IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කනෙක්ට් ටු ලර්න් අධ්‍යාපනික වැඩසටහන බදුල්ලේදී

එරික්සන් සමාගම, මොබිටෙල් ආයතනය හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය එක්ව සිදුකරන “කනෙක්ට් ටු ලර්න්” අධ්‍යාපනික වැඩසටහන විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් විවෘත විය.

එය අර්ත් ඉන්ස්ටිටියුට්, එරික්සන් සහ මිලේනියම් ප්‍රොමිස්  යන පාර්ශ්ව එක්වී නිර්මාණය කර ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගනිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත විසිඑක් වන සියවසේ දියුණු අධ්‍යාපන පහසුකම්වලට සමීප කරවීම මෙහි අරමුණ බව වැඩසටහනේ කළමණාකාරීත්වය කියයි. මේ යටතේ බදුල්ල විවෘත විශ්ව විද්‍යාලයේ භාවිතා කෙරෙන තාක්ෂණය උපයෝගී කරගනිමින් ගැහැනු දරුවන්ට සහ ගුරුවරුන්ට නව සහස‍්‍රයේ අධ්‍යාපන උපාංග හා සම්පත් ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

ලොව පුරා විසිරී ඇති පාසල් සමග සම්බන්ධ වී සහයෝගී අධ්‍යාපනය, අන්තර් සංස්කෘතික අවබෝධතාව සහ ලෝක මට්ටමේ දැනුම ආදිය ලබාගැනීමේ හැකියාව පවතී. අධ්‍යාපනයේ දියුණුව සඳහා තාක්ෂණය භාවිතා කිරීම මෙහි පාර්ශවකරුවන්ට ඇති පොදු අරමුණක් බව කළමණාකාරීත්වය පවසයි.

වර්තමාන රජය තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයක් සදහා පවතින ක්‍රමය නැවත සකස් කිරීමට  ප්‍රමුඛත්වය ලබා දෙන බවත් එමගින් රටේ තාරුණ්‍යය 21 වන  සියවස සදහා සුදානම් කරන බවත් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු  මහතා මෙහිදී පැවසීය.

“රටේ වග කිවයුතු ආයතන හැටියට ක්‍රියාකරමින් ජාතිය ගොඩනැගීමේ මෙවන් කාර්යකට සම්බන්ධවීම ගැන මම මෙම ආයතනවලට සුබ පතනවා. අපගේ දැක්ම ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන්ගේ ජිවන මාර්ග ධනවත් කිරීමයි.රටේ පවතින ඩිජිටල් පරතරය අඩු කළ යුතුයි. ඒ සදහා විවිධ හදුන්වාදීම් සහ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නුතන තාක්ෂණය පහළම මට්ටමේ සිට සිටින අයට ලබාදීම අප කටයුතු කරනවා. අප විශ්වාස කරන්නේ අධ්‍යාපනය හා සමානාත්මතාවය රටේ සිටින සෑම ජන කොටසකටම අයිති දෙයක්.මෙම වැඩසටහන විකල්පයකින් තොරව රැකියා අවස්ථා ලබා දෙන අතර ගැහැණු දරුවන් සවිබල ගැන්වීමෙන් අපිට ජාතිය ද සවිබල ගැන්වීමට හැකියි“යැයි ඒ මහතා කීවේය.

 

-042



අදහස් (2)

කනෙක්ට් ටු ලර්න් අධ්‍යාපනික වැඩසටහන බදුල්ලේදී

Abdul Shakoor Thursday, 16 March 2017 06:37 AM

ගූඩ් වොර්ක්

:       5       1

Rasika Monday, 20 March 2017 12:18 AM

හොදයි හොද වැඩක්.

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 201 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1065 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site