කැනඩාවේ කෘෂිකාර්මික අංශය නියෝජනය කරමින් දූත කණ්ඩායමක් අද (27) මෙරටට පැමිණීමට නියමිත බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. ඔක්තෝබර් 31 වැනිදා දක්වා මෙම කණ්ඩායම මෙරට රැඳී සිටියි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ එකමුතුවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරී තිබේ.
දින පහක් පුරා ක්‍රියාත්මක මෙම දූත මෙහෙයුමේදී කෘෂිකර්මාන්තය, කෘෂි-ආහාර සහ කෘෂි තාක්ෂණය යන අංශ තුළ ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණ වී තිබේ. එසේම කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ඵලදායිතාව, සුහුරු කෘෂිකර්මාන්තය, දේශගුණික
විපර්යාස දරා ගැනීමේ හැකියාව යන කරුණු පිළිබඳවද අවධානය යොමු කරයි.
මෙම දූත කණ්ඩායම තුළ ප්‍රතිපත්ති සම්පාදකයන්, අධ්‍යාපනවේදීන් සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වන බව පැවසෙයි. ඔවුන් සම්බන්ධ වන ක්‍රියාකාරකම් කොළඹ, නුවර සහ යාපනය යන නගර තුළ සංවිධානය වෙයි. එහිදී වැඩමුළු සහ සම්මන්ත්‍රණ මාලාවක් ඇතුළු වැඩසටහන් පැවැත්වෙන බව සඳහන් වෙයි.
“මෙම කණ්ඩායම් මගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂිතතාව සහ ගොවීන්ගේ ජීවනෝපාය ආරක්ෂා කරගනිමින් යැපුම් ගොවිතැනක සිට වඩාත් දියුණු ඵලදායිතාවක්, දරා ගැනීමේ හැකියාවක්, අගය එකතු කිරීමක් සහ අපනයන තරගකාරීත්වයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරනවා’’ ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
2025 නොවැම්බර් මස 04
358
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනේඩියානු කෘෂිකාර්මික දූත කණ්ඩායමක් අද ලංකාවට