IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොටස් මිල දර්ශකවලින් පෙන්වන්නේ කුමක්ද?

කොටස් වෙළෙඳපොළේ ආයෝජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සකස්කළ ලිපියකි.
කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයක් යනු කොටස් වෙළෙඳපොළක ක්‍රියාකාරීත්වය මනිනු ලබන සංඛ්‍යාත්මක නිර්ණායකයකි. වෙනත් ආකාරයකින් කිවහොත් කොටස් වෙළෙඳපොළ උච්චාවචනය මැන බැලීමට යොදා ගන්නා නිර්ණායකයකි. 
කොටස් වෙළෙඳපොළක් විසින් විවිධ කොටස් මිල දර්ශක සකස් කරනු ලබන අතර කොළඹ කොටස් හුවමාරුව විසින් ගණනය කරනු ලබන ප්‍රධාන මිල දර්ශක දෙක වශයෙන් සියලු‍ කොටස් මිල දර්ශකය සහ S&P SL 20  යන මිල දර්ශක හැඳින්විය හැකිය. මෙම මිල දර්ශක දෙක ආවරණය, සංයුතිය, අරමුණ සහ බරතැබීම අනුව එකිනෙකට වෙනස් වේ. එම මිල දර්ශක දෙකෙහි පවතින වෙනස්කම් පහත පරිදි පෙන්වා දිය හැකිය. 
සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI)  
සියලු‍ කොටස් මිල දර්ශකය යනු කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත සමාගම් සියල්ලේම කොටස් මිල ගණන්වල ඉහළ / පහළ යාම සාමාන්‍යයක් වශයෙන් පෙන්වන මිල දර්ශකයයි. මෙය සමස්ත කොටස් මිල දර්ශකය වශයෙන්ද හඳුන්වනු ලබයි. 
ආවරණය: කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සියලු‍ම සමාගම්වල කාර්ය සාධනය එමගින් නියෝජනය කරයි.
සංයුතිය: කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු වන සෑම සාමාන්‍ය (ඡන්ද බලය සහිත සහ රහිත) කොටසක්ම ASPI හී ඇතුළත් වන අතර, එය පුළුල් පාදක දර්ශකයක් බවට පෙන්වා දිය හැකිය. 
අරමුණ: කොටස් වෙළෙඳපොළෙහි සමස්ත කාර්ය සාධනය පිළිබිඹු කරන අතර සමස්ත වෙළෙඳපොළ උච්චාවචන පිළිබඳ සවිස්තරාත්මක දැක්මක් සපයයි.
බර තැබීම: එය සාමාන්‍යයෙන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මත තබා ඇති දර්ශකයකි, එයින් අදහස් වන්නේ විශාල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් ඇති සමාගම් සියලු‍ කොටස් මිල දර්ශකයට වැඩි බලපෑමක් ඇති කරන බවයි.
S&P SL 20 20 දර්ශකය:
ආවරණය: වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය (සමාගමක විශාලත්වය), ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය ප්‍රාග්ධනීකරණය මත පදනම්ව CSE හි ලයිස්තුගත කර ඇති ඉහළම සමාගම් 20 නියෝජනය කරයි.
සංයුතිය: කොටස් වෙළෙඳපොළෙහි වඩාත්ම සක්‍රීයව ගනුදෙනු වන ප්‍රබල සමාගම් 20ක කොටස් S&P SL 20  මිල දර්ශකයෙහි අන්තර්ගත වේ. 
අරමුණ: කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත ප්‍රමුඛ සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ පදනමක් ලෙස පෙන්නුම් කරන සහ සහ මහා පරිමාණ, ඉහළ ද්‍රවශීලතාවකින් යුත් කොටස්වල හැසිරීම් පිළිබඳ අවබෝධයක් ලබා දීම අරමුණ වේ. 
බර තැබීම: තෝරාගත් සමාගම් 20ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මත බර තබා ගණනය කරනු ලබන අතර S&P Dow Jones Indices  වැනි අනතර්ජාතිකව පිළිගත් කොටස් මිල දර්ශක ගණනය කරනු ලබන ආකෘතියට යටත්ව ගණනය කරනු ලබයි. 
මෙම මිල දර්ශකය සඳහා අදාළ සමාගම් 20 තෝරාගනු ලබන්නේ සමාගම්වල විශාලත්වය (වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාවය (ගනුදෙනු සිදුවන වේගය) සහ ලාභදායීත්වය යන සාධක පදනම් කරගෙනය. මෙම සමාගම් Blue Chip  සමාගම් ලෙස ද සැලකිය හැකිය. Blue Chip  සමාගම් වශයෙන් හඳුන්වනු ලබන්නේ කාර්යසාධනය අතින් ඉහළ සමාගම්ය.
මෙම සමාගම් 20 ට අමතරව කොටස් වෙළෙඳපොළේ තවත් Blue Chip   සමාගම් දැකිය හැකිය. ASPI සැලකිය යුතු ලෙස ඉහළ ගොස් S&P SL20  මිල දර්ශකය සැලකිය යුතු ලෙස පහළ වැටුණහොත් එයින් පෙන්නුම් කරනු ලබන්නේ Blue Chip  සමාගම්වල මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවකි. එමෙන්ම ASPI සැලකිය යුතු ලෙස පහළ ගොස් S&P SL20  මිල දර්ශකය සැලකිය යුතු ලෙස ඉහළ නැගුණහොත් එයින් පෙන්නුම් කරනු ලබන්නේ Blue Chip  සමාගම්වල කොටස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ නගින බවකි. කොටස් වෙළෙඳපොළේ හොඳම හැසිරීම නම් මිල දර්ශක දෙකම එක ලෙස ඉහළයාමයි. මිල දර්ශක දෙක වෙනස්ව ඉහළ/පහළ යයි නම් හෝ මිල දර්ශක දෙකේ ඉහළ/පහළයාමේ අගයයන් සැලකිය යුතු ලෙස වෙනස් නම් ඒ පිළිබඳ හැදෑරීමක් කිරීම ආයෝජකයකුට වැදගත්ය. 
කොටස් මිල දර්ශකවල ඉහළ හෝ පහළයාමෙන් පිළිබිඹු කරනුයේ ලයිස්තුගත සමාගම්වල කොටස් සඳහා ඇති ඉල්ලු‍ම හා සැපයුමේ තත්වයන්හී ඇති වන්නාවූ වෙනස්කම්ය. සාමාන්‍යයෙන් කොටසක මිල ඉහළ හෝ පහළයාමට අදාළ සමාගමේ කාර්යසාධනය, රටේ ආර්ථික, දේශපාලන, තත්වය මෙන්ම අප රටට බලපෑම් කළ හැකි විදේශීය වශයෙන් ඇති වන්නා වූ තත්වද හේතු විය හැකිය. ඒ අනුව ආයෝජකයකු තේරුම්ගත යුතු කරුණක් වන්නේ රටකට සමස්තයක් ලෙස බලපෑ හැකි සාධක ASPI කොටස් මිල දර්ශකයට මෙන්ම S&P SL20  මිල දර්ශකයට ද සමානව බලපෑම් කළ හැකි බවය. එවැනි අවස්ථාවක කොටස් මිල දර්ශක දෙකම එක් දිශාවකට ගමන් කිරීමක් දැකගත හැකිය. 
S&P SL20 මිල දර්ශකය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ASPI පහළ වැටේ නම් ආයෝජකයන් කලබලයට පත් විය යුතු නැත. මක්නිසාද යත්, කාර්යසාධනත්වයෙන් ඉහළ සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇති බව S&P SL20  මිල දර්ශකය ඉහළ යාමෙන් පෙන්නුම් කරන බැවිනි. එහෙත් ASPI ඉහළ ගොස් S&P SL20  මිල දර්ශකය සැලකිය යුතු ලෙස පහළ වැටේ නම් ආයෝජකයන් ඉතා බුද්ධිමත්ව ආයෝජනය කළ යුතුය. මක්නිසාද යත්, ඉහළ කාර්යසාධනයක් සහිත සමාගම්වල කොටස් මිල ගණන් පහළ වැටෙමින් පවතින බව S&P SL 20  20 මිල දර්ශකය පහළයාමෙන් පෙන්නුම් කරන බැවිනි. 
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නකුට සෑහීමකට පත්විය හැකි ප්‍රතිලාභයක් ලබාගැනීමට නම් නිවැරදි ආයෝජන තීරණ ගැනීමත් ඒ සඳහා නිවැරදි තොරතුරුත් අවශ්‍ය වේ. ඒ අනුව කොටස් මිල දර්ශකවල හැසිරීම්වලින් ආයෝජකයාට දෙන තොරතුර / පණිවිඩය ඉතා වැදගත්ය. එම කොටස් මිල දර්ශකවල අගය එකම දිශාවකට ගමන් කරන්නේද, එකක් ඉහළ ගොස් අනෙක් මිල දර්ශකය පහළ යන්නේද, ඊට කුමන හේතු බලපා ඇත්ද යන්න තොරතුරු විමසා ආයෝජනය කිරීම වැදගත්ය. එසේ කිරීමෙන් ඔබගේ ආයෝජන කළඹේ වටිනාකම ආරක්ෂා කර ගැනීමට සහ වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ. එසේම ආයෝජනයේ පවතින අවදානම තවදුරටත් අවම කර ගැනීමටත් හැකියාව ලැබේ. 
සමහර ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ හැසිරීම, කොටස් මිල දර්ශකවල හැසිරීම පිළිබඳව කිසිදු තැකීමකින් තොරව, ඉහත කී ආකාරයේ නිසි විමසා බැලීමකින් තොරව හැඟීම්වලට යට වී තම ආයෝජන තීරණ ගන්නා අවස්ථා බහුලව දැකිය හැකි අතර කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී එය කිසිසේත්ම අනුගමනය කළ යුතු පිළිවෙතක් නොවේ. වඩාත් සුදුසු දෙය වන්නේ ASPI සහ S&P SL20  යන මිල දර්ශකවල සිදුවන්නා වූ වෙනස්කම් හඳුනාගනිමින් එම මිල දර්ශකවල වෙනස්වීම් වලින් දෙන පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයෙන් සිට තම ආයෝජන තීරණ ගැනීමයි. 



අදහස් (0)

කොටස් මිල දර්ශකවලින් පෙන්වන්නේ කුමක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 45 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 33 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 18 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 34 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 15 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 144 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1314 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 338 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site