IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොටස් මිලියන 364ක් හුවමාරු වූ දිනයක් බවට වාර්තා වේ

කොටස් මිල දී ගැනීම සඳහා දිනයේ ආරම්භයේ සහ පසුව මධ්‍යහ්නයේ පැවැති ප්‍රවණතා පරාජය කරමින් ගනුදෙනු අවසන් වන විට විකිණීමේ වුවමනාව ඉහළ ගිය බව ඊයේ ගනුදෙනුවල දී පැහැදිලි විය. අද සිකුරාදා සහ ලබන අඟහරුවාදාට යෙදෙන නිදහස් දින නිවාඩුව හෙයින් අද සහ එළැඹෙන සඳුදා කොටස් වෙ​ෙළඳාම තියුණු ස්වභාවයක් නොගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

පසුගිය වසරේ අවසන් කාර්තුවේ සමාගම් මූල්‍ය වාර්තා නිකුත්වෙමින් පවතින අතර ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් සමාගමේ මුල්‍ය වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් පැය කිහිපයක් එම සමාගමේ කොටස් ගනුදෙනු නතර කිරීම ඊයේ වාර්තා වූ සිද්ධියකි. මෙයට අමතරව ඔනාලි හෝලිඩිං සමාගම සිය කොටස් එකක් සඳහා රු. 1.60 ක ලාභාංශ ප්‍රකාශයට පත් කෙරිණ. ලබන පෙබරවාරි 13 වැනි දින වනවිට කොටස් හිමිකරුවන්ට එම ලාභාංශ හිමිවේ. 
විකිණීමට තිබුණ පෙළඹවීම අනුව ඊයේ ගනුදෙනු අවසානයේ දී දර්ශක සුළු වශයෙන් පහත වැටීමක් සිදුවිය. ගනුදෙනු අවසන් වන විට 17,115.21 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 01.97 ක සුළු පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,126.38 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 0.07 ක ඉතා සුළුවර්ධනයක් සේ  දැක්විය හැකිය. වැඩිම පිරිවැටුමක් හිමි සාර්ථක සමාගම් සඳහා ගනුදෙනුකරුවන් ගේ යම් ඉල්ලුමක් පවතින බව දැක්විය හැකිය. 

දිනයේ පිරිවැටුම රු. බිලියන 7.34 වූ අතර දිනය අවසානයේ දි ගනුදෙනු  35,472 ක් සිදුවී තිබේ. එය කලින් දිනයට වඩා ගනුදෙනු අඩු තත්ත්වයකි. ලැයිස්තුගත සමාගම් 144 ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 105ක කොටස් මිල පහත  වැටිණි. බදාදා (29) දිනයේ දී ද විදේශ විකිණීම් බහුල වූ අතර රුපියල් මිලියන 834 ක ශුද්ධ විකිණීම් විදේශ අංශයෙන් එදින වාර්තා කර තිබුණි. ඊයේ ද විදේශ විකිණීම් ප්‍රවණතාවක් පැවැතිණ. විදේශ ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමට බලපා ඇති පොදු කාරණා ගැන වගකිවයුතු අංශවල අවධානය යොමු කිරීම අවශ්‍යය. 

සිලෝන් ප්‍රින්ටර්ස්, එස්. එම්. බී. ෆිනෑන්ස්, ටීස් ඇග්‍රෝ, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් යන සමාගම්වල කොටස් මිල  ප්‍රතිශතයක් වශයෙන් පහත වැටීමක් වාර්තා වී තිබුණි.  කොන්වෙන්ෂන් පුඩ් ලංකා, ක්‍රයිස්වර්ල්ඩ්, කහවත්ත වැවිලි සමාගම, වස්කඩුව බීච් හෝටලය සම යූ බී. ෆිනෑන්ස් සමාගම්වල කොටස්  වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගියේය. 

ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගමේ කොටස් මිලියන තිස් හයක් හුවමාරු වූ අතර එහි පිරිවැටුම වූ රු. මිලියන 887 වැඩිම පිරිවැටුමට දායක වී තිබුණි.
නිරීක්ෂක



අදහස් (0)

කොටස් මිලියන 364ක් හුවමාරු වූ දිනයක් බවට වාර්තා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site