IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘කොටස් වෙළඳපොළ යළි යථා තත්වයට ගෙනඑනවා‘

(නාලක සංජීව දහනායක)
 
කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

 
කිසිම හේතුවක් මත කිසිඳු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවද ඔහු කීය.
 
කොළඹ කොටස් වෙළඳපොළේ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවසීය.
 
අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය වසර හතරහමාරක කාලය තුළදී රට වසර 15ක් ආපස්සට ගමන්ගත් බවය.
 
පැවැති රජයේ අකාර්‍යක්‍ෂම පාලනය හේතුවෙන් විනාශ වූ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට වත්මන් රජය කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
පසුගිය වසර හතරහමාරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳපොළ බරපතල අන්දමින් කඩා වැටීමකට ලක්වූ බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසාදමා ඇතැයිද මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිව තිබෙන බව එහිදී නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ.
 
කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වාගැනීම සඳහාත් සේවක අර්ථසාදක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජන සඳහා යොමුකළ යුතු බව මෙහිදී එම සමාගම් අවධාරණය කළහ.
 



අදහස් (22)

‘කොටස් වෙළඳපොළ යළි යථා තත්වයට ගෙනඑනවා‘

Chanakya Tuesday, 21 January 2020 05:38 PM

කොටස් වෙළඳපොල ගොඩනැගිල්ලක් විතරක් නම් දියුණු කරන එක අදාල වෙනවා. සල්ලී වියදම් කරලා කොටස් මිලදී ගන්න වෙන හේතු බලපානවා. දේශපාලුවන්ට බොරුවට කතා කරන්න පුළුවන්, කොටස් බලෙන් විකුනන්න බැහැ. මෝඩයෝ විතරක් මේ කතා විස්වාස කරාවි.

:       1       411

NanaSaturday, 25 January 2020 03:51 PM

ඉතා හරි. ආර්ථික ස්ථාවරභාවය හා මූලික ප්‍රතිපත්ති නිවැරදි නොකර කොටස් වෙළඳපළ දියුණු කරන්නේ කොහොමද? ඔබතුමාගේ දක්ෂතාවය සුදුසු අය යොදා වැඩ ගැනීම. යුද්ධයේදී එය කළා. එ්ත් ආර්ථික ප්‍රතිපත්ති දන්නා කෙනෙකුගෙන් අසා කරන්න. කිසිම හේතුවක් නිසා පුද්ගලිකරණය නොකරනවා කියනකොටම එ්කේ වැරැද්දක් තියෙනවා. ඔබ ලබාගත් ගෞරවයත් නැතිකර ගන්න එපා.. දන්නා අයගෙන් අහන්න..

:       108       118

GuneTuesday, 28 January 2020 11:12 AM

නිසැකවම මේක ගොඩනැගිල්ලක් කියල තමයි හිතලා තියෙන්නේ. ඇයි, "කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපල" කියලත් තියෙනවනේ.

:       0       6

Chathuri Tuesday, 21 January 2020 10:15 PM

මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ මාරුවෙන් මාරුවට ඇවිත් රට සංවර්දනය කරනවා කියලා තියෙන ටිකත් කලා යන්නේ , පුදුම වැඩේ කියන්නේ අපේ රටේ විතරයි මේ සෙල්ලම හැම දුප්පත් රටක්ම බලන් ඉද්දි දියුණු වෙනවා , අවරුදු පහෙන් පහට අපේ රට අගාදෙට යනවා හැම නායකයාම යන්නේ කොරහත් බිදගෙන.

:       0       151

sapumal Wednesday, 22 January 2020 04:26 AM

බයවුණා, කවුද මෙහෙම කියන්නේ කියලා. කොටස් වෙළදපල නැත්තටම නැති කලේ කව්ද දන්නේ නැහැ නේද?

:       258       523

sapumalThursday, 23 January 2020 12:15 PM

බලන්න මේ අදහසට ඇවිත් තියෙන ඩිස්ලයික් ගාන, ලංකාවේ ඉන්නේ කොයි තරම් මෝඩයින්ද? කවුරු මහජන ධනය කොල්ල කෑවත් විරුද්ධ වෙන්න පුරුදු වෙන්න.

:       0       137

sam Wednesday, 22 January 2020 06:24 AM

ආයෙමත් සැරයක් කාගේ හරි බංකොලොත් වෙන්න යන කොම්පැනියකට අර්ථසාධක එකේ සල්ලි ටික යට කරලා ගේමක් දෙන්න යනවා නේද ??

:       0       270

rana Thursday, 23 January 2020 05:43 AM

වෝහාරික වාර්තාවේ පරිදිද ?

:       0       150

kotas brokar Thursday, 23 January 2020 08:22 AM

කොටස් වෙළඳපලෙන් නේද එ්කේ ලොක්කෙක් මිලියන ගණනක් පුතණ්ඩියාට තෑගි දුන්නා කිව්වේ? එ්ක ගැන පාසල් ළමුන්ට කියා දෙන්න කියලා... එ්කට මොකද වුනේ...?

:       0       185

ඉන්දික Thursday, 23 January 2020 11:05 AM

යුද්දෙ ඉවර කරපු මෙතුමාට ඕකත් කජ්ජක්ද? කියලා හිතන මිනිස්සු තමයි මේ රටේ වැඩි හරියක් ඉන්නේ...

:       0       57

sapumalThursday, 23 January 2020 12:06 PM

ඔයා කියන්නේ යුද්දේ ඉවර කළා වගේ කොටස් වෙළඳපලත් ඉවර කරන්න (නැවත) මෙතුමාට කජ්ජක් නෙමෙයි කියලද?

:       0       139

Rohana Thursday, 23 January 2020 01:26 PM

රජයක් මැදිහත් වෙලා කෙලින්ම කොටස් වෙළඳපොල දියුණු කරන්න පුළුවන්ද? කොටස් වෙළඳපොල දියුණු කරනවා කියන්නේ ආයෝජන ප්‍රවර්ධනයේ දිගුකාලීන ක්‍රියාවලියක්. රජයේ ප්‍රතිපත්ති අනුව දෙස් විදෙස් ආයෝජන ඉහළ ගොස් සියලු සමාගම් ලාභ ලබන සමාගම් බවට පත්විය යුතුයි. ලංකාව පසුගිය කාලයේ දෙස් විදෙස් ආයෝජන වර්ධනය නොවූ අතර බොහෝ සමාගම් පාඩුලබන තත්වයට පත්විය. ආයෝජකයින් කොටස් වෙළඳපොලේ ආයෝජනය නොකළ අතර ආයෝජන ඉවත්කර ගැනීමක්ද සිදුවිය. එමගින් සියලු කොටස් මිල දර්ශකය පහත වැටුණි.

:       0       27

Rata Perata Friday, 24 January 2020 10:52 AM

මෙයා දන්න කොටස් වෙළඳපොල. මේ අය දන්නේ තමන්ට ලැබෙන කොටස් ගැන විතරයි.

:       0       215

MaheeTuesday, 28 January 2020 12:29 AM

අන්න ඒ කතාව නම් අපුරුයි.

:       1       82

Chandra Friday, 24 January 2020 02:45 PM

අපි හිනාවෙමුද මේ ජෝක්වලට...?

:       0       113

suhail Monday, 27 January 2020 06:45 AM

අර්ථ සාධක අරමුදල් ආයෝජනය කිරීමෙන් වෙන්නේ ඒකත් නැති වීමයි.

:       0       5

mahinda Monday, 27 January 2020 11:26 AM

EPF එකේ ඉතුරු ගාණටත් කෙළියිද?

:       0       136

Sagara Edirisinghe Tuesday, 28 January 2020 03:37 AM

කරුණාකර අර්ථසාධක අරමුදල් වලට අත තියන්න එපා. මේවගේ තියෙන්නේ රටේ වැඩකරන මිනුසුන්ගේ දාඩිය මහන්සිය.

:       0       115

lalithm Friday, 31 January 2020 03:02 AM

ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් ද ෆිනෑන්ස් එකේ ආයෝජනය කරන්න ගිහින් කී දෙනෙක් කරදරේ දැම්මද ? අයිමත් ඒ සෙල්ලමට බහින්න වගෙයි. අපි ආණ්ඩු පත් කරගන්නේ අපේ සල්ලි කොල්ල කන්න දෙන්නද?

:       0       0

Chathuri Friday, 31 January 2020 03:08 PM

කොටස් වෙළඳපොළයි, රටයි යථා තත්වෙට එනකම්... මේවා විනාශ කරපු අය ජීවත් වෙලා ඉඳීද? දැන් තේරෙනවා ඇති, විනාශ කරන්න යන්නේ තත්පර ගානයි, ඒවා නැවත ගොඩගන්න මැරිලා ඉපදෙන්න ඕනෑ බව. අපේ කරුමේ... රට සුන්දර වුණාට වැඩක් නැහැ. නායකයින් යම රජ්ජුරුවන් නම්...

:       0       0

Don Saturday, 01 February 2020 03:30 AM

අර පරණ බැංකු ලොක්කට කියලා නම් යථා තත්වයට පත්කරන්න බැරිවේවි.. හොරා කන නිසා. කොහොමහරි ඇමරිකන් ඩොලර් එක නම් 183 න් පහළට දාගන්න බැරි වේවි...

:       0       1

P. de. silva -North America Saturday, 01 February 2020 05:54 PM

කොහොමත් නැවත කොටස් වෙළඳපොලේ තියා ඉතුරු කොටසුත් ඩුබායි සීෂෙල්ස් වැනි රටවල කොටස් නම් තර වෙයි. මොකද පවුලේ කොල්ලෝ තුන් දෙනත් විවාහවෙලා ඒ පවුලත් ලොකු වෙනකොට තව අනාගත කොටස් වෙළඳ පොළ තර කළ යුතුමයි. රජ පවුලනේ. රටේ වාසියට මොනවා වුනත් ඔවුන් හට "සැපනේ…"කලින් පාරත් රුපියලේ අගය ස්ථාවර කර තබන්න. හොඳ ආර්ථිකයක් සහ හොඳ කොටස් වෙළඳපොලක් කර ගන්න. ජල්තර කොට රටේ මුදලුත් පිට කොට අවසානයේ අනාගත්ත නොවේද ? ආණ්ඩුව කිරීමට පවා මුදල් නැතුවනේ පරාද වුනේ. අවසානයේ කියන්න තියෙන්නේ දැන් සැපද ? ගුණද ? ජයද කියාය. ඡන්දය දුන් අය පව්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 426 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 148 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 41 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 25 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 324 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site