ගෑස් කටාර්වලින් ආනයනය කෙරෙහි අවධානය යොමුව ඇති බව කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා පැවසීය.
ගල්ෆ් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර මෙම වසර අග භාගයේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් හි සංචාරය කිරීමට සැලසුම් කර සිටින බවත් එහිදී විශේෂයෙන්ම බලශක්ති අංශයට අදාළ වන ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බවත් කීවේය.
මෙය දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වනු ඇති බවත්, බොහෝ දුරට ශ්‍රී ලංකාව විසින් කටාර් දේශයෙන් ස්වභාවික ගෑස් ආනයනය කරනු ලබන පළමු අවස්ථාව මෙය විය හැකි බවත් කරුණාදාස මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්නාරම් වල ගෑස් කවදද එන්නේ (බ)