය සියයට 15 සිට සියයට 10 දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තවදුරටත් තීරණය කර ඇත.
055
COMMENTS
අවුරුද්දට කනා මුට්ටිය බිඳින තරඟ අපිට බැරි නිසා මහබැංකුව එයාලගේ ෆීල්ඩ් එකේ ඒක ලස්සනට කරනවා. මේ ක්‍රම දෙක සරලව කිව්වොත් බැංකු පද්ධතියට ද්‍රවශීලතාව එක් කිරීම හා එය අඩු කිරීම සඳහා යොදන ක්‍රම දෙකක්. හරි හමන් මුල්‍ය වෙළඳ පොලක් හරි, හරි හමන් කැපිටල් මාර්කට් එකක් නැතුව අපි අඳුරේ අත පත ගාන්නේ. කොටුවේ තියෙන උන්ඩියල් වෙළඳ පොළ අපේ සේරම මුල්‍ය පද්දතියට උඩින් තියෙන්නේ. දැන් මේක අපේ අවට රට වලට විතරක් නෙවෙයි වෙනත් රටවලටත් පැතිරිලා. සිනප්පුරුව උන්ඩියල් ක්‍රමේ නැති කරපු රටක්. නීති වගේම, කස්ටම් බදු මට්ටම් ආර්ථික උන්නතියට ඕන ව්දියට සකස් කරා. අපේ කස්ටම් ඉතින් දන්නවනේ. ජනපති තුමා මෙන්න තැන ආර්ථිකේ නාඩි වැටෙන තැන හරියට අල්ලලා බලන්න. පිට කොටුවේ උන්ඩියල් බැංකු වහල දාන්න. බැංකු වලට ලැබෙන, මේ ආර්ථික පල ආර්ථිකේ දෙවෙනි තුන්වෙනි ස්ථර වලට යන්නේ සොච්චමයි. මුල්‍ය බැංකු ෆිනෑන්ස් කාක්කෝ මේ පල සේරම උරා බොනවා. ඉන්සඩර් ඩීලින්ග්ස් කරල අල්ලපු, එක මුල්‍ය පරපෝෂිතයෙක් ඉන්නවද අපේ රටේ. හැබැයි රටේ පලවෙනි ධනපති දෙවෙනි ධනපති කියල පම්පෝරි ඇහෙනවා.
මේ අනුපාතික පහල දැමීමෙන් ජනතාවට කිසිදු සහනයක් මෙතෙක් ලැබී නැහැ. ඒ්වයේ වාසිය ගන්නේ බැංකු විසින් ම පමණයි. ඔවුන්ගේ ලාබය වැඩිකර ගන්නවා.
එතෙක් මෙතක් රට අගාදයට ඇදල දාපු පාලකයො කොරෝනා වලින් මඩ සෝදා ගන්නයි හදන්නෙ