IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළඳපොළේ නැවතත් ප්‍රගතියක්

පෙබරවාරි මාසය ආරම්භයේ සනිටුහන් කරන ලද පසුබෑම ආපසු හරවමින් දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ නැවතත් ප්‍රගතියක් පෙන්නුම් කළේය. ඊයේ (පෙබ 13) ගනුදෙනුවල දී මිලදී ගැනීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකි විය. නැවතත් සියලු කොටස් මිල 16,500 දක්වා සමිප විය. මෙදින සමාගම් 32 ක් 2024 අවසාන කාර්තුවේ මුල්‍ය වාර්තා විනිමය හා සුරැකුම් කොමිසමට ඉදිරිපත් කරන ලද අතර ඉකුත් දිනදෙක තුළ වාර්තා 54ක් නිකුත්වීම ද දැක්විය හැකිය.

ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,578.22 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 232.92 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,946.60 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 54.14 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

මෙහෙයවන ලද ගනුදෙනු 18,280 ක් වාර්තා වූ අතර එහි දී සමාගම් 192 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 45 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 3.58 ක් විය. විදේශ සහභාගීත්වය ද එපමණ දියුණ තත්වයක නොතිබුණි. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය (පෙබ 12) රු. බිලියන 5,821 ක් බව සටහන්ව තිබුණි. 

ඇම්බයන්ස් කැපිටල් රු. මිලියන 408 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 172 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 131 ක්, සියෙරා කේබල් රු මිලියන 116 ක්, සී. අයි. සී. නිශ්ඡන්ද රු. මිලියන 111 ක් සහ රීල් ප්‍රොපටීස් රු. මිලියන 95 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 

ඉන්ඩස්ට්‍රිය ඇස්පරගස් ශත පනහක් දක්වා සියයට 25.00 කින්, මුලර්ස් රු.1.40 දක්වා සියයට 16.67 කින්, පැරගන් රු. 11.20 තෙක් සියයට 13.57 කින්, ඊස්ට් වෙස්ට් රු. 15.60 දක්වා සියයට 12.23 කින්, ප්‍රින්ට් කෙයා රු. 68.00 දක්වා සියයට 12.03 හා ලංකා සිලොන් ප්‍රින්ටර්ස් රු. 317.00 දක්වා සියයට 11.22 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය සමාගම් අතර ඉදිරියෙන් සිටියේය. නේෂන් ලංකා ශත විස්සක් දක්වා සියයට 33.33 කින්, එස්.එම්.බී. ෆිනෑන්ස් ශත විස්සක් දක්වා සියයට 33.33 කින්, ඔඩෙල් රු. 11.00 දක්වා සියයට 5.17කින්, මඩොල්සිම වැවිලි රු. 14.50 දක්වා සියයට 3.40 කින්, ආසිරි සර්ජිකල් රු. 12.00 දක්වා සියයට 3.31 කින් සහ බෝගල ග්‍රැපයිට් රු.59.00 දක්වා සියයට 3.28 කින් මිල පහළ ගියේය. 

කොටස් මිල තව දුරටත් වර්ධනය විය හැකි බව පෙනේ. අය වැය පුර්ව විචල්‍යයක් අපේක්ෂා කළ හැකි නමුත් සලකා බලන පසු කෙටි හා දීර්ඝ කාලීන මිල දී ගැනීම් වශයෙන් ආයෝජනයට අවස්ථා තිබේ. 

 



අදහස් (0)

කොටස් වෙළඳපොළේ නැවතත් ප්‍රගතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1132 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site