IMG-LOGO

කොමර්ෂල් බැංකුවෙන් රු. බි. 15ක හරිත බැඳුම්කර නිකුතුවක්

භානුක අමරසිංහ 


මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය ජනවාරි 30 වැනිදා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ. 

මෙහිදී බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි හරිත බැඳුම්කරයක් ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. එසේම මෙය ශක්‍ය නොවන හුවමාරු විශේෂාංගය සහිතව නිකුත් කෙරෙන බවත් බැංකුව පවසයි. 

ඒ අනුව පළමු අවස්ථාව ලෙස හරිත බැඳුම්කර මිලියන 100 ක් නිකුත් කරන බව බැංකුව පවසයි. එහිදී එක් කොටසක් රුපියල් 100 ක් බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10 කි. මෙම බැඳුම්කර වසර 5 කින්, වසර 7 කින් සහ වසර 10 කින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සැලසුම වී ඇත. 

මෙම නිකුතුවට හිමිවන අධි ඉල්ලු‍මත් සමගින්ම තවත් බැඳුම්කර මිලියන 50 ක් නිකුත් කිරීමටත් බැංකුව සැලසුම් කර ඇත. එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 5 කි. 

මේ අතර, කොමර්ෂල් බැංකුව පසුගිය වසරේ අගෝස්තු 30 වැනිදා සිදුකළ නිවේදනයකට අනුව සැලසුම් කළ රුපියල් බිලියන 5 ක් වටිනා බැඳුම්කර නිකුතුව සිදු නොකරන බව බැංකුව සඳහන් කරයි.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් රු. බි. 15ක හරිත බැඳුම්කර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site