IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොටස් මිල දර්ශක පැරුණි සීමාවලට ළගාවන ලකුණු

පළාත් පාලන ඡන්දය හේතුවෙන් අද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පස්වරු 12.30 තෙක් පමණක් සීමා කෙරෙනු ඇත. මැතිවරණ පූර්ව මිල දී ගැනීම් ඊයේ (මැයි 05) නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ වෙළෙඳ පොළ හැසිරෙන ආකාරය අනුව ඇතැම්විට සියලු කොටස් මිල දර්ශකය ඉකුත් මාර්තු මාසයේ මැද තිබුණ වාර්තාගත ස්ථානය කරා ළඟාවීමට ඉඩ තිබේ. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,916.69 ක් වූ අතර එය දර්ශක 64.95 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,664.82 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 26.53 ක පිරිහීමක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 15,268 ක් වාර්තා වූ අතර සමාගම් 139 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 87 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,982.99 කි. 

ජෝන් කීල්ස් රු. මිලියන 281 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 98 ක්,  පෑන් ඒෂියා රු. මිලියන 78 ක්, වැලිබල් වන් රු. මිලියන 67 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 66 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 63 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන  56 ක්, පැරක්වෙට් රු. මිලියන 52 ක් සන්ෂයින් හෝලිඩිං රු. මිලියන 47 ක් සහ ඩී.එෆ්.සී.සී. කේබල් රු. මිලියන 47 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම්  අතර තිබුණි. 

 



අදහස් (0)

කොටස් මිල දර්ශක පැරුණි සීමාවලට ළගාවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site