IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඖෂධ හිඟය විසඳීමට පුළුල් ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි ඇඩ්වොකාටා කියයි

  • රාජ්‍ය මුදල් භාවිතය ක්‍රමවත් කිරීමට අවස්ථාවක්
  • අකාර්යක්ෂමතාව තුරන් කෙරෙන පියවරක්


 විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන බරපතළ ඖෂධ හිඟය විසඳීම සඳහා පුළුල් ප්‍රසම්පාදන නීතියක් පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
අත්‍යාවශ්‍ය ඖෂධ 300 වඩා වැඩි ගණනක ප්‍රමාණවත් තොග නොමැති වීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදවීම් සහ දුර්වල සම්බන්ධීකරණය හේතුවී තිබෙන බවත් එය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධ ගැටලු‍ සෞඛ්‍ය සේවා පද්ධතියට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බවත් ඇඩ්වොකාටා ආයතනය පැවසීය. මෙම ගැටලු‍ මිලියන ගණනකගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවද ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
ශක්තිමත් ප්‍රසම්පාදන නීතියක් හඳුන්වාදීමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්වී වගවීම බලාත්මක වනු ඇති බවත් එමගින් විනිවිදභාවය සහතික කරනු ඇති බවත් ඇඩ්වොකාටා ආයතනය පැවැසීය. තරඟකාරී ලංසු ක්‍රමයක් සහ පැහැදිලි ගුණාත්මක මිනුම් දඬු ප්‍රවර්ධනය කිරීමෙන් අකාර්යක්ෂමතාව තුරන් කිරීමට, දූෂණය අවම කිරීමට සහ රාජ්‍ය මුදල් භාවිතය ක්‍රමවත් කිරීමට අවස්ථාව ලැබෙන බවද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය.
සියලු‍ දෙනාට එක හා සමානව ඖෂධ ලැබෙන බවට සහතික කිරීමටත්, මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බව ඇඩ්වොකාටා ආයතනය අවධාරණය කරයි. 



අදහස් (1)

ඖෂධ හිඟය විසඳීමට පුළුල් ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි ඇඩ්වොකාටා කියයි

M A P Hemachandra Sunday, 19 January 2025 06:38 AM

MSD හා රෝහල් අතර සම්බන්ධතාවයට සැකසූ දත්ත පද්ධතිය හරියට ක්‍රියා කළා නම් ඕක වෙන්නේ නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 89 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site