
කොරියානු මෝටර් රථ සමාගමක් වන ‘කියා’(KIA) මෝටර් රථ සමාගමේ නවතම සුඛෝපභෝගී මෝටර් රථය (එස්.යූ.වී) වන ‘සෙල්ටෝස්’ (Seltos) රථය කොළඹදී එළිදක්වන ලදී.
ශ්‍රී ලංකාවේ පළමු කියා සෙල්ටෝස් මෝටර් රථය මිලදී ගත්තේ සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ය. මෙම අවස්ථාවට සුපිරි පිතිකරුවකු වූ හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර මහතා ද එක්විය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී නව මෝටර් රථය ඊයේ (6) පස්වරුවේ එළිදැක්විණි.

2020 කියා සෙල්ටෝස් රථය අශ්වබල 140ක් උත්පාදනය කරන ලීටර 1.4ක ටර්බෝ ආරෝපිත පෙට්‍රල් එන්ජිමකින් සමන්විත වේ. වේග 7 ක ද්විත්ව ක්ලච් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණයෙන් යුක්ත මෙම රථය තුළ පුළුල් ඉඩකඩ පහසුකම්වලින් සමන්විත වන අතර අතිනවීන පහසුකම්වලින් පරිපූර්ණ වන ලෙස නිෂ්පාදනය කර ඇත.
ශක්තිමත් සෘජු පෙනුම සහ ඉහළ ග්‍රවුන්ඞ් ක්ලියරන්ස් ගුණාංග හේතුවෙන් සෙල්ටෝස් රථය එම පන්තයේ අනෙකුත් සුඛෝපභෝගී රථවලට වඩා ඉදිරියෙන් සිටින බව එම සමාගම කියයි. මෙම නව මෝටර් රථයේ අභ්‍යන්තරය උසස් තක්ෂණයෙන් අනූන ය.
කියා සෙල්ටෝස් රථය පරීක්ෂණ ගණනාවකට ලක් කර ඇති අතර එන්ජින් වර්ග දෙකකින් සමන්විතය. මෙම රථයේ ඇති විශේෂ ගුණාංග හේතුවෙන් එහි ප්‍රමාණය සහ පන්තියට සාපේක්ෂව ‘ඕෆ් රෝඞ්‘(off-road) හැකියාවෙන් ද සමන්විතය.
මෙම මෝටර් රථය ද ඇතුළුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයේදී කියා සමාගම මෙරට වෙළෙඳපොළට සුඛෝපභෝගී මෝටර් රථ තුනක් හඳුන්වා දී ඇත.
සෙල්ටෝස් මෝටර් රථයේ ශක්තිමත් බඳෙන් සියයට 61ක් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත ශක්තිමත් වානේවලින් නිර්මාණය කර තිබේ.
ධාවනයේදී ‘සාමාන්‍ය’, ‘ඉකෝ’ හෝ ‘ස්පෝට්ස්’ හෝ යන විකල්ප තත්ත්ව තුනෙන් එකක් තෝරාගත හැකි අතර ධාවන තත්ත්ව සඳහා අවශ්‍ය ධාවන අත්දැකීම ලබාදීම අවශ්‍ය අනන්‍ය තත්ත්වලින් මෙම මෝටර් රථය නිර්මාණය කර ඇත.

මෙම රථය වෙළෙඳපොළේ තිබෙන මෙම පන්තියේ රථවල අභ්‍යන්තරයට වඩා වැඩි ඉඩකින් සමන්විතය. මෙම රථය තුළ බඩු භාණ්ඩ රැගෙන යාමට තිබෙන ඉඩ ප්‍රමාණය ද අවශ්‍ය පරිදි වැඩිකර ගැනීමට හැකිවන අයුරින් නිෂ්පාදනය කර ඇත.
මෙම රථයේ තිබෙන ‘රෙයාර්-රික්ලයිනින්’ (rear-reclining) පහසුකම නිසා පසුපස අසුනේ සිටින මගීන්ට ඉඩකඩ පුළුල් කරගත හැකි අතර පිටුපස කිසිවකු නොමැති අවස්ථාවල පිටුපස අසුන් නවා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යා හැකි පරිදි සකස් කරගැනීමේ හැකියාවද පවතී.
මෙම රථය රුපියල් මිලියන 6.9ත් රුපියල් මිලියන 7.6ත් අතර මුදලකට නියම කර ඇත. කියා සමාගම මෙම මෝටර් රථයට වසර පහක හෝ කිලෝමීටර 150,000ක වගකීමක් ද ලබා දේ.
කියා මෝටර්ස් (ලංකා) සමාගම 1996 වසරේ සිට ‘කියා’ සන්නාමය මෙරට නියෝජනය කරන අතර පසුගියදා ආයතනික ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් ද කළේය. ඒ අනුව රුපියල් මිලියන 800ක ආයෝජනයකින් මාලඹේ ඉදිකළ මධ්‍යස්ථානය, අනුබද්ධ ආයතන, අලෙවි, සේවා සහ වාහන අමතර කොටස් අලෙවිසැල් සම්බන්ධීකරණය කරන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි.
055
(ඡායාරූප - ළහිරු හර්ෂණ)






2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘කියා නවතම මෝටර් රථය හඳුන්වාදෙයි‘‘