IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනාවෙන් පසුබැස්ස සංචාරක කර්මාන්තය නංවාලීමේ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

( තිළිණි ද සිල්වා )

කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු යෝජනා ලබන සතිය වන විට ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.  

මීට අදාල කැබිනට් පත්‍රිකාව සැකසීමට පෙර මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කරන ලෙසද ඇමැතිවරයා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු හෝටල් හිමියන්ට සංචාරක මග පෙන්වන්නන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගම් සමග ද අද (13) පැවති සාකච්ඡාවකදි ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. 

සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය (ASMET) ශ්‍රී ලංකා හේටල් හිමියන්ගේ සංගමය (THASL) මාර්ගෝපදේශකයින්ගේ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය වැනි සංගම් නියෝජිතයින් සමග ක්ශේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබද මෙම සාකච්ඡාව පැවැත්විණි.  

මෙම සංගම්වල නියෝජිතයින්ගේ ඉල්ලීම වුයේ සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත් වන තුරු ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසිය යුතු බවත් , ක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලීසිං සහන සංචාරක සංවර්ධන බද්ධ ගෙවීම සදහා සහන ලබා දීම සම්බන්ධයෙන් ඔවුහු අදහස් පල කලහ.  

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ  සියළු ඉල්ලීම සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමුව ඇති බවයි.  

සංචාරක ව්‍යාපාර නංවාලීම සදහා දිගු කාලීන හා කෙටි කාලීන විසදුම් යෝජනාවලිය සැකසීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන ලබා දීම  සදහා මෙන්ම සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සදහා වු යෝජනා ඇතුලත් ඇමති මණ්ඩල පත්‍රකාවක් කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. 

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පෙන්වා දුන්නේ ජූලි මාසය වන විට මෙරට සංචාරක හෝටල් දේශීය හා විදේශිය සංචාරකයන්ට විවෘත  කිරීමට හැකිවනු ඇති බවයි.

එහිදි අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිරිදේශ දැනටමත් හෝටල් හිමියන් වෙත ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සමගද සාකච්ඡා කිරීමට අපෙක්ෂා කරන බවත් සභාපතිවරිය මෙහිදි පෙන්වා දුන්නාය. 



අදහස් (0)

කොරෝනාවෙන් පසුබැස්ස සංචාරක කර්මාන්තය නංවාලීමේ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site