කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත
ඒ අනුව සඳුඳා, එනම් (11) පෙරවරු 10.30ට කොළඹ වෙළෙඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
උදෑසන 10.30ට පූර්ව සැසියක් ආරම්භ වන අතර උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකක කාලයකට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදු වන්නේ උදෑසන 9.30සිට පස්වරු 2.30 ක් දක්වා පැය පහකට ආසන්න කාලයකි.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සියයට 5කින් පහළ වැටුණොත් වෙළෙඳ කටයුතු මිනින්තු 30කට තාවකාලිකව නවතා දැමීම මීට පෙර සිදුවිණි. ඊට වෙනස්කම් කිහිපයක් එක් කර ඇතැයි ප්‍රකාශකයා කීය.
ඒ අනුව තවත් 2.5% කින් එනම්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 7.2% කින් පහළ ගියහොත් තවත් මිනිත්තු 30ක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
තවත් 2.5% කින් එනම් එම දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු 10 % කින් පහත වැටුණොත් දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇත.
(055)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ
Buddhika P Saturday, 09 May 2020 06:03 PM
මේ සුමානේ තමයි ආණ්ඩුවට ඇසිඩ්-ටෙස්ට් එක හම්බ වෙන්නේ. විශේෂයෙන්ම ගෝඨා සාර්ථක පාලකයෙක්ද නැද්ද යන්න ආයෝජකයෝ දකින විදිය බලන්න පුළුවන්. ගෝඨා රාජ්‍ය පාලකයෙක් හැටියට ගොඩ නගා ගත්ත සාර්ව-ප්‍රතිරුපේ, කොහොම ඇගයීමකට ලක් වෙයිද කියන ප්‍රශ්නේ කාගේත් පපුවේ ඩිග් - ඩිග් ගාල ගැහෙනවා. ආයෝජකයෝ තමයි ලෝකේ අනියම් පාලකයෝ. කොහේ කවුරු මොන තීන්දු තීරණ ගත්ත උනත්, ආයෝජකයෝ මඟ ඇරලා මොකුත් කරන්න බෑ. කොරෝනා ආණ්ඩුව පාලනය කළා නම් කලේ, ලක්-බයි චාන්ස් එක්ක මිසක්, නිවැරදි තීන්දු තීරණ මත නොවේ. සමහර වෙලාවට හුඟක් ව්‍යසන කළමනාකරණ තීන්දු අපේ පුද්ගලික ජීවිතේ උනත් ඒ වගේ. අපි බලමු වාසනාව ගෝඨා පැත්තේද නැද්ද කියල. තවත් දෙයක් තියෙනවා, කොටස් වෙළඳ පල ඇතුලේ ඉන්සයිඩර් ඩීලීන්ස් හුඟක් තියෙනවා. මුලික ආයෝජකයෝන්ට අතයට ප්‍රතිලාභ හුඟක් ලැබුනොත්, අපි කවුරුවත් දන්නේ නැති. උන් කොහෙවත් යන්නේ නෑ. මොකද කොටස් වෙළඳ පල තමයි ලෝකේ තියෙන ලොකුම සූදු පොළ.
rana Sunday, 10 May 2020 07:09 AM
බයියෝ දන්නා කොටස් වෙළඳපොල..., ඕක කොස් විකුණන තැනක් නොවේ... !